නිවස චරිතාපදාන චරිතාපදාන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහු අධ්‍යාපනයට වඩා සිත යොමු කළේ කෙළි සෙල්ලම් සඳහාය. ටෙනිස්, කි‍්‍රකට්, පෝලෝ, බොක්සිං ,මල්ලවපොර පමණක් නොව අසුන් පිටයාමට ද මනා දස්කමක් දැක්වූ අතර මොහු නමින් ජෝන් ලයනල් කොතලාවල නම් විය.යුධහමුදා නිලධාරියකු වූ ජෝන් කොතලාවල මහතාගේත් ඇලිස් ආටිගල මැතිනියගේත් පුතකුව 1895 දී බණ්ඩාරගම කොතලාවල දී උපත ලද ජෝන්ට වයස අවුරුදු එකොළහ පමණ වන විට පියා මියගියේය. එතැන් පටන් කුඩා ජොන් සහ පවුලේ අනෙකුත් අයගේද සමීප ඥාතීන් වූයේ බෝතලේ වලව්වේ සේනානායකවරුන් ය.උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බි‍්‍රජ් සරසවියට ඇතුළු වූ කොතලාවල එහිදී වසර පහක් අධ්‍යාපනය හදාරා කෘෂිකර්මය පිළිබඳ උපාධියක් ලැබීය. එංගලන්ත අධ්‍යාපනය අවසන් කොට මෙරටට පැමිණි ජෝන් යුධ හමුදාවට බැඳීපියා ලෙසම රටට සේවයක් කිරීමට පටන් ගත්තේය. 1929 දී තම සිහිනය සැබෑ කර ගනිමින් පාබල හමුදාවට බැඳුණ මොහු විශිෂ්ට සාමාර්ථය ,විශිෂ්ඨ සේවය හා කුසලතා පිළිබඳ පදක්කම් ලෙස ඇගයීම් රාශියක් ලබා ගත්තේ ය. හමුදා දිවියේ දී නිර්භීත භාවය, කාර්යක්‍ෂමභාවය , විනය, දේශපෙ‍්‍ර්මිත්වය, ස්ථිරබව ආදිය මෙන්ම මනා හැදියාවද ලැබුවේය. මෙසේ කලක් සේවය කොට විශ‍්‍රාම ලැබූූ කොතලාවල මහතා ඒවන විට කර්නල්වරයකු බවට පත්ව සිටියේය.සේනානායකවරුන් සමඟ ලඟම සබඳතාවන් තිබූ බැවින් ඔවුන් මෙහෙය වූ නිදහස් සටනට කොතලාවල මහතාද නිතැතින්ම සහභාගී විය. එමඟින් මෙරට දේශපාලනයට යොමුුවූ මෙතුමා 1931 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභා තරගයට ඉදිරිපත් විය. එහිදී කුරුණෑගල ආසනය දිනාගත් කොතලාවල මහතා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ කටයුතු කළේය. ඒ අනුව රජරට ගොවි ජනපද ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කළ එතුමා මින්නේරි ගොවි ජනපද ව්‍යාපාරය ඇරඹීය.

නැවතත් 1936 දී පැවැත්වූ මහා මැතිවරණයේදී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට පත්වූ මෙතුමා එම ඇමති මණ්ඩලයේ මංමාවත් සහ කර්මාන්ත අමාත්‍ය ධූරය ඉසිලී ය. එම කාලවකවානුවේ දී ලක්‍ෂපාන ජල විදුලි ක‍්‍රමය, සිවිල් ගුවන් සේවය, අත්‍යාවශ්‍ය සේවා ශ‍්‍රමික හමුදාව පිහිටුවීම, දිවයින පුරා නව මාවත් පිහිටු වීම හා අබලන් මාවත් තාර දමා ප‍්‍රතිසංස්කරණය කිරීම, දිවයිනේ කර්මාන්ත සංවර්ධන ආදී කටයුතු රාශියක් එතුමාගේ මූලිකත්වයෙන් දියත් කෙරුණි.1947 මහ මැතිවරණයේදී දොඩම්ගස්ලන්ද ආසනය දිනාගත් කොතලාවල මහතා එහිදී රථවාහන සහ කර්මාන්ත අමාත්‍ය ධූූරය ඉසිළීය. එම අවධියේදී කොළඹ වරායේ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹුණු අතර මංමාවත්, ගුවන්සේවා හා වරාය යන අංශවල මනා දියුණුවක් දැකගත හැකි විය. 1952 දී සභානායක ධූරය ද කොතලාවල මහතා දරණ ලදී. දෙවන ලෝක සංග‍්‍රාම සමයේ යුද්ධ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද පශ්චාත් යුද්ධ ගැටලු කමිටුවේ සභාපති වශයෙන් ද කටයුතු කළ කොතලාවල මහතා මේ නිසාම දෙස් විදෙස් නායකයින්ගේ ඇගයීමට ලක්විය.1952 දී නැවතත් දොඩම්ගස්ලන්ද ආසනය ජයගෙන කර්මාන්ත සහ රථවාහන පිළිබඳ අමාත්‍ය ධූරය දැරීය. 1953 දී ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වූ විට කොතලාවල මහතා අගමැති ලෙස පත්විය. ආසියාතික රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකු එකට මුණ ගැසුනු “බැංඩූන් සම්මේලනය” මෙතුමාගේ යෝජනාවක ප‍්‍රතිඵලයකි. 1954 දී ඉන්දියාව ,පාකිස්ථානය යන රටවල් දෙකෙහි සංචාරයක යෙදුනු කොතලාවල මහතා නීති විරෝධි සංක‍්‍රමණිකයන් පිළිබඳව විසඳුම් ඉදිරිපත් කළේ ය.1955 දී එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සමුළුවේ දීත් එම වර්ෂයේ දීම බැංඩූන් ආසියා අපි‍්‍රකා ජාතීන්ගේ සමුළුවේ දීත් කොතලාවල මහතා විසින් පවත්වන ලද දේශනය විදෙස් විචාරකයින්ගේ පැසසුමට පවා ලක්විය. එතුමාගේ වීරත්වය එහිදී මනාව විදහා පා ඇති බව පොතපතෙහි සඳහන් වේ.බුද්ධ ජයන්ති මහෝත්සවය පැවැත්වීම බෞද්ධ කටයුතු පිළිබඳ මණ්ඩලයක් පිහිටුවීම, ති‍්‍රපිටකය සිංහලයට පරිවර්තනය කිරීම, බෞද්ධ විශ්ව කෝෂය සැකසීම ආදිය  එතුමාගෙන් බෞද්ධාගමට සිදු වූ සේවාවන්ගෙන් කිහිපයකි.කොතලාවල මහතාගේ ඉල්ලීමක ප‍්‍රථිපලයක් ලෙසට මෙරට ආණ්ඩුකාර පදවියට මුල්වරට ශ්‍රී ලාංකිකයකු පත් විය. ඒ 1954 දී ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ය.කඳවල පිහිටි සිය මන්දිරය හා වතුපිටි රජයට පරිත්‍යාග කොට එහි යුධ හමුදා අභ්‍යාස විද්‍යාලයක් පිහිටුවන ලෙස යෝජනා කළෙය. ඒ අනුව අද එහි කොතලාවල ආරක්ෂක අධ්‍යාපන පීඨය පිහිටා ඇත. ජීවත්ව සිටින කාලයේ එතුමා විදෙස් රටවල් බොහොමයකින් ගරුනම්බු නාම ලැබුවේය. තම ජීවිතයේ අවසන් භාගයේදී දේශපාලනයෙන් සමුගත් කොතලාවල මහතා නිදහස් දිවියක් ගත කළේය.

ශෂිකා ලක්මාලි පෙරේරා

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 10 වෙනි බ්‍රහස්පතින්දා, 16:52
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife