ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ලෝවැඬ සඟරාව පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ලෝවැඬ සඟරාව

කෝට්ටේ රාජධානි සමයේ වීදාගම මහා විහාරාධිපතිව වැඩ විසූ මෛති‍්‍රය හිමියන් විසින් හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ.බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. “ පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන පද්‍ය 139 කින් යුත් ලොවැඩ සඟරාව රචනා කළෙමි “ යන්න“වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට “ යනුවෙන් හා“නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට “දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 139 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ.කලෙ කිනි බුදු කෙනෙකුන්  උපදින්නේදුකෙකිනි මිනිසත් බව ලැබ  ගන්නේමෙදෙකිනි මෙසසර දුක් දුර  ලන්නේසුඳනෙනි කිම වීරිය  නොකරන්නේබුදු කෙනෙකුන් උපදින්නේ දීර්ඝ කාලයක් ගත වූ විටය. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබ ගන්නේ දුකකිනි. සංසාර දුක දුරුකර ගත හැක්කේ මේ මාර්ග දෙකින් පමණි. එසේ නම් සත් පුරුෂයිනි මේ දුකින් මිදීමට උත්සාහ නොගන්නේ මන්ද?අද අද එයි මරු පින්කර  ගන්නේකෙලෙසද හෙට මරු නේති  සිතන්නේකිකලද මහසෙන් මරු ඇප  වන්නේකුමටද කුසලට කම්මැලි  වන්නේමාරයා අද වුවත් ඒවි යැයි හිතාගෙන කුසල් කරන්න . හෙට මාරයා නො එතී කියන්නේ කෙසේද? දස බිම්බරක් මහා සේනාව ඇති මාරයා අප ආරක්ෂා කිරීමට ඇප වන්නේ කවර කලක ද? එබැවින් කුසලට කම්මැලි වන්නේ ඇයි .සෙත සලසන මුණි බණ ඇත  සුමිහිරිඇත තොපගේ කන් ඇසුමට  නොබිහිරිනැත කරනට පිනකුත් මෙ තොපට  බැරිසතර අපා දුක් වද වඳිනට  බැරිසෙත සලසන්නා වූ මිහිර බුදු ගුණ මේ කාලයේ ඇත. ඒවා ඇසීම පිණිස තොපගේ බිහිරි නොවූ කන්ද ඇත. තොපට කරන්නට බැරි පිනක්ද නැත්තේය. එහෙත් කිරීමට බැරි සතර අපායේ දුක් හා වද විඳීම නොවෙද ?බණ නම් නිබොරුය  මුණිවරයන්නේකයනම් නොතිරය අදහා  ගන්නේපණනම් තණ අග පිනි බිඳු  වැන්නේපින නම් නොපමාවම කැර  ගන්නේබුදු වරයන්ගේ ධර්මය බොරු නොවේ. එබැවින් ශරීරය නම් ස්ථිර දෙයක් නොවන බව විශ්වාස කරන්න ප‍්‍රාණය නම් තණ කොළයක අග එල්ලෙන පිනි බිඳුවක් මෙන් තාවකාලිකය. ඒ බැවින් පින් කිරීමට නම් පමාවන්න එපා

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 14 වෙනි සදුදා, 11:31