නිවස දැනුම දැනුම ආච්චී - සීයා අපට කියා දුන් රසවත් කතන්ද

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ආච්චී - සීයා අපට කියා දුන් රසවත් කතන්ද පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ආච්චී - සීයා අපට කියා දුන් රසවත් කතන්දර

ලස්සන කතා අහන්න පුංචි අපි කවුරුත් හරිම ආසයි. චූටි පුතාලගෙ දූලගෙ සීයා බංකුවක් උඩ වාඩිවෙලා බුලත් විටක් එහෙම කොටාගෙන අපූරු කතන්දර කියලා දෙනවා. රෑ වුණාම නිදාගන්න යද්දී ආච්චී අපිව තුරුල්ලට අරගෙන අපිට නින්ද යන්න ලස්සන කතා කියනවා. අපිත් එයාලා ළඟට වෙලා හූමිටි තියන්නෙ එයාලා කියලා දෙන කතා ඒ තරමටම රසවත් නිසයි. සමහර වෙලාවට අනේ ආච්චියේ තවත් එකක් කියලා දෙන්නකෝ කියලා අපි අඬන වෙලාවලුත් තියනවා. බුලත් හප හපා කියන කතා වල හරිම රසවත් බවක් තිබෙනවා. ඒ නිසාම තමයි ඒ කතා අපිට හොඳට මතක තියෙන්නේ අපේ රටේ හිටිය රජවරුන් ගැන ඔවුන්ගේ වීර කි‍්‍රයා ගැන ආච්චිලා සීයලා දන්නෙ අපූරු කතන්දර ඔවුන් රජකම් කරපු ආකාරය සතුරන් පරාජය කළේ කොහොමද යන ආදී වශයෙන් අතීත රජවරුන්ගේ සූරවීරකම් අපිට ඔවුන් කියලා දෙනවා. ඒ අතර එළාර දුටුගැමුණු යුද්ධය විහාර මහා දේවී වැනි වීර චරිත ආදි ඉතා අපූරු කතන්දර ඔවුන් කියලා දෙනවා. අපි මේ කතන්දර අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන්බත් කන්නට හොර පුංචි දූලා පුතාලට කතන්දර කියලා දෙන්න වැඩිහිටියො පුරුදු වෙලා ඉන්නවා. එතකොට පුංචි පැටව් දන්නෙම නැතුව බත්ටික ඔක්කොම කනවා. ඒ කතා ඒ තරමටම රසවත් අහගෙන ඉන්න ආසයි. අතීත මුතුන් මිත්තන්ගෙ ජනප‍්‍රවාද ගතව පැවත ආ ජන කතා වලට මේ කතා අතරින් වැදගත් තැනක් හිමි වෙනවා. රජ ගෙදර කවටකම් කරමින් විහිළු කරපු කවට අන්දරේගෙ කතා අහන්න අපි හරි ආසයි. ඒ කතා අහද්දි අපිටත් හිනානොවී ඉන්න බැරි තරම්ම.ගමරාළ හා බැඳුණු ජනකතා වලටත් පුංචි දරුවන් හරිම ආසයි. මේ ජනකතා වල ඉන්න ගමහාමිනේ ගමරාළ වැනි චරිත අතීතයේ අපේ ජන සම්මත සිරිත් විරිත් ගුණ ධර්ම සංස්කෘතිය මනාව පැහැදිලි කරනවා.බුදුන්වහන්සේ බණ දේශනා කරන විට එදා අපූරු උපමා රූපක යොදා ගත්තා. නිරන්තරයෙන් ගැමි ජනසමාජයේ දකින්නට ලැබෙන මිනිසුන්ගේ සිත් වල ස්වභාවය මේ බෞද්ධ කතා වල තිබුණා. ජාතක පොතේ එන කතා මීට හොඳම උදාහරණයයි. බණ දේශනාවකදී වුවත් අද අපේ ගමේ පන්සලේ හාමුදුරුවො ජාතක පොතෙන් තෝරාගත් අපූරු කතන්දර ඉදිරිපත් කරන්නේ ලොකු කුඩා කාටත් උපදේශයක් අවවාදයක් මේ කතන්දර වල අඩංගු වී ඇති නිසයි.මීට අමතරව අරාබි නිසොල්ලාසය ඊසොප්ගෙ උපමා කතා යන මේවා කියවීමෙන් හොඳ කතා රසයක් විඳින්නට අපට පුළුවන්.මහදැන මුත්තා සහ ගෝලයෝ පිරිසගේ කතා වලින්ද උපහාසය පිරුණ රසයක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසාම පුංචි දරුවන් මේ කතා කියවන්නට ආසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 10 වෙනි බ්‍රහස්පතින්දා, 10:44
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife