ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ගජමන් නෝනා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ගජමන් නෝනා

මාතර යුගයේ ප‍්‍රකට කිවිඳියක ලෙස ගජමන් නෝනා හඳුන්වා දිය හැක. ඇය උපත ලැබුවේ 1758 වර්ෂයේදී කොල්ලුපිටියේ මිලාගිරි පල්ලියේදීය. ඇයට මාස 10 ක් පිරුණු තැන ඇය දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා යන නමින් බව්තිස්ම කළ බව මිලාගිරිය තෝම්බුවෙහි සඳහන් වේ. ඇගේ පියාගේ නම මහගජමන් ආරච්චිය. බටහිර ගිරුවා පත්තුවේ පදිංචි ඔහු වෘත්තියෙන් ලිපි කරුවෙකි. මව දෝන නෝනා බබා හාමිනේය. ඇය කොළඹ මිලාගිරියෙ පදිංචි කාන්තාවකි.පියාගේ නමින් ගජමන් යන්නද මවගේ නමින් නෝනා යන්නද ගලපා ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා පසුකාලීනව ගජමන් නෝනා යනුවෙන් කා අතරත් ප‍්‍රකට වූවාය. කොර්නේලියා ඉතා කුඩා අවදියේ දී පටන්ම ඉගෙනුමට සහජ හැකියාවක් දැක්වූවාය. අකුරු ඉගෙනීමට, කාව්‍ය නිර්මාණ කරණයට ඇය වැඩි කැමැත්තක් දැක්වූවාය. ඇගේ මේ දක්ෂතාවන් මනාව වටහාගත් ඇගේ මාමා කෙනෙකු වූ පත්තායමේ ලේකම් කොර්නේලියාගේ කවීත්වය දියුණු කර ගැනීමට උදව් කළේය. ඒ අනුව එවකට ලක්දිව ප‍්‍රසිද්ධ හිමි නමක් ළඟට ඈ රැඟෙන ගියේය. ඒ පුංචි කොලු ගැටයෙක් ලෙස වෙස් වලා ගෙනය.

එවකට ලංකාවේ කාව්‍යකරණයට ප‍්‍රසිද්ධ හිමි නමක් වූහ. ඒ කරතොට ධර්මාරාම නම් පණ්ඩිත නාහිමියෝ ය. උන්වහන්සේගෙන් අකුරු සතර හැදෑරීමට එවකට සිසුන් බොහෝ පිරිසක් සිටියහ. පිරිමි දරුවෙක් මෙන් කොණ්ඩය පැත්තට පීරා සරමක් බැනියමක් ඇඳ ගත් ඈ කරතොට ධර්මාරාම හිමි වැඩ වෙසෙන වේරගම්පිට විහාරයට ගියාය.ගජමන් ආරච්චිගේ පුතෙකු බවට තමා හඳුන්වා දෙමින් නුවර මල් වතු විහාරයේ නැවතී සිප් සතර හැදෑරුවාය. සිප් සතර නිම කොට නැවතත් ගම් බලා ගිය මේ කොලු ගැටයාගෙන් කිසිම තොරතුරක් කරතොට හිමියන්ට දැනගන්නට නොලැබිණි.දිනක් කරතොට හිමියන් බැහැදකින්නට ඈ ගියාය. ඇය කව්ද යන්න ගජමන් නෝනා කරතොට හිමියන්ට පැහැදිලි කර දුන්නාය. ඒ අවස්ථාවේදී කරතොට හිමියන් “ඔය ළමයා කරගත්තේ මහත් පාපයක්” යයි පැවසූ බව සඳහන් වේ.කාව්‍ය නිර්මාණ කරණයට තිබූ කැමැත්ත නිසාම ඇය එසේ කළ බව උන්වහන්සේට පැහැදිලි කර දුන්නාය. උන්වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණු ගජමන් නෝනා සමාව ඉල්ලා සිටියාය.කෙසේ වුව ද ඇය එසේ උපක‍්‍රම ශීලීව කාව්‍ය නිර්මාණ කරණය ඉගෙන නොගත්තා නම් ගජමන් නෝනා නමින් කිවිඳියක් ඉතිහාසයේ බිහි නොවන්නට ඉඩ තිබිණි.

කුඩා කොලුවකුගේ වෙස් ගෙන ගජමන් නෝනා කරතොට හිමිගෙන් ඉගනගත් බව පසු කාලීනව බොහෝ දෙනෙක් දැන ගත්හ. ඉන් කුපිත වූ ජනතාව ගජමන් නෝනා සහ කරතොට හිමියන් සම්බන්ධ කර විවිධ කටකතා ගෙතී තිබේ. ඒ අවස්ථාවේ එඩිතර වූ ගජමන් නෝනා කවියක් ලියා සියල්ලන්ටම බෙදා හැරී බව කියැවේ.ඉන් පසුව කටකතා ක‍්‍රමක් ක‍්‍රමයෙන් තුරන් වී ගිය බව සාහිත්‍යයේ එයි. කිවිඳියක ලෙස ප‍්‍රකට වූ කොර්නේලියා රූමත් තැනැත්තියකි. ගවුම් සායකින් සැරසී බොස්තරුක්ක අත්දිග හැට්ටය ඇඳ ඇට මාලය පැළඳි බැවින් ඇය අවට ගම්වාසීන් “නෝනා” යයි ඇමතූ බව ජනප‍්‍රවාදයේ එයි. ගජමන් නෝනාගේ විවාහය සිදුවූයේ ගාල්ලේ සිටි ප‍්‍රකට කවියෙකු ලෙස සැලකෙන තල්පේ මෙරෙංචි ගෙයි ගාර්දියෙස් ආරච්චි සමඟිනි. නෙත් වශී කරගන්නා රූප ශ‍්‍රීයක් හිමි ගජමන් නෝනාට නිවසින් බැහැරව යන්නට පිටත්වන අවස්ථාවේ සිය සැමියා කවියෙන් අවවාද රාශියක් දුන්හ.

යන මේ ගමනේ සිදුවුණි නම්   පරමාදඑන තුරු අන් දෙස නොබලන්   සිතු පෑදඅල පත පැන් වැකි විලසින්   නොව හාදසිහිව ඉඳින් ළඳෙ මා දුන්   අවවාද

මේ කවිය ඇසූ ගජමන් නෝනා සිය සැමියාට ඇසෙන සේ කවියට කවියෙන් පිළිතුරු දුන්නාය.හිමියනි ගමන් වල අඟනුන් නොව   හාදඑනු විගසින් එහි නොවමින් පර   මාදහිමියනි, දැන් ඔබ මට දුන්   අවවාදමම ඉවසම් මද රජ ඉවසුම්   දේද?විවාහයෙන් අවුරුදු දෙකක් පමණ ගිය විට ගාර් දියෙන් ආරච්චි මිය ගියේය. ඇයට මේ විවාහයෙන් “ජුවානිස් අල්විස්” නමින් පුතෙක් උපන්නේය. ඇය නැවතත් දෙවෙනි විවාහයක් කරගත්ත ද දෙවන සැමියා ද අවුරුදු අටකට පසුව මිය ගියේය. දෙවැනි විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙක් ලැබුණත් ඉන් තෙවැනි දරුවා රෝගයකින් මිය ගියේය. මේ සිදුුවීම් වලින් මහත් ශෝකයෙන් සිටි ඇයට පිහිටට හිටියේ පියා පමණි. එහෙත් පියාගේ මියයාම ඈ තවත් අසරණ තත්ත්වයට පත් කරන ලදී. සෝභිත හිමියන් බැහැදැකීමට කසාගල් විහාරයට ගිය ගජමන් ආරච්චි මහතා කසාගල සිට තංගල්ලට එන මාර්ගයෙදී වල් අලියෙකු විසින් පහර දෙන ලදුව 1801 දී පමණ මිය ගිය බව දැඩිතර ශෝක මාලයේ දැක්වේ. මව්පියන් මිය යාමෙන් ඇය මහත් දුකට පත් වූ බව ඇය. කවියෙන් ප‍්‍රකාශ කරන්නීය. මාතර යුගයෙය් ජීවත් වූ කවීන් මෙන්ම කිවිඳියන් ද නිර්මාණ කරණයේදී උසස් නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළෝය. ඒ අතර රෑණ හාමිණේ, අත්තරගම කුමාරිහාමි, විජේකෝන් මැතිණිය දෝන ප‍්‍රැන්සිනා දිසානායක ළමාතැනී, සබේ විදානේ සොයුරිය මෙන්ම අන්දරේ, වරණගණිත, පයිප්පු ආදී කවීන්ගේ භාර්යාවෝද කවිකාරියෝ වුහ. මේ කිවිඳියන් අතරින් ප‍්‍රමුඛස්ථානය ගජමන් නෝනාට ලැබුණි.ගජමන් නෝනා සමකාලීන කිවිඳියන් අතරින් උගත්කමින් මෙන්ම කවීත්වයෙන් ඉහළම තැනක සිටි කිවිඳියකි. නමුත් පසු කාලීනව ඇගේ දිළිඳු කම නිසා ම ඇයට ඇගේ හැකියාවන් ඔප් නංවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. ඇය පසුකාලීනව කවි ලීීවේ ඇගේ දරුවන් ජීවත් කරවීමටය. ඇය ලියූ කවි අතර දැඩිතර ශෝක මාලය, දෙණිපිටියේ නුග රුක වැනුම, පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය, සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි, සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ, තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම, තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය, මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම, මීට අමතරව ගජමන් නෝනා සහ ඇලපාත මුදලි අතර ඇති වූ සංවාද පිළිබඳ කවි මේ අතර වේ.සිංහල සාහිත්‍ය පරිහානියයට පත් වූ අවදියක් ලෙස මාතර යුගය හඳුන්වා දිය හැක. එවන් යුගයක ඉතා වෙහෙස මහන්සියෙන් කාව්‍ය ශාස්ත‍්‍ර ඉගෙන ගත් දක්ෂ කාන්තාවක් ලෙස ගජමන් නෝනා ගෞරවාදරයට පාත‍්‍ර වේ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 14 වෙනි සදුදා, 11:23
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife