ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
සිංහල හෝඩිය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

සිංහල හෝඩිය

සිංහල භාෂාවෙන් ලිවීම සඳහා යොදාගනු ලබන සංකේත සමුදාය අක්‍ෂර මාලාවයි. සිංහල අක්‍ෂර මාලාව සිංහල හෝඩිය, සිංහල වර්ණ මාලාව යන නම්වලින්ද හඳුන්වයි. වර්ණ යනු අකුරුවලටම යොදන තවත් නමකි. වර්තමානයේ ව්‍යවාහාරික සිංහල අක්‍ෂර මාලාවේ අකුරු 60 කි. සිංහල භාෂාව පිළිබඳ මහාචාර්යවරුන්, වියතුන් ලෙඛකයන් ආදී විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද එම අක්‍ෂර මාලාව ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප‍්‍රකාශිත සිංහල “ලේඛන රීතිය” නම් කෘතියේ අන්තර්ගත කර ඇත. සිංහල අක්ෂර කලාවේ ආරම්භය කි‍්‍රස්තු පූර්ව යුගයේදී ලියන ලද සෙල්ලිපිවල අන්තර්ගත බ‍්‍රාහ්මීය අක්ෂරයි. ගල්වල කොටන ලද අකුරුවල හැඩතල පරිණාමයට භාජනය වී වර්තමානය වන විට වටකුරු අකුරු බවට පත්ව ඇත. මුල් යුගයේදී භාෂාව ලිවීම සඳහා භාවිත කර ඇත්තේ සීමිත අකුරු ප‍්‍රමාණයක් පමණි. එහෙත් අද වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. දඹදෙණි යුගයේදී එනම් කි‍්‍ර. ව. 13 වන සියවසේදී ලියන ලද සිදත් සඟරාව නම් ග‍්‍රන්ථයේ සිංහල අක්‍ෂර මාලාවක් ගැන සඳහන් වේ. එම අක්‍ෂර මාලාවට ඇතුළත් කර ඇත්තේ අකුරු 30 ක් පමණි. දැනට හමු වී ඇති පැරණිතම ලේඛනගත සිංහල හෝඩිය ද මෙයයි. සිදත් සඟරාවේ අන්තර්ගත හෝඩිය හෙවත් අක්‍ෂරමාලාව ගැන මෙසේ සඳහන් කර ඇත. පණකුරු පසෙක් එද ලුහු ගුරු බෙයින් දස වේ ගතකුරු ද වේ විස්සක් වහරට යුහු සියබසැ සිදත් සඟරා පාඨය අනුව ප‍්‍රාණාක්‍ෂර පහකි. ඒවා දීර්ඝ සහ කෙටි වශයෙන් දහයකි. ගාත‍්‍රාක්‍ෂර විස්සකි. මෙහි දක්වා ඇති පණකුරු පහ මෙසේ ය. ඒවායේ දීර්ඝ පණකුරු ද ඉදිරියෙන් දැක්වේ. අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ මෙම පණකුරු හෙවත් ප‍්‍රාණාක්‍ෂර අතරට අද ව්‍යවහාරයේ පවතින ඇ සහ ඈ යන ස්වර ඇතුළත්කොට නැත. සිදත් සඟරා කතුවරයා එම අකුරු දෙක වෙනම අකුරු දෙකක් වශයෙන් නොසැලකීම එයට හේතුවකි. සිදත් සඟරාවේ දක්වා ඇති ගතකුරු හෙවත් ගාත‍්‍රාක්‍ෂර විස්ස මෙසේ ය. ක ග ජ ට ඩ ණ ත ද න ප බ ම ය ර ල ව ස හ ළ (අ)ං සිදත් සඟරාව නම් ව්‍යාකරණ ග‍්‍රන්ථය ලියා ඇත්තේ කවි ලියන අයගේ ප‍්‍රයෝජනය සඳහාය. කවි ලිවීමේදී යොදා නොගන්නා අකුරු මෙම හෝඩියට ඇතුළත් කොට නැත. සිදත් සඟරා හෝඩිය පොතපත ලිවීමේදී ප‍්‍රමාණවත් නොවේ. ගද්‍ය ලේඛනයේදී එම හෝඩියේ නැති අකුරු ද භාවිත වේ. ඒ නිසා එය තවදුරටත් වර්ධනය කර සකස් කර ගත් හොඩියක් පසුකාලීනව භාවිත විය. එයට අකුරු පනස් හතරක් ඇතුළත් විය. මිශ‍්‍ර සිංහල හෝඩිය යනුවෙන් හඳුන්වන්නේ එම අක්‍ෂර මාලාවයි. පාලි, සංස්කෘත ආදී භාෂා කීපයක හෝඩි මිශ‍්‍රව ඇති නිසා මිශ‍්‍ර සිංහල හෝඩිය යන නම යෙදී ඇත. එහෙත් එම හෝඩියද අංග සම්පූර්ණ එකක් නොවීය. පොතපත ලිවීමේදී භාවිත වන ඇතැම් අකුරු එහි නොමැත. ජාතික අධ්‍යාපන ආයතනය මගින් වියතුන් හා එක්ව අක්‍ෂර මාලාවක් සකස් කර සම්මත කරගන්නා ලද්දේ මේ නිසාය. මේ ලිපියෙන් මෙතෙක් සාකච්ඡා කරනු ලැබුවේ සිංහල අක්‍ෂර මාලාවේ පසුබිම හා ඉතිහාසය පිළිබඳ කරුණු ස්වල්පයකි. මෙතැන් සිට ව්‍යවහාරික සිංහල අක්‍ෂර මාලාවේ ව්‍යුහය හා වර්ගීකරණයන් ගැන සොයා බැලීම යෝග්‍ය වේ. ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප‍්‍රකාශිත “සිංහල ලේඛන රීතිය” කෘතියේ දැක්වෙන අක්‍ෂරමාලාව පහත දැක්වේ. 1. 1. සිංහල වර්ණ මාලාව අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඍෘ - - එ ඒ ඓ ඔ ඕ ඖ (අ)ං (අ)ඞ ක ඛ ග ඝ  ඟ ච ඡ ජ ඣ ඥ ජ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ උපුටා ගැනීම - සිංහල ලේඛන රීතිය – ජාතික අධ්‍යාපන ආයතනයසිංහල අක්‍ෂර මාලාවේ ස්වර අකුරු 18 කි. ඉහත අක්‍ෂර මාලාවේ මුලින්ම ඇති අකුරු 18 ඒවාය. 19 හා 20 වන අකුරු පිළිවෙළින් (අ)ං (අ)ඞ වේ. මේවා අර්ධ ව්‍යඤ්ජන වශයෙන් හැඳින්වේ. මෙහි ඇති “ඍ” අකුර “ඉරු” යන්න වශයෙන් ද, “ඍෘ” අකුර “ඉරූ” යන්න වශයෙන් ද ශබ්ද වේ. - අකුර ඉලු වශයෙන් ද, - අකුර ඉලූ වශයෙන් ද ශබ්ද කරයි. ඍ හා ඍ ව්‍යවහාරයේ පැවතුණත් - හා - අකුරු ව්‍යවහාරයේ නොපවතී. එහෙත් එම අකුරු අක්‍ෂරමාලාවට ඇතුළත් කර ඇත්තේ පැරණි සිංහල ව්‍යවහාරයේ පැවති නිසාය. ”ඍ”, “ඍ” අකුරු ලිවීමේදී සැලකිලිමත් විය යුතුය. සමහරු “ඝ” යන්නට ගැටපිල්ලක් (ෘ) එකතු කර ලියති. එහෙත් එය නිවැරදි නොවේ. ඍ වශයෙන් ලියූ විට එය “ස්රූ” වේ’ ඍ අකුරේ හා “ස” යන්නේ වෙනස හඳුනා ගත යුතුය. ස - ඍ සාමාන්‍යයෙන් ස්වර අකුරු වචනවල මුල තනිව යෙදේ. අම්මා ඖෂධ උදව් ඓතිහාසික ඉහළ ආදී වශයෙනි. ස්වරයක් වචනයක මැද තනිව යෙදෙන්නේ ඉතා කලාතුරකිනි. ගිරිඋල්ල නාඋල වැනි තැනක පමණි. (අ)ං අකුර අනුස්වාරයයි. (අ)ඞ විසර්ගයයි. අනුස්වාරය සහ විසර්ගය සෑම විටම ස්වරයක් සමඟ යෙදෙයි. අං – ක් +  අ +  ං = කං - ක් +  ඔ +  ං = කොං අඞ - හ් +  අ +  ඞ = හඞ ආදී වශයෙනි. සිංහල අක්‍ෂර මාලාවේ ඉතිරි අකුරු 40 ව්‍යඤ්ජන අකුරු නමින් හඳුන්වයි. ව්‍යඤ්ජන අකුරු වර්ගාක්‍ෂර, අල්පප‍්‍රාණ, මහප‍්‍රාණ, ඝෝෂ, අඝෝෂ ආදී වශයෙන් විවිධ ප‍්‍රභේදවලට වෙන්කරනු ලබයි. බොහෝ විට මේ ආකාරයෙන් වර්ග කරන්නේ එම අකුරුවලට අදාළ ශබ්ද උච්චාරණයේදී ඇතිවන විශේෂතා සැලකීමෙනි. ශබ්ද උපදින්නේ පෙනහැල්ල තුළින් එන වායු ධාරාව ස්වරාලය හරහා පැමිණ මුඛය තුළින් පිටවීමෙනි. ස්වරාලය හරහා එන වායු ධාරාව මුඛයේ විවිධ ස්ථානවල ස්පර්ශ වීමෙන් බාධා ඇති වේ. මුඛයෙන් නිකුත් වන ශබ්දවල ස්වරූපය වෙනස් වන්නේ එවිටය. ස්වර ශබ්ද උච්චාරණයේදී ස්වරාලය හරහා එන වායු ධාරාවට බාධා ඇතිනොවේ. ව්‍යඤ්ජන ශබ්ද උච්චාරණය කිරීමේදී දිව, තල්ලේ, තල්ල මුදුනේ, දත්වැටියේ ආදී තැන්වල ස්පර්ශ වීමෙන් බාධා ඇතිවේ. ඒ අනුව ව්‍යඤ්ජන ශබ්ද වර්ග කර ඇත. ව්‍යඤ්ජනාක්‍ෂරවල මුුලින්ම හමුවන්නේ වර්ගාක්‍ෂරයි. වර්ගාක්‍ෂර 30 කි. එය වර්ග පහකට වෙන්කර ඇත. ”ක” වර්ගය ”ක” අකුරෙන් ආරම්භ වන අකුරු පේළිය “ක” වර්ගයයි. ක ඛ ග ඝ  ඟ මෙම අකුරු “කණ්ඨජ” අකුරු වශයෙන් ද හැඳින්වේ. කණ්ඨ යනු සංස්කෘත භාෂාවෙන් “උගුර” යන අර්ථයෙන් යෙදෙයි. “ජ” යනු උපදින යන අර්ථයයි. ඒ අනුව කණ්ඨජ අකුරු උගුර ඇසුරෙන් උපදියි. ”ච” වර්ගය ”ච” යන්නෙන් ආරම්භ වන අකුරු පේළිය “ච” වර්ගයයි. ච ඡ ජ ඣ ඤ ජ ”ච” වර්ගයේ අකුරු තාලුජ අකුරු වශයෙන් හැඳින්වේ. දිවෙහි මුල කොටස තල්ලෙහි ස්පර්ශවීම හේතුවෙන් උපදින නිසා තාලුජ යන නම යෙදෙයි. ”ට” වර්ගය ව්‍යඤ්ජනාක්‍ෂරවල තුන්වන පේළිය හෙවත් “ට” යන්නෙන් ආරම්භ වන අකුරු පේළිය “ට” වර්ගයයි. ට ඨ ඩ ඪ ණ ඬ තල්ලෙහි මුදුනේ දිව ස්පර්ශ වීමෙන් මෙම අකුරු උපදින නිසා “මුර්ධජ” යන නම යොදා ඇත. “මුර්ධජ” යනු සංස්කෘත භාෂාවෙන් මුදුන යන අර්ථයෙන් යෙදෙයි. ”ත” වර්ගය ”ත” යන්නෙන් ආරම්භභ වන අකුරු පේළියයි. ත ථ ද ධ න ඳ දිවේ අග කොටස දත්වල හෝ දත්වැටියේ ස්පර්ශ වීමෙන් මෙම අකුරු උපදින නිසා “දන්තජ” යන නමින් හඳුන්වයි. ”ප” වර්ගය වර්ගාක්‍ෂරවල අවසාන පේළියයි. ප ඵ බ භ ම ඹ ”ප” වර්ගයේ අකුරු උපදින්නේ උඩු තොල සහ යටි තොල ස්පර්ශ වීමෙනි. එමනිසා එම අකුරු “ඔෂ්ඨජ” නමින් හඳුන්වයි. ඔෂ්ඨ යනු තොල්වලට සංස්කෘත භාෂාවෙන් යෙදෙන නමකි. අක්‍ෂරමාලාවේ වර්ගාක්‍ෂරවලට යටින් ඇත්තේ ය ර ල ව යන අකුරු හතරයි. මෙම අකුරුවල පිළිවෙළින් ඉ, ඍ, - සහ උ යන ස්වරවල ලක්‍ෂණද ඇති නිසා අර්ධ ස්වර හෙවත් අන්තඞස්ථාක්‍ෂර යනුවෙන් හඳුන්වයි. අර්ධස්වරවලට පහළින් ඇති ශ ෂ ස යන අකුරු පිළිවෙළින් තාලුජ “ශ” මුර්ධජ “ෂ” හා දන්තජ “ස” වේ. ශ, ෂ, ස අකුරුවලට පසුව හ ළ ෆ යන අකුරු ඇත. එයින් හ – කණ්ඨජ අකුරකි ළ - මුර්ධජ අකුරකි ෆ - දත් සහ යටි තොල ඇසුරෙන් උපදින නිසා දන්තෞෂ්ඨජ අකුරකි. මහප‍්‍රාණ අකුරු අක්‍ෂර මාලාවේ මහප‍්‍රාණ අකුරු 10 කි. ඒ වර්ගාක්‍ෂරවල දෙවන තීරුව සහ හතරවන තීරුවයි. ඛ ඝ ඡ ඣ ඨ ඪ ඨ ධ ඵ භ මෙම අකුරු තරමක් ගැඹුරු හඬක් සහිතව උච්චාරණය කරන නිසා මහප‍්‍රාණ යන නමින් හඳුන්වයි. නාසික්‍ය අකුරු වර්ගාක්‍ෂරවල පස්වන තීරුව නාසික්‍යාක්‍ෂරයි. උච්චාරණයේදී වායු ධාරාව නාසයෙන් පිටවන නිසා නාසික්‍ය යන නම යෙදෙයි.ඤ ණ න ම නාසික්‍ය අක්‍ෂර වේ. සඤ්ඤක අකුරු වර්ගාක්‍ෂරවල හයවන තීරුවයි. සඤ්ඤක අකුරු පහකි. සඤ්ඤක “ඟ” සඤ්ඤක “ජ” සඤ්ඤක “ඬ” සඤ්ඤක “ද” හා සඤ්ඤක “ඹ” යන්නයි. මෙයින් සඤ්ඤක “ජ” යන්න යෙදෙන වචන විරලය. අනෙකුත් සඤ්ඤක අකුරුවලින් ගඟ, හඬ, කඳ, අඹ වැනි වචන සෑදෙයි. විද්‍යාඥ, ඥානය වැනි වචනවල යෙදෙන “ඥ” අකුර සිංහල අක්‍ෂරමාලාවේ දක්නට නැති එහෙත් ව්‍යවහාරයේ පවතින අකුරකි. එය ජ්+  ඤ යන අකුරු දෙක සංයෝග වී සෑදෙන අකුරක් නිසා අක්‍ෂරමාලාවට ඇතුළත් කර නැත. කළු මුළු වැනි වචනවල ඇති “ළු” යන්නද අක්‍ෂරමාලාවේ නැත. එය ඇතුළත් කර නැත්තේ “ළු” යන්න වෙනම අකුරක් නොවන නිසාය. එය “ළ්” යන්නට “ළ” ස්වරය එකතු වී සෑදෙන මුර්ධජ “ළු” යන්නයි. ළ් +  ළ = ළු ව්‍යඤ්ජන අකුරුවල දක්නට ඇති තවත් සුවිශේෂ ලක්‍ෂණයක් නම් ඒවා තනිව උච්චාරණය කළ නොහැකි වීමයි. ක්, ග්, ට් ආදී වශයෙන් ඒවා උච්චාරණය කළ හැක්කේ ව්‍යඤ්ජනාක්‍ෂරවලට ස්වරයක් එකතු කිරීමෙනි. ක් +  අ = ක ග් +  අ = ග ට් +  අ = ට අක්‍ෂරමාලාවේ ඉහත දැක්වූ ප‍්‍රභේදයන්ට අමතරව ඝෝෂ, අඝෝෂ, නිවර්ත ප‍්‍රවර්ත ආදී වශයෙන් තවත් ප‍්‍රභේද ඇත.

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 10 වෙනි බ්‍රහස්පතින්දා, 17:38
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife