නිවස ආගමික ආගමික නොවැම්බර් 2 දා මළවුන් සිහිපත් කරන දා

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
නොවැම්බර් 2 දා මළවුන් සිහිපත් කරන දා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

නොවැම්බර් 2 දා මළවුන් සිහිපත් කරන දා

“ ඔබ මළවුන් වෙනුවෙන් කඳුළු සලා ඇඬුවත් , යම් දාක ඒවා වියලී යයි. ඒත් ඔබ ඔවුන් වෙනුවෙන් දෙවියන් වෙත අයදින්න. ඒ යැදුම ස්වර්ගයට යොමු වී දෙවිඳුන් එය බාර ගනු ඇති “ශුද්ධ වූ අගුස්තීනු තුමා, මළවුන් සම්බන්ධයෙන් පැවසූ දෙය එයයි. (එතුමා කතෝලික සභාවේ ශුද්ධවරයකු සේ සලකයි. )ඒ අනුව නොවැම්බර් 2 දා ලෝකයේ සියලුම කතෝලිකයින්ට විශේෂ දවසක් . එදින ඔවුන් මළවුන්ගේ දිනය සමරති.

කිතු දහමට අනුව කිතුනුවන් , සදාකාලික වූ ජීවිතයක් කෙරෙහි බලාපොරොත්තු ඇතිව සිටි. එනම්, මතු දිනෙක දෙවියන් දැකීමේ බලාපොරොත්තුවයි. අප සැමටම පොදු දේ කුමක්ද? එනම් මරණයයි. අප මැරුණු අයට බුහුමන් දක්වන්නේත් , පිං පමුණුවන්නේත් ඇයි ? ඒ, ඒ අයගේ ආත්ම වලට සැනසුම පැතීමටයි.මළවුන්ගේ දිනය සැමරීම තුළින් කිතුණුවන් ඊට ත් වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙයි. එනම්, ඒ අය ජීවත්ව සිටියදී අප වෙනුවෙන් ඉටු කළා වූ හැම යහපත් කි‍්‍රයාවක් හා පරිත්‍යාගයක් වෙනුවෙන් ඒවා සිහිපත් කර, ඒවාට ස්තුති කිරීමයි. අපගේ කෘත ගුණ ඔවුන් වෙත දැනවීමයි. ඒ සඳහා කිතුණුවන් විවිධ භක්ති අභ්‍යාසවල යෙදේ.ඒවා නම් ,මියගිය තම නෑයින් හා හිතවතුන් භූමිදාන කළ ස්ථාන පිරිසිදු කිරීම . මියගිය අයගේ ආත්මයන් වෙනුවෙන් යාච්ඥා කිරීම ඔවුන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජා පැවැත්වීමත්, ඒවාට සහභාගි වීමත් නොවැම්බර් 2 දා ට කතෝලිකයින් ඉටු කරන විශේෂ භක්ති අභ්‍යාස කීපයකි.ඉතින් අපි එදිනට ,ඔවුන් වෙත මල් රැගෙන යමු. ඔවුන් අප වෙනුවෙන් කළදේ සිහිපත් කර තුති පුදමු. අප පිදූ මල් පරවී යනු ඇති නමුත් අප ඔවුන් වෙනුවෙන් දෙවිඳුන්ට කළ අයැදීම තුළින් ඔවුන්ගේ ආත්මයන් සැනසුම සොයා ගනු ඇති .

සමුද්‍රිකා වර්ණකුල

 

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 14 වෙනි සදුදා, 12:27
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife