නිවස නිර්මාණ නිර්මාණ පුරාවිද්‍යා දිනය පිළිබඳ එදින (ජුලි 7 ද

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
පුරාවිද්‍යා දිනය පිළිබඳ එදින (ජුලි 7 ද පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

පුරාවිද්‍යා දිනය පිළිබඳ එදින (ජුලි 7 දා) උදේ පාසල් රැස්වීමේ දී  කතාවක් පැවැත්වීම සඳහා

පුරාවිද්‍යා දිනය යනු අපේ පැරණි ජනතා උරුමයේ එක් කොටසක් වූ පුරාණ ස්ථාන සහ පුරාවස්තු පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා වෙන් වූ දිනයකි.මේ දිනය පැවැත්වීමේ කටයුතු ආරම්භ කළේ මීට වසර පහළවකට පමණ ඉහතදීය. ඒ කෙසේදැයි අපි විමසා බලමු. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1890 වර්ෂයේ ජුලි 7 වැනිදාය. ඒ අනුව 1990 වර්ෂයට හරියටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර සියයක් සපිරුණේය. එ නිමිත්තෙන් රටවල් විස්සක පමණ පුරාවිද්‍යාඥයින් සහභාගි වූ සමම්න්ත‍්‍රණයක් කොළඹ දී පැවැත්වුණි. මෙය අන්තර් ජාතික පුරා විද්‍යා සම්මන්ත‍්‍රණයකි.ඒ වසරේ සිට පාර්ලිමේන්තු පණතක් මගින් සම්මත කර 1991 වර්ෂයේ සිට පුරාවිද්‍යා දිනය ලෙසින් පැවැත්වීමට රජය විසින් නියම කරන ලදී. ඒ අනුව ජාතික පුරාවිද්‍යා දිනය 1991 සිට ලංකාවේ පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. මෙම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 115 ක් සපිරෙන්නේ මේ වසරේ  ජුලි මස 7 වැනිදාටය.මේ වසරේ පුරාවිද්‍යා දිනයේ ආරම්භක උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙසින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල තැන්න පුද බිමෙන් මෙම පුරාවිද්‍යා සතිය පිළිබඳ කටයුතු ඇරඹේ.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් යන ආයතන දෙකේ සහයෝගයෙන් මෙවර පුරාවිද්‍යා සතියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ජුලි මස 7 වැනිදා සිට ජුලි මස 13 වැනිදා දක්වා ජාතික පුරා විද්‍යා සතිය පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. මෙම ජාතික පුරාවිද්‍යා සතියේ කටයුතු අවසන් වන්නේ ජුලි මස 13 වැනිදා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පිහිටි පරාක‍්‍රමපුරයේ (පඬුවස්නුවර) පුරාවිද්‍යා භූමියේ දී පැවැත්වෙන රාජ්‍ය උත්සවයකිනි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1890 ජුලි මස 7 වැනිදාය. ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ එච්. සී. පී. බෙල් මහතාය. ඔහු විසින් සේවකයන් විසිනව දෙනකුගෙන් පමණ ආරම්භ කළ මෙම දෙපාර්තමේන්තුව ඒ කාලයේ දී හැඳින්වූයේ ARCHAEOLOGICAL SURVERY OF CEYLON(ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන්) යන නාමයෙනි. ඉන්දියාවේ පුරාවිද්‍යා අධිකාරිය ඇරඹූයේ 1861 වර්ෂයේදීය. එහි ප‍්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ ද ඉංග‍්‍රීසි ජාතිකයෙකි. ඔහු ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතාය.අපි පළමුව පුරාවිද්‍යා සතියේ අවසාන දිනය පැවැත්වෙන ස්ථානය පිළිබඳව ද තොරතුරු සොයා බලමු.පඬුවස්නුවර (පරාක‍්‍රමපුරය) දී මෙම අවසන් උත්සවය පැවැත් වේ. එම ස්ථානය රාජධානියක් යැයි වැරදි මතයක් ද ජනතාව අතර පැතිරී ඇත.පණ්ඩුකාභය කුමාරයාගේ මව වූ චිත‍්‍රා කුමරිය සිරකර සිටි එක්ටැම් ගෙය මෙහි පිහිටා ඇතැයි ද වැරදි මතයක් ජනතාව අතර පැතිරී ඇත. එවැන්නක් එහි නැත. ඒ අනුව පඬුවස්නුවර රාජධානියක් නොවේ. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පැරණි රාජධානි තුනක් පිහිටා ඇත. එනම්, දඹදෙණිය. යාපහුව සහ කුරුණෑගලය. පඬුවස්නුවර යන නාමය සමග කිසිදු ලෙසකින් පණ්ඩුකාභය කුමරු හෝ චිත‍්‍රා කුමරිය පිළිබඳ සම්බන්ධතාවයක් නැත. ඒ නිසා පඬුවස්නුවර යන නාමය මේ සඳහා භාවිතා වී ඇත්තෙ පඬාවැව නමින් වූ වැවක් මේ අසල ඇති නිසාය.පොළොන්නරු රාජධානි සමයේ දී රජ කළ මහා පරාක‍්‍රමබාහු රජතුමා ලංකාව එක්සේසත් කළ මහා වීර නරපතියෙකි.ඒ රජතුමා රජවීමට පළමුව වාසය කළ රජ මාළිගයේ නටබුන් පඬුවස්නුවර දී ඔබට දැකගත හැකිය. පරාක‍්‍රමබාහු ප‍්‍රාදේශීය පාලකයෙක් ලෙසින් සේවය කළ කාලයේ දී (දක්ෂිණ දේශයේ පාලකයා ලෙස) පාලන මධ්‍යස්ථානය වූයේ මෙම ස්ථානයයි. ඒ නිසා මෙම ස්ථානයේ නියම නාමය පඬුවස්නුවර නොවේ. පරාක‍්‍රමපුරය යන නාමයයි. මහා පරාක‍්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ ඉදි කළ රජ මාළිගයට සමාන වූ සැලසුමකින් යුක්ත රජ මාළිගයේ නටබුන් පරාක‍්‍රමපුරයේ දී ඔබට දැක ගත හැකිය.අපි දැන් පුරා විද්‍යා දිනයන් පැවැත්වීමේ වැදගත්කම ගැන විමසා බලමු. ඔබ සැමටම ජාතික හැඳුනුම් පතක් ඇත. ඒ ජාතික හැඳුනුම් පතෙහි ඔබගේ ඡායාරූපයක් ද තිබේ. ඔබ හඳුනා ගැනීමට ජාතික හැඳුනුම්පත වැදගත් වනවා මෙන්ම ඔබේ රට පිළිබඳ හැඳුනුම් පතක් ඔබ සතුව ඇති බව ළමා ඔබ විසින් ළමා කාලයේදී ම දැනගත යුතුව ඇත.

කුමක්ද මේ රට හා සම්බන්ධ වූ ජාතික හැඳුනුම් පත.ඒ ජාතික හැඳුනුම්පත නම් අපේ රටේ ඇති පුරාණ ස්ථාන හා පුරා විද්‍යාත්මක ස්මාරක හා පුරා වස්තුය. අප රටේ ඇති පුරාවස්තු සියේට අනූනවයක් ම බුද්ධාගම හා සම්බන්ධ බව සැබෑය. එහෙත් එහි අයිතිකරුවන් මෙන්ම ආරක්ෂකයින් සිංහල බෞද්ධයන් මෙන්ම දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන සියලුම ජාතීන් බැව් අප අමතක කළ යුතු නොවේ. මේ නිසා අපගේ මේ රටේ පුරාවිද්‍යාත්මක උරුමය අපට අතීත අපගේ මුතුන් මිත්තන් විසින් ආරක්ෂා කර මේ යුගයේ අපට භාර දී ඇති ඉතාමත් අගනා වස්තුවකි. ඒවා රැක ගැනීම අප සැමගේ යුතුකමකි. මේ නිසා බුද්ධාගමට පමණක් නොව අනිත් ආගම්වලට අයත් වූ පැරණි ස්ථාන ද ආරක්ෂා කිරීම අප හැමගේ ම යුතුකම හා වගකීම වන්නේය. සිංහල - දෙමළ - මුස්ලිම් හා බර්ගර් යන සියලුම ජාතීන් මේ රටේ පුරවැසියන් ලෙසින් මේ අපගේ පැරණි ජාතික උරුමය රැක ගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ළමා අප ළමා කාලයේ සිටම මේ බව වටහා ගත යුතුය.

පුරාවස්තු යනු මොනවා දපුරාවස්තු යනු මොනවාද යන්න තේරුම් ගැනීමට පෙර පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂයයන් දෙකේ වෙනස ගැන විමසා බලමු.

ඉතිහාසය යනු කුමක් දඉතිහාසය ආරම්භ වන්නේ ලේඛනය හෙවත් ලිවීම මිනිසා විසින් ආරම්භ කළ කාලයේ සිටය. ඒ අනුව අපගේ පැරණි යුග පිළිබඳ ලේඛන ගත වී හෙවත් ලියා ඇති තොරතුරු ඉතිහාසය ලෙසින් සැළකේ. අප රටේ නම් ඉතාම පැරණි ලේඛන හමුවන්නේ ශිලා ලිපි වලය. ගල්වල ලියූ අකුරු ය. මේ නිසා ලියන ලද පැරණි ලේඛන ඉතිහාසයට අයත් වෙයි.ඊළඟට අපි විමසා බලමු, පුරාවස්තු යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද කියා. අපේ පැරණි මුතුන් මිත්තන් නැතහොත් පැරණි මානවයින් (මිනිසුන්) විසින් භාවිතා කරන ලද හැඩගස්වන ලද සකස් කරන ලද සියලුම භෞතික දේවල අවශේෂ වලට පුරාවස්තු යන නාමය භාවිතා කරනු ලැබේ. මෙහිදී ඔබට භෞතික අවශේෂ යන කරුණ තරමක් ගැඹුරු වචනයක් විය හැකිය. භෞතික අවශේෂ යනුවෙන් හඳුන්වන්නේ පැරණි කාලයේ මිනිසුන් සෑදූ, හෝ නිර්මාණය කළ භාවිතා කළ යම් යම් දේවල කොටස්ය. අපි උදාහරණයක් ගෙන බලමු. පැරණි අනුරාධපුරයට ගියවිට ඔබට දැකගත හැකි දේවල් ගැන මඳක් සිතන්න. මොනවාද පැරණි ගල්ලෙන්, ඒ ගල්ලෙන් වල කොටා ඇති අකුරු සමහර ගල්ලෙන් අසල ඇති පැරණි උළු කැබලි, පැරණි ගඩොල් කැබලි, පැරණි වළං කැබලි, ඉතා පැරණි යුගයේ මිනිසුන් භාවිතා කළ ගල් ආයුධ කැබලි. ඊට පසු කාලයේ දී නම් සඳකඩපහන්, මුරගල් බුදු පිළිම, දාගැබ් වෙහෙර විහාර මේ සියලුම දේවල් පුරාණ අපේ මුතුන්් මිත්තන් සෑදු නැත්නම් භභාවිතා කළ දේවල් බව දැන් ඔබට වැටහෙනවා ඇත. ඒ අනුව තවත් පැරණි කාසි, පැරණි වළං කැබලි, පබළු, මැටි රූප පැරණි චිත‍්‍ර, ගුහා සිත්තම් මේ සෑම දෙයක්ම පුරාවස්තුවලට අයිති වේ. ඒ අනුව ඒවා ගැන ඉගෙන ගන්නා විද්‍යාවට පුරාවිද්‍යාව යන නාමය භාවිතා කරනු ලැබේ. මේ කාරණා ගැන විමසන විට පුරාවිද්‍යාව   යනු පැරණි මානවයා විසින් හැඩගස්වන ලද නිර්මාණය කරන ලද හෝ භාවිතා කරන ලද භෞතික අවශේෂ පිළිබඳ ඉගෙනීම සඳහා පුරා විද්‍යාව යන නාමය භාවිතා කරන බැව් ඔබට වැටහෙනවා ඇත.දැන් අපි ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂයයන් දෙක ගැනම ඉතා කෙටියෙන් විමසා බැලුවෙමු. මේ විෂයයන් දෙක ගසට පොත්ත සේ සම්බන්ධ වී පවතී. තවත් ලෙසකින් පැහැදිලි කළහොත් කාසියක දෙපැත්ත වැනි ය.

අප රටේ පැරණි උරුමය සුරකින රාජ්‍ය ආයතන හතරකිඅප රටේ පැරණි උරුමය සුරැකීමට ඇප කැප වී සිටින රාජ්‍ය ආයතන සතරකි. සැබැවින්ම මෙම රාජ්‍ය ආයතන හතරේ සිටින සේවක හා නිලධාරීන්ගේ රාජකාරිය මේ අපගේ පැරණි උරුමය සුරැකීම බව සත්‍යයකි. එසේ වුව ද පුරවැසි අප හැමගේම ළමයින් වන ඔබගේ ද යුතුකම වන්නේ මේ අපගේ ජාතික උරුමය රැකගැනීමය. අප රටේ ඒ ප‍්‍රධාන රාජ්‍ය ආයතන හතර කුමක් දැයි විමසා බලමු.1. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව2. යුනෙස්කෝ - ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකෝණය (මෙකල මධ්‍යම සංස්කෘතික අරමුදල නමින් මේ ආයතනය හැඳින්වේ.)3. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව4. ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවමේ පැරණි රාජ්‍ය ආයතන වලින් අප රටේ පුරාවස්තු මෙන්ම පැරණි ලේඛන ද ආරක්‍ෂා කිරීමේ කටයුතු මෙන්ම එම අපගේ පැරණි ජාතික උරුමය පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාදීමේ වැඩපිළිවෙළ ද කි‍්‍රයාත්මක කරනු ලැබේ.

මේවාත් පුරාවස්තුවලට අයත් වේපුරාවස්තුවලට අයත් වන්නේ 1815 පෙර කාලයට අයත් වූ වසර සියයකට වඩා පැරණි පුරාණ දේවල්ය. මේ සඳහා පුරාණ කාසි, උළු කැට, ගඩොල්, මැටි, ලෝකඩ, රිදී රන් ආලේපිත බුදුපිළිම බෝධිසත්ව පිළිම හා වෙනත් හින්දු ප‍්‍රතිමා ද මේ ගණයට අයත් වේ. පැරණි මැටි භාජන කැබලි ද මැටි භාජන ද පුරාවස්තු ලෙසින් සැළකේ. ශිලාලිපි ද පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වේ. ඒ නිසා ඒවා ද පුරාවස්තු ලෙසින් හැඳින්වේ.දාගැබ්, බුදුපිළිම, සඳකඩ පහණ, මුරගල් හා පඩිපෙළවල් ආදී මේ සියලුම දේ අපට අයත් වන පුරාවස්තු මෙන්ම ඒවා පූජනීය වස්තු ද වේ. බුද්ධාගමට පමණක් නොව හින්දු කි‍්‍රස්තියානි හා ඉස්ලාම් ආගමට අයත් වසර සියයකට වඩා පැරණි ස්ථාන හා වස්තු ද පුරාවස්තු සේ සැළකේ. උදාහරණ ලෙසින් ගාල්ල ලන්දේසි බලකොටුව අපගේ පුරාවිද්‍යාත්මක ස්ථානයකි.ලන්දේසි ආක‍්‍රමණිකයින් ලෙසින්් මේ රටේ සිටියත් ඔවුන් විසින් ඉදිකරන ලද ලංකාවේ වෙරළ ආශි‍්‍රතව ඇති බලකොටු සියල්ලම පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙසින්් ආරක්‍ෂා කරනුු ලැබේ.මේ නිසා සෑම ජාතියකටම අයත්් වන අප රටේ පැරණි ස්ථාන හා ස්මාරක අපගේ ජාතික උරුමයට අයත් වන නිසා කිසිදු බේදයකින් තොරව ඒ සියල්ල රැකගැනීම අපගේ යුතුකමකි.එච්. සී. පී. බෙල් මහතා (1890 - 1912) ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප‍්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් (1940 - 1956)ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරුආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාආචාර්ය රාජා ද සිල්වා මහතාආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතාආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාපුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරු1990 න් පසුු එම තනතුර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ලෙසින් භාවිතා වේ.ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාඇම්. එච්. සිරිසෝම මහතාආචාර්ය සිරාන්් දැරණියගල මහතාආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල මහතාආචාර්ය සෙනරත් දිසානායක මහතා (වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්.)

මධ්‍යම සංස්කෘතික අරමුදලඑවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේ දැඩි පරිශ‍්‍රමය නිසා බිහි වූ සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතිවලට යුනෙස්කෝ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය  (United Nations Educational Scientific and Cultural Organization - Unesco) මගින් දියත් කර ඇති මෙවැනි යෝජනා ක‍්‍රම රැසක් ඉන්දුනීසියාවේ බොරෝබුදුර්, ඉතාලියේ වැනිස්, තායිලන්තයේ සුඛෝතායි, පාකිස්තානයේ මොහොන්දෝජාරෝ යන ස්ථාන වල අරඹා ඇත.මේ අනුව යුනෙස්කෝ සංවිධානයෙ අධ්‍යක්‍ෂවරයා 1979 වර්ෂයේ මාර්තු මාසයේදී ශී‍්‍ර ලංකාවට පැමිණ සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ සාකච්ඡා කර යුනෙස්කො - ශී‍්‍ර ලංකා සංස්කෘතික යෝජනා ක‍්‍රමය සකස් කරන ලදී. 1979 වර්ෂයේ දීම යුනෙස්කෝ විධායක මණ්ඩලය විසින් මෙම යෝජනා ක‍්‍රමය අනුමත කරන ලදී. මේ මහඟු කාර්යයට අත හිත දීමට ලෝක ආහාර සංවිධානය ද හවුල් වූයේය. ඒ අනුව 1980 ජනවාරි මස 1 වැනිදා යුනෙස්කෝව සහ ලෝක ආහාර සංවිධානයේ සහාය ද ඇතිව යුනෙස්කෝ - ශී‍්‍ර ලංකා සංස්කෘතික ති‍්‍රකෝණ යෝජනා ක‍්‍රමය ආරම්භ විය. මෙම යෝජනා ක‍්‍රමය පිළිබඳව ශී‍්‍ර ලංකාව දක්වන ලද සහාය ද අගය කළ යුතුය.ශී‍්‍ර ලංකාවේ පිහිටුවන ලද මෙම යෝජනා ක‍්‍රමය සඳහා අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර යන අගනුවර සීමා ඒකකයන් ලෙස වෙන්කර ගත් ති‍්‍රකෝණාකාර භූමි ප‍්‍රදේශ සංස්කෘතික ති‍්‍රකෝණය ලෙසින් නම් කරන ලදී.මෙම ති‍්‍රකෝණ භූමි ප‍්‍රදේශය තුළ පිහිටි අනුරාධපුරයේ අභයගිරිය හා ජේතවනාරාමය යන දාගැබ් දෙක සහිත විහාර ආරාම ප‍්‍රදේශය ද පොළොන්නරුවේ ආළහන පිරිවෙන ද ලෝක ප‍්‍රකට සීගිරිය ද ශී‍්‍ර ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ විශාලතම ලෙන් චිත‍්‍ර සහිත වූ දඹුල්ල ද අවසාන සිංහල රාජධානිය වූ මහනුවර යන ඓතිහාසික සිද්ධස්ථාන පසුබිම් කොට ගෙන ප‍්‍රධාන වශයෙන් ව්‍යාපෘති හයකට අමතරව මෙම ති‍්‍රකෝණාකාර භූමි ප‍්‍රදේශය (අනුරාධපුර පොළොන්නරු හා මහනුවර) තුළ පිහිටි මැණික්දෙන, කළුදිය පොකුණ, පිදුරංගල, රිටිගල, අරංකැලේ, ඇම්බැක්කේ, ගඩලාදෙණිය, අලුවිහාරය, ලංකාතිලකය යන ස්ථාන ද සංස්කෘතික ති‍්‍රකෝණයේ අවධානයට ලක් වී තිබුණි.මෙම සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘති මගින් කරන ලද සංරක්‍ෂණ කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යක්‍ෂවරු ද ඒ ඒ ව්‍යාපෘතිවලට පත් කර සිටිති. එම ව්‍යාපෘති දැනට වැඩ කටයුතු දකුණු පළාත ප‍්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇති හෙයින් මෙකල සංස්කෘතික ති‍්‍රකෝණය යන්න මධ්‍යම සංස්කෘතික අරමුදල නමින් ව්‍යාවහාර වේ.මධ්‍යම සංස්කෘතික අරමුදල 1980 අංක 57 දරණ පනත 1980 දෙසැම්බර් මස 18 වැනි දින සම්මත කර ගන්නා ලදී. මෙම අරමුදලේ පරමාර්ථය වූයේ සංස්කෘතික ති‍්‍රකෝණයට අදාළ මූල්‍යමය (මුදල්) හා පරිපාලනය කටයුතු ක‍්‍රමවත්ව හා විධිමත්ව සංවිධානය කිරීමය.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife