ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
මා දං පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

මා දං

 

ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ පලතුරු අතරට ගැනෙන  මා දං ජම්බු කුලයට හෙවත් මර්ටේසියේ (Myrtaceae) කුලයට අයත් සදාහරිත ශාකයකි. Sysygium cuminiයනු මෙහි විද්‍යාත්මක නාමයයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර , ලදු කැළෑ ආශ්‍රිත ව ස්වාභාවික ව වැවෙන දං , තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ ද දක්නට ඇත. දිඹුලාගල , රිටිගල , මහබේරියතැන්න වැනි සංරක්ෂිත ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබේ. දං අතීතයේ සුලබ ව තිබී කැළෑ එළි කිරීම නිසා වද වි යන්නට ඇතැ යි ඒවා සංරක්ෂිත ප්‍රදේශ වල වැඩිපුර පැවතීමෙන් සිතිය හැකි ය.

මා දං නැවුම් පලතුරක් ලෙස මෙන් ම අගය වැඩි දියුණු කල ජෙලි ,ජෑම් , වයින් , අච්චාරු හා ආහාර වර්ණක ආදි නිෂ්පාදන සෑදීමට අනෙක් රටවල උපයෝගි කරගත්ත ද ශ්‍රී ලංකාවේනැවුම් පලතුරක් ලෙස හෝ යොදා ගන්නා ප්‍රමාණය නොගැණිය හැකි තරම් කුඩා ය. කරුණු එසේ වුවද පෝෂණීය අගය අතින් ගත් කල මා දං ඉහළ පෝෂණයකින් යුත් පලතුරකි.

 

                ජලය              28.2%

                ප්‍රෝටින්            0.7%

                මේදය             0.1%

                ඛනිජ ලවණ       0.4%

                තන්තු              0.9%

                කාබෝහයිඩ්‍රේට   19.7%

                කැල්සියම්         0.02%

                පොස්පරස්        0.01%

                යකඩ              1.0%

                ශක්තිය            

                 (ග්‍රෑම් 100ක)      83

 

මිටර 5-15 අතර ඉතා උසට හා සෙන්ටිමිටර 50-150 අතර කද මහතට වැවෙන මා දං ගස සෙවණ ශාකයක් ලෙස මනා ව භාවිතා කළ හැකි ය. ගොවි ජනපද ආශ්‍රිත ව තරමක් විශාල ගෙවතු වලට හා ගොවිපළවල ඉතිරි වී ඇති මෙවැනි මා දං ශාක සෙවණ මෙන් ම අලංකාරදර්ශනයක් ද ඇති කරයි. වටිනා දැව වර්ගයක් ලෙස ද පිළිගන්නා මා දං වන වගාවේ දී යොදාගත හැකි ය.

මා දං වැඩි වශයෙන් වැවෙන්නේ හොදින් ජලය බැස යන ගැමුරු ලොම් පසෙහි වුවත් අනෙක් පලතුරු වර්ග නොවැඩෙන ප්‍රදේශවල ද දං ගස් වර්ධනය වනු දැකිය හැකි ය. දං හාකයේ මල් පිපීම හා ඵල හට ගැනීම සදහා වියලි දේශගුණයක් අවශ්‍ය වේ.

මා දං බහුල වශයෙන් ප්‍රචාරණය වන්නේ බීජ මගිනි.බිජ මගින් ප්‍රචාරණය කිරීමේ දී 90-95% පමණ සති 2-3 කින් පමණ සාර්ථක ව පැළ නිෂ්පාදනය කර ගත හැකි ය. එහෙත් මා දං බීජ කල් තබා ගැනීමේ දී ජීව්‍යතාව අඩු වී යයි. වර්ධක ප්‍රජනනයෙන් ප්‍රචාරණය කර ගත හැකි බව ඉන්දියානු පත පොතෙහි සදහන් කර ඇති අතර සමිප බද්ධය , පැති බද්ධය මෙන් ම අතු බැදිම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බව එහි සදහන් ය. මා දං බීජ වැලි තවාන් වල දමා පැළ කර ගැනීම උසස් තත්වයේ පැළ තෝරා නිෂ්පාදනය කිරීමට ගත හැකි අතර සාමාන්‍ය තවාන් මිශ්‍රණය යටතේ (මතුපිට පස් 1 : කොම්පෝස්ට් 1 : වැලි 1) පැළ හොදින් වර්ධනය වේ. පැළ සදහා සාමාන්‍ය පලතුරු සදහා යොදා ගන්නා පොහොර මිශ්‍රණය ම යොදා ගත හැකි අතර කොම්පෝස්ට් , ගොම වැනි වැනි කාබනික පොහොර යෙදිම මගින් අස්වැන්න වැඩි කර ගත හැකි ය.

මා දං ලෙඩ රෝග හා පලිබෝධ හානිවලට වැඩි වශයෙන් පාත්‍ර නොවේ. කොළ කන දළඹුවන් , සුදු මැස්සන් වැනි කුඩා කාමීන් මෙන් ම කුරුල්ලන් , ලේනුන් වැනි පලිබෝධකයින්ගෙන් ද මා දං වල අස්වැන්නනෙහි ගුණාත්මක භාවය හා ප්‍රමාණය අඩු වී යයි.

ලෙඩ රෝග අතර කොළ වල දුඹුරු පැහැය ලප ඇති වීම විශාල වශයෙන් දැක ගත හැකි වන අතර දිලීර නාශක යෙදීම මගින් එය පාලනය කර ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ ඇති ප්‍රනීත පොෂණයෙන් අනූන පලතුරක් වන මා දං මෙතෙක් පර්යේෂණ කටයුතු සදහා සැලකිල්ලට නොගෙන තිබුණ ද අසල්වැසි රටවල වගාවන් වශයෙන් ද නඩත්තු කරනු ලැබේ. මෙවැනි ඌන භාවිත පලතුරු ශාක අප රට තුළ විනාශ මුඛයට යා නොදී රදවා ගැනිම අප සැමගේ යුතුකමකි.

 

කිසිදු වසක් විසක් නොමැති ව ස්වාභාවික ව වාර්ෂික ව ගස් පිරී යන ඉදුණු මා දං බිමට වැටී විනාශ වි යන්නේ අලුත් පරම්පරාව එහි රසය  හෝ වටිනාකම  නොදන්නා නිසා ය. සාහිත්‍ය කවි ගී වල ද , කතා පොත් වල ද සදහන් වන්නා වු මා දං අතීතයේ පුංචි දරැවන් ගේ රසවත් පලතුරක් විය. එම ප්‍රනීත රසය හා ගුණය වර්තමාන දරැවන්ට ද ලබා දීමට ඇත්නම් කෙතරම් අගනේ ද?.

තිළිණි අයේෂා දිගනගේ,

හ/දෙබරවැව ජාතික පාසල.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife