නිවස පාරිසරික දුෂණය ගෝලිය උෂ්ණත්වය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ගෝලිය උෂ්ණත්වය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ගෝලිය උෂ්ණත්වය

අද අප ජීවත් වන්නේ ඉතාමත්ම සංකීර්ණ ලෝකයකයි . ලොව මෙතරම් සංකීර්ණ වී ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙනි. අනාදිමත් කාලයක අපගේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාව දෙස විපරම් කළහොත් ඒ අය කෙතරම් සරල ලෙස ජීවත් වී ඇත්දැයි ඔබට වැටහෙනු ඇති. ඔවුන්ගේ එම සරල ජීවන රටාව කිසි විටෙකත් පරිසරයට හානියක් ගෙන දුන්නේද නැහැ. පරිසරයට හානි නොවන කටයුතු කිරීමට තරම් ඔවුන් බුද්ධිමත් වුණු බව පැවසිය යුතුමයි. තමන්ගේ අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කළ යුතු බව ඔවුන් දැන සිටීම ඊට හේතුවයි.අද අපේ ජීවන රටාව සංකීර්ණ වී ඇත්තේ අපේම උවමනාව නිසායි. විද්‍යාව සහ තාක්ෂණය අතින් අද අප කෙතරම් ඉදිරියකින් සිටියද ඒ දියුණුවේ ප‍්‍රතිඵල පරිසරයට බල පා ඇත්තේ අහිතකර ලෙසිනි. මිනිසා පරිසයට ආදරය නොකරන කල් හි පරිසරය ද මිනිසාට ආදරය නොකරයි. ඒ නිසාමයි දැන් පරිසරය රුදුරු වෙස් ගෙන තිබෙන්නේ . අතීතයට වඩා ස්වභාවික විපත් වැඩි වී ඇත්තේ ඒ නිසයි. ටෝනෙඩෝ වැනි රුදුරු සුළි සුළං , මහ ගංවතුර විපත්, නියඟ , එවැනි ස්වභාවික විපත්ති කීපයක් පසුගිය දිනෙක ලංකාවේ අප ද අත් වින්ඳෙ එවැනි විපතක් . කවර කලෙකවත් නොවූ පරිද්දෙන් ඇද වැටුණු මහ වැස්ස, ඒ නිසා හටගත් ගංවතුර තත්ත්වය ඔබට මතක ඇති.කාලගුණය මෙතරම් විපර්යාස කරන්න පටන් ගෙන ඇත්තේ් මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙනි. අද මුළු ලොවම මේ කාලගුණික විපර්යාසයන් නිසා තැති ගෙන සිටියි. විද්‍යාවට තාක්‍ෂණයට මේ කාලගුණ විපර්යාසයන් නතර කරන්නට බැරි වීම ඊට හේතුවයි.අද මුළු ලොවටම බලපා ඇති ප‍්‍රධාන කාලගුණික විපර්යාසය වී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. මේ සිදු වීම එක් දිනකින් එක් රැයකින් සිදු වූවක් නම් නෙමෙයි. මේ සඳහා දිගු කලක් ගත වී තිබෙනවා. එහෙත් ගෝලීය උණුසුම ඉහළ යාම වේගවත් වූයේ කාර්මික විප්ලවයත් සමගමයි. එතෙක් සොබා දහමත් සමග අත්වැල් බැඳ සිටි මිනිසා කාර්මික විප්ලවයත් සමග එයින් ඈත් වන්නට වුණා. යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතය ඉහළ ගියා. ඒවා කි‍්‍රයාත්මක කරන්නට ඉන්ධන අවශ්‍ය වුණා. ඉන්ධන දහනයේදි පරිසරයට නිකුත් වූයේ අහිතකර වායූන්ය. මේ නිසා පසු ගිය ශත වර්ෂය ඇතුළත කාලය තුළදි ෆැරන්හයිට් අංශක එකකින් උපරිම උෂ්ණත්වය ඉහළ ගියා. ඊළඟ සියවසේදි මෙසේ වැඩිවන උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2 ත් 6 ත් අතර විය හැකි බවයි ෂද්‍යාඥයින් පවසන්නේ. මේ තත්ත්වය ඉතා බැරෑරුම් බවයි ඔවුන්ගේ අදහස. උෂ්ණත්වය ඉහළ යාම නිසා මහපොළොවේ ස්වරූපයද විපරීත වන බවත් විද්‍යාඥයන් පවසනවා. එහි ජීවත් වන මිනිසා ඇතුළු සියලු ජීවින්ට මේ නිසා බොහෝ අකරතැබ්බයන්ට ද මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.

මුහුදු මට්ටම ඉහළ යයිවායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා සාගර ජලය ද රත් වී එහි ධාරිතාව වැඩි වෙනවා. එවිට මුහුදු මට්ටම ඉහළ යනවා. 20 වැනි සියවසේදී මුහුදු මට්ටම සෙන්ටිමීටර් 10 සිට 25 දක්වා ප‍්‍රමාණයක් ඉහළ ගිය බවයි පැවසෙන්නේ . ඊළඟ සියවසේදී එය අඩි 3 ක් පමණ ඉහළ යාමට බොහෝ විට ඉඩකඩ ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. එමගින් වෙරළාසන්න ජෛව පද්ධති රැසක්ම අනතුරට ලක්විය හැකි බවත් සඳහන් .එමෙන්ම මේ හේතුවෙන් ලොව ඇති දූපත් රැසක්ම සාගරයෙන් යටවී යාමේ ප‍්‍රවණතාවයක්ද තියෙනවා. එවැනි තර්ජනයකට මුහුණපාන රටකි බංග්ලාදේශය . එමෙන්ම වැනීසියටද මෙවැනි අනතුරකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.

කොරල් පර විරංජනයට (සුදු පැහැ ) ලක්වීම1997 - 1998 වර්ෂ වලදි ලොව රටවල් 32 ක තිබුණු කොරල් පර විරංජනයට (සුදු පැහැ ) ලක්් වුණා. ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් අංශක 2 කින් හෝ 3 කින් ඉහළ යාම නිසාත් මෙය සිද්ධ වුණේ . මීට අමතරව තවත් හේතු කීපයක් නිසත් කොරල් පර අවපැහැ ගැන්වුණා.  සාගර දූෂණය , වෙරළ ඛාදනය , කොරල් පර ඩයිනමයිට් යොදා පිපිරවීම සහ ස්වභාවික කුණාටු මෙවැනි හේතු කීපයක් .

නියඟ සහ ලැව් ගිනි හට ගැනීමගෝලීය උෂ්ණත්වය ඉහළ යත්ම සමහර ප‍්‍රදේශවලට නිතරම පාහේ නියඟයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එමෙන්ම දැඩි නියඟ තත්ත්වයන් හේතුවෙන් නිතර ලැව්ගිනි හට ගැනීමේ ප‍්‍රවණතාවයක්ද දකින්නට ලැබේවි.

ධ‍්‍රැව අයිස් තට්ටු දිය වී යෑමමේ වන විටද ධ‍්‍රැව අයිස් තට්ටු දිය වී යෑම ආරම්භ වී තිබෙනවා. 1995 දී වර්ග කිලෝමීටර් 1300 ක ප‍්‍රමාණයක වූ අයිස් තට්ටුව මේ වන විටත් දිය වී ගොසින්. ඇන්ටාක්ටිකාවේ පිහිටි ලාසන් ඕ නම් අයිස් තට්ටුවේ බොහෝ ප‍්‍රමාණයක් මේ වන විට දිය වී ගොස් .1940 සිට මේ ප‍්‍රදේශය සෙල්සියස් අංශක 2.5 කින් උණුසුම් වී තිබෙනවා. එහි අයිස් තට්ටු 4 කින් මේ වන විටත් දිය වී අවසන්. ඇන්ටාක්ටිකාව වසා පැතිරී ඇති ගණකමම අයිස් තට්ටුව , ගෝලීය උෂ්ණත්වය සහ ඉහළ යන මුහුදු මට්ටම නිසාත් ඉතා අස්ථාවර තත්ත්වයකයි පවතින්නේ. එසේ වුවහොත් මේ අයිස් තට්ටුද දිය වී සාගර ජලයට එක් වේවි. මෙය ඉතාම භයානක තත්ත්වයක්. එසේ වුවහොත් සාගර ජලය මීටර 60 කින් එනම් අඩි 200 කින් ඉහළ නගින්නට ඉඩ තිබෙනවා. ලන්ඩනය , නිව්යෝර්ක්, බි‍්‍රස්බේන් සහ ටෝකියෝ නගරත් මහ මුහුදෙන් යටවේවි.

ශාක සහ සතුන් වඳ වී යාමඋෂ්ණත්වය වැඩිවත්ම එය දරාගත නොහැකිව බොහෝ ශාක සහ සතුන් මරණයට පත් වීමේ ඉඩකඩ තිබෙනවා. සමහර ජීවින්ට වෙනස් වන කාලගුණ තත්ත්වයන්ට හැඩ ගැසීමේ හැකියාව තිබුණද කාලගුණය ඉතා වේගයෙන් විපර්යාසයන්ට භාජනය වන හෙයින් මහපොළොවෙන් බොහෝ ජීවීන් පිරිසක් වඳ වී යෑමේ ඉඩකඩක් තිබෙනවා. ධ‍්‍රැව පෙදෙස්වල ජීවත් වන්නා වු පෙන්ගුවින්, හිම වළසුන්ට වාසස්ථාන අහිමි වීම හේතුවෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. එමෙන්ම යුරෝපීය රට වල දක්නට ලැබෙන සෘතු වල වෙනස් කම් හේතුවෙන් සත්වයන්ගේ බෝවීමේ වෙනස් කම් ද දැක ගන්නට ලැබෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ. සංක‍්‍රාමණික කුරුල්ලන්ගේ වාසස්ථාන ද මෙසේ තර්ජනයට මුහුණ දී තිබෙනවා.අස්වනු ලබා ගැනීම වෙනස් වීමඋෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සමහර රටවලින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වෙනවා. එහෙත් මේ අවස්ථාව සෑම ප‍්‍රදේශයකටම පොදු නොවේ. සමහර පෙදෙස් වලින් මේ වන විට ලැබෙන අස්වැන්න අඩු වීමේ හැකියාවක්ද තිබෙනවා. සමහර රටවල් සමහර භෝග වැවීමට උචිත තත්ත්වයකයි පවතින්නේ . එහෙත් උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මෙහි වෙනසක්ද ඇති විය හැකියි.

මිනිසාගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වීමඋෂ්ණත්වය ඉහළ යාමේදි මිනිස් සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි අනාවැකි පළ කරන්නේ. සමහර රටවලින් සමහර වසංගත නැත්තටම නැති වී යා හැකි වුවද එම වසංගත වෙනත් රට වල වර්ධනය වීමේ හැකියාවද පවතිනවා. මිනිස් ප‍්‍රජාවට පමණක් නොව සත්ව සහ ශාක ප‍්‍රජාවටම මේ තත්ත්වය පොදු වන බවයි පැවසෙන්නේ.ගෝලීය උෂ්ණත්වය සීඝ‍්‍රයෙන් ඉහළ යාමක් සමගම ලොව බලවතුන්ගේ අවධානයද මේ වන විට ඒ වෙත යොමු ව තිබෙනවා. මීට වහාම විසඳුම් සොයා ගත යුතු බවයි ඔවුන් සියල්ලන්ම අවධාරණය කරන්නේ. එක් එක් රටවල් තම තමන්ගේ රට ගැන සිතා හෝ ඒ වෙනුවෙන් යම් යම් පියවර ගන්නවා නම් එයින් සාර්ථක ප‍්‍රතිඵල උදා කර ගත හැකි වේවි. කෙසේ වුවද මුළු ලොවම සාමූූහිකව එක් වී ගෝලීය උණුසුම ඉහළ යාම අඩු කිරීමට උත්සාහ දැරීම සතුටට කරුණකි.

- ඉරූෂා ග්‍රේරෝ

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 11 වෙනි සිකුරාදා, 11:26
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife