නිවස සෞඛ්‍ය ලෙඩ රෝග පිළිකා සුවයට භාරතයේ බුද්ධ බේත

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
පිළිකා සුවයට භාරතයේ බුද්ධ බේත පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

පිළිකා සුවයට භාරතයේ බුද්ධ බේත

යුණු යැයි කියාගන්නා රටවල් දැනට ශතවර්ෂ තුනක පමණ කාලයේ සිට මිලියන, බිලියන ගණනින් ධනය වැය කොට පිළිකා රෝගයට ප‍්‍රතිකාර - ඖෂධ නිපදවීමට උත්සාහ කළත් තවමත් නිත්‍ය ප‍්‍රතිකාරයක් සොයා ගැනීමට අසමත්ව සිටිති. මේ අතර ආරණ්‍යගත උගත් යෝගාවචරයන් වහන්සේනමක් ති‍්‍රපිටකයේ සඳහන් ප‍්‍රතිකාර විධියක් යටතේ පිළිිකා රෝගය සුවපත් කළ හැකි බව සනාථ කොට ඇත.මෙම ප‍්‍රතිකාරය අලුතෙන් සොයා ගැනීමක් නොව යටපත් ව තිබූ ඖෂධ ක‍්‍රමයක් නැවත මතු කැර ගැනීමක් යැයි කීවොත් වඩාත් නිවැරැදිය. මෙම පිළිකා ප‍්‍රතිකාරය අනාවරණය කළ යෝගාවචරයන් වහන්සේ විදේශගත දැනුම, භාෂා ගණනාවක හසලතාව, බටහිර විද්‍යා උපාධි දැනුම සහිතය. යෝග භාවනාවල කම්මට්ඨානාචාර්යවරයකු වන අතර ස්වකීය භාවනායෝගීී ජීවිතයේ නිදහසට බාධා පැමිණෙන බැවින් උන්වහන්සේ ගේ නම ප‍්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලා සිටිති.

”පූතිමුත්ත භේසජ්ජ නිස්ස ාය පබ්බජ්ජා තත්ත තේ යාව ජීවං උස්සාහෝ කරණීයො.....”  ආදි වශයෙන් මහාවග්ග පාලියේ (1 - 238) මෙම ප‍්‍රතිකාරය පිළිබඳ සඳහන් වෙයි. උපසම්පදා වූ නවක භික්ෂුවට උපසම්පදා මාලකයේදී ම එයින් නික්මීමට කලින් උපාධ්‍යායන් වහන්සේ විසින් අනිවාර්යයෙන් ම කරනු ලබන අනුුුශාසනයේදී දැක්වෙන චීවර. පිණ්ඩපාත. සේනාසන, ගිලානපච්ච යන කරණීය හතරෙන් ගිලානපච්චය පිළිබඳව පැවතිය යුතු ආකාරය ගැන මේ උපදේශයේ සඳහන් වෙයි.එහෙත් “පූතිමුත්තය” විග‍්‍රහ කිරීමේ දී අට්ඨකතාචාරීන් විසින් “පූති මුත්තය” යනු අරළු ගෝ මුත‍්‍රයෙහි ලා සම්පාදනය කරන බෙහෙත” යැයි අර්ත දැක්වීම නිසා අවුලක් ඇති ව තිබේ. පූතිමුත්ත පිළිබඳ ති‍්‍රපිටකයේ සඳහන් කිසි තැනෙක “ගව“ කතාවක් සඳහන්ව නැත. බ‍්‍රාහ්මණ වංශික භික්ෂූන්වහන්සේලා හින්දු ආකල්ප මත ගවයා දේවත්වයෙන් සලකන සමාජ සම්ප‍්‍රදාය නිසා මෙසේ “ගෝ මුත‍්‍ර” කතාවන් සම්බන්ධ කොට ඇතැයි පිළිගැනේ. පූතිමුත්ත යන්නෙහි පූති යනු නරක්වූ ගඳ ගහන නොරුස්නා” යන අරුත් දෙයි. ඒ නිසා පූතිමුත්ත භේසජ්ජය යනු නර මුත‍්‍ර හෙවත් ස්වමුත‍්‍ර බව සනාථ කිරීමට දේශීීය හා විදේශීීය සාධන ඉදිරිපත් කළ හැකිය.

එසේම බුදුරජාණන් වහන්සේ චීවර, පිණ්ඩපාත සේනාසන හා ගිලානපච්චයේ වැදගත්කම අංගුත්තර නිකායේ (2 - 56) දේශනා කරන අතර අරියවංස සූත‍්‍ර අටුවාවේ (අං. අ. 2 - 493)  “ගිලාන පච්චයං පන පිණ්ඩපාතේ යේව පවිට්ඨෝ”  යැයි ගිලන්පස පිණ්ඩපාතයෙහි ම ලා සංග‍්‍රහ වී ඇති බව විස්තර කරයි. එය අග‍්‍රගණ්‍යය, චිර රාත‍්‍රඥය, වංශානුගතය, පුරාණය සංකර වීමකට පත් නොවේ. පෙර බුද්ධ සාසනවලත් වර්තමානයේත් මත්තට බුද්ධසාසන වලත් සංකර නොවූ සහ සංකර නොවන බවත්, නුවනැත්තන් විසින් කිසි විටෙකත් පහත් කොට ප‍්‍රතික්ෂේප නොකරන බවත් සඳහන් කරයි. පූතිමුත්ත භේසජ්ජය හෙවත් ස්වමුත‍්‍ර පානය භාරතයේත්, බුරුමයේත් “බුද්ධ බේත” වශයෙන් හඳුන්වනු ලබන අතර බටහිර රටවල පවා මෙම ප‍්‍රතිකාරයෙන් පිළිකා සහ දියවැඩියාව, ඇටමිදුළු දියවීම (අතරයිටිස්) හෘදය රෝග, රුධිර ධාවන රෝග සුව වූ අය පිළිබඳ විස්තර සහිත පොත්පත් පවා ලියැ වී ඇත. ලාභය ම නො තකා ලෝකයාට යහපතක් කිරීමේ අරමුණින් විශේෂඥ කණ්ඩායම් මේ පිළිබඳ තොරතුරු හා උපදෙස් ලබා දීමට අන්තර්ජාලයේ වෙබ් අඩවියක් ද ආරම්භ කොට ඇත.(www.bjainbooks. com./www. shirleys-wellness cafe. com/urine. thm. goodle. uropathy)එක්ස්රේ කිරීම, කරන්ට් අල්ලීම හා සැත්කම් මගින් පිළිකාව දියුණු කරන බව මේ පර්යේෂකයන්ගේ මතය වේ. එසේම දියවැඩියාව, අතරයිටීස්, හෘදය රෝග හා රුධිර ධාවන රෝගවලට ඉංග‍්‍රීසි වෛද්‍ය ක‍්‍රමය අනුව රෝගය පාලනයක් කරනවා විනා නිත්‍ය සුවපත් කිරීමක් නොකරන බව බටහිර වෛද්‍යවරු පිළිගන්නා සත්‍යයකි.ස්වමුත‍්‍ර ප‍්‍රතිකාරය යනු උදේ පාන්දර හිස්බඩ පිට කරන තමන් ගේ ම මුත‍්‍ර දහරාවේ අග කොටස හා මුල කොටස අතහැර මැද කොටස කෝප්ප බාගයක් හෝ හැකි තරමක් පානය කිරීමයි. මේ ප‍්‍රතිකාරයේදී සුරා පානය, දුම් පානය දුම්කොළ භාවිතය, කෝපි වැනි උත්තේජන පාන සහ මෛථූන සේවනය තහනම් වේ.

මහින්ද විජේතිලක

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 14 වෙනි සදුදා, 11:53
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife