නිවස සමාජමය සමාජමය සුදු සැරයටි දිනයේ කතාව

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
සුදු සැරයටි දිනයේ කතාව පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

සුදු සැරයටි දිනයේ කතාව

ස්වභාවධර්මයේ කිසියම් සරදමක් හේතුවෙන් උපතින් හෝ ඉන් පසුව අන්ධ වූවෝ බොහෝ විට අසරණ වන අවස්ථා කොතෙකුත් තිබේ. ඔවුන් මේ සමාජයේ ම කොටසක් ලෙස සිතා ඔවුන්ට නිසි තැන ලබා දිය යුතුය. එහෙත් බොහෝ විට සිදුවන්නේ එම පුද්ගලයන්ට අනුකම්පා කිරීමක් පමණි. තමන්ට අවශ්‍ය අනුකම්පාවක් නොව මේ සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන් ම සමානව ජීවත් වීමේ අයිතිය බව පෙන්වාදීමට ඔවුන් තීරණය කළේ ය. එහි ප‍්‍රතිඵලයක් ලෙසට ලෝකවාසී අන්ධ ජනතාවගේ දිනයක් බිහි විය. එය හඳුන්වනු ලැබුවේ “ සුදු සැරයටි දිනය” ලෙසටයි.සුදුසැරයටියේ පසුබිම් කතාව බිහිවන්නේ වර්ෂ 1930 සිටය. අමරිකාවේ ජීවත් වූ අන්ධ පුද්ගලයන්ට මහමග යාමේදී නොවැටී යාම සඳහා එරට රජය විසින් ආධාරකයක් අවශ්‍ය බව තීරණය කළේ ය. ඒ අනුව එරට සිංහ සමාජය මඟින් අන්ධ පුද්ගලයන් සඳහා සුදුපාට ආලේපිත සැරයටියක් ලබා දුනි. මෙම සැරයටිය රැගෙන මහ මග ගමන් කරන ජනතාව ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර ඔවුන්ට ඉන් පෙර වූ කරදර හිරිහැරද ක‍්‍රමයෙන් අඩු වන බවක් පෙනුණි. මේ හේතුවෙන් නොබෝ දිනක් ගතවන්නට පෙර අමරිකාව පුරාම සිටින අන්ධ ජනතාවගෙන් මෙම සුදු සැරයටියට හොඳ ඉල්ලුමක් ඇති විය.

ක‍්‍රමයෙන් මෙය අන්ධ පුද්ගලයන්ගේ ආරක්‍ෂාව පමණක් නොව ඔවුන්්ගේ ආත්ම ගෞරවයට මෙන් ම ස්වාධීනත්වයටද පිටිවහලක් වන බව වටහා ගත් එවකට එහි සිටි අන්ධ පුද්ගලයන්ගේ සංගමය මෙය සුහද සංකේතයක් ලෙස භාවිතා කරන ලදී. වර්ෂ 1942 දී අමරිකාවේ සිංහ සමාජ හා එක් වූ අන්ධ පුද්ගල සංගමය ප‍්‍රථම වරට “ සුදු සැරයටි දිනයක්” පැවැත් විය. අනතුරුව මෙයට යුරෝපයද එක් විය. 1950 වන විට යුරෝපයේ සිටි අන්ධ පිරිසෙන් 95% පමණ සුදු සැරයටියක් භාවිතා කිරීමට පෙළඹුණහ. ඔවුහු තමන්ට වෙන් වූ වෙනම දින යොදා “ සුදු සැරයටි දිනයක් පැවැත් වූහ. “මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට ලෝකයේම අවධානය මොවුන් වෙතට යොමු වීය. එහි බලපෑමක් ලෙස 1969 දී ප‍්‍රථම ජාත්‍යාන්තර අන්ධ සමුළුව පැවැත්විණි. ඒ ශී‍්‍ර ලංකාවේ ගෝල්පේස් හෝටලේ දී ය. වර්ෂ 1969 ඔක්තෝම්බර් 01 දා සිට 04 වැනිදා දක්වා පැවැත් වූ මෙම සමුළුවට රටවල් 618 ක් නියෝජනය කරමින් අන්ධ පුද්ගල සංවිධානවල නියෝජිතයෝ 618 ක් සහභාගි වූහ.මෙම සම්මේලනයේදී අන්ධ ජනතාව වෙනුවෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග රැසක් තීරණය වූ අතර සෑම වසරකම ඔක්තෝම්බර් මස 15 වන දා “ සුදු සැරයටි දිනය ලෙස නම් කිරීමද සිදු විය. එසේ ම ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනය ද බිහි විය. එහෙත් සුදු සැරයටි දිනය ඔක්තෝම්බර් 15 වන දා පැවැත්විය යුතු යැයි ප‍්‍රථම වරට ප‍්‍රකාශයට පත් වූයේ 1964 දී ය. ඒ අමරිකාවේ 36 වන ජනාධිපති වූ ලින්ඩන් බී. ජොන්සන් මහතාගේ නියමයෙනි.

ශෂිකා ලක්මාලි පෙරේරා

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 14 වෙනි සදුදා, 12:37
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife