නිවස පාරිසරික පාරිසරික ඩ‍්‍රසීනා පවුලට අයත් පිලියෝමලී රිප්ල

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ඩ‍්‍රසීනා පවුලට අයත් පිලියෝමලී රිප්ල පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ඩ‍්‍රසීනා පවුලට අයත් පිලියෝමලී රිප්ලෙක්ෂා

ඩ‍්‍රසීනා පවුලට අයත් අපනයන ශාක විශාල සංඛ්‍යාවක් ඔබට හඳුන්වා දී ඇති අතර මෙවර ද තවත් ඩ‍්‍රසීනා ප‍්‍රභේදයක් හඳුනා ගනිමු. ඒ “පිලියෝමලී රිප්ලෙක්ෂා” (Pleomele Reflexa).වෙනත් විසිතුරු පති‍්‍රක ශාක වලට වඩා වැඩි කාලයක සිට ශී‍්‍ර ලංකාවේ පැවැති මෙම පිලියෝමලී රිප්ලෙක්ෂා ශාකයේ ප‍්‍රභේද හතරක් දැනට හඳුනාගෙන තිබේ. එම ප‍්‍රභේද හතරම අපනයනය පිණිස ද යොදා ගනු ලැබේ.01. පිලියෝමලී සෝන්ස් ඔෆ් ඉන්ඩියා02. පිලියෝමලී සෝන්ස් ඔෆ් ජැමෙයිකා03. පිලියෝමලී සෝන්ස් ඔෆ් ලංකා04. පිලියෝමලී ජැමෙයිකා ගී‍්‍රන්

* පිලියෝමලී සෝන්ස් ඔෆ් ඉන්ඩියාඉතාමත් අලංකාර ශාකයක් වූ මෙය වැඩුණු පසු පඳුරක් ආකාරයට දිස්වේ.ඉතා සවිමත් පත‍්‍රයක් වූ මෙම පත‍්‍රයේ මැද කොළ පැහැති තීරුවක් දක්නට ලැබෙන අතර දාරය දෙපස දීප්තිමත් කහ පැහැයක් දක්නට ලැබේ. අත්ත වටාම ළඟින් ළඟින් පිහිටි පිලියෝමලී කොළ මඳක් සිහින් දිගැති හැඩයක් ගනියි.

* පිලියෝමලී සෝන්ස් ඔෆ් ජැමෙයිකාමෙම ශාකයේ හැඩය සහ වැවීමේ ස්වභාවය “සෝන්ස් ඔෆ් ඉන්ඩියා” ආකාරයටමය. පත‍්‍රයේ හැඩය සහ ප‍්‍රමාණයද එයම වන අතර වර්ණය පමණක් වෙනස් වේ. එනම් සෝන්ස් ඔෆ් ජැමෙයිකා ශාක පත‍්‍ර කොළ පැහැයක් ගන්නා අතර බොඳවුණු කහ පැහැයට හුරු තීරයක් පත‍්‍ර මධ්‍යයේ දැකිය හැකිවේ.* පිලියෝමලී සෝන්ස් ඔෆ් ලංකාවැඩි වශයෙන් දක්නට නොලැබෙන මෙම ශාකය සෝන්ස් ඔෆ් ඉන්ඩියා සහ සෝන්ස් ඔෆ් ජැමෙයිකා දෙවර්ගයම මුසු කරමින් ශී‍්‍ර ලංකාවේ ඇති කළ ශාකයකි.මෙහි කඳෙ ඉහළ කොටසේ කරටි පත‍්‍ර සෝන්ස් ඔෆ් ඉන්ඩියා පත‍්‍ර වල හැඩය සහ පැහැය ගන්නා අතර කඳේ පහත කොටසේ පත‍්‍ර ජැමෙයිකා වර්ණය ගනියි. මේ නිසා වඩාත් විසිතුරු ශාකයක් ලෙස හැඳින්විය හැකිය.

* පිලියෝමලී ජැමෙයිකා ගී‍්‍රන්මෙම ශාකයද පඳුරක් ලෙස අනෙක් ශාක මෙන් වැඩෙන අතර පත‍්‍රයේ පැහැය පමණක් වෙනස් වේ. සෙසු ශාක පත‍්‍රවල මෙන් මෙම පත‍්‍රයේ වර්ණ සංකලනයක් දක්නට නොලැබෙන අතර මු ළු පත‍්‍රයම තද කොළ පැහැයක් ගනියි.

* රෝපණය සඳහා පැළ ලබා ගැනීමපිලියෝමලී ශාකයන් හි පැළ ලබා ගත හැකි පහසුම ක‍්‍රමය වන්නේ කරටි තවාන් කිරීමය. පෙ‍්‍රාපගේටරයක් තුළ සති 02 ක් හෝ 03 ක් පමණ තැබීමෙන් මුල් ඇඳගත් හොඳ තත්ත්වයේ කරටි ලබා ගත හැකි වන අතර මෙම පැළ තවානෙන් ගලවා ගැනීමේදී ඉතා පරිස්සමින් ගැළවිය යුතුය.

* පැළ සිටුවීමපැළ සිටුවීම සඳහා අඩි 2 ය 2 ය 2 වළවල් කපාගත යුතු අතර ඒවා යටට පොල් ලෙලි සහ කොළ රොඩු දමා ගන්න. අනතුරුව මතුපිට පස් කොටස් 02: කොහුබත් කොටස් 01: ගොම කොටස් 1/2 යොදා සකස් කරගත් මිශ‍්‍රණය වළවල් වලට දමා පැළ සිටුවා ගත යුතුය. පැළ සිටුවීමේදී එක් වළක තවානෙන් ගලවා ගත් පැළ 03 ක් සිටින සේ සිටුවන්න. එසේම වළවල් අතර පරතරය අඩි හතරක් පමණ තිබීම ප‍්‍රමාණවත්ය.

* සෙවණ සැපයීමපැළ සිටුවා මාසයක් පමණ යනතෙක් හොඳින් සෙවණ සැපයිය යුතු අතර අනතුරුව 40% ක පමණ සෙවණක් තිබීම සෑහේ. තරමක් උසැති පොල් ගස් පිහිටි ඉඩමක ඇති සෙවණ මේ සඳහා ප‍්‍රමාණවත් වන අතර යටි වගාවක් ලෙස පවත්වාගෙන ගිය හැකිය.

* ජලය සැපයීමමෙම ශාකයට පෝෂක ද්‍රව්‍ය හොඳින් ලබා ගැනීමට නම් මූල පද්ධතිය තෙත් ස්වභාවයෙන් තිබිය යුතුමය. එහෙත් එහි තෙත් ප‍්‍රමාණය වැඩි වූ විට ශාකය වැඩීමට බාධාවක් වී ශාකය මිය යාමටද ඉඩ තිබේ.ශාකය වැඩෙන අවධියේ දී ජලය සැපයීම සඳහා මල් බාල්දියක් භාවිතා කිරීම වඩාත් යෝග්‍යය. මන්ද වතුර බට ආදියෙන් ජලය සැපයීමේදී ශාක පත‍්‍ර හෝ කරටි කැඩී යාමට හෝ නැවීයාමට ඉඩ ඇති බැවිනි. පැළ සිටවූ මුල් කාලයේදී දිනපතා ජලය සැපයිය යුතු වුවත් පසුව සතියකට වරක් හොඳින් ජලය සැපයීම ප‍්‍රමාණවත්ය.

* පොහොර සැපයීමපැළ සිටුවා සති 06 කින් පමණ පසු N:P:K(නයිට‍්‍රජන් පොස්පරස් පොටෑසියම්) අඩංගු පොහොරක් යොදන්න. ශාකයට පොහොර අඩුවීමේදී වර්ධනය බාල වන බවක් දක්නට ලැබෙන අතර ශාකයේ රිකිලි ඇදී ඒමද ප‍්‍රමාද කරන බවත් පෙන්වයි. පැළ සිටුවා මාස 03 කින් පමණ පසුව මාස 06 කට පමණ වරක් රසායනික පොහොර යෙදීම ප‍්‍රමාණවත්ය.

* පාරිසරික සහ වෙනත් හානිඅවට පිහිටි ගස්වල මල් පැණි, කිරි ආදිය මෙන්ම සතුන්ගේ අපද්‍රව්‍ය පත‍්‍ර මත වැටීමෙන් පත‍්‍ර සහිත කරටි අපවිත‍්‍ර වේ. එවැනි අවස්ථාවක් දුටු විට වහාම ජලයෙන් සෝදා හරින්න. එමෙන්ම ජලය සැපයීමේදී වේගවත් ජල පහර වැදී පත‍්‍ර සහ කරටි කැඩී හෝ ඇදවීමට ඉඩ ඇති බැවින් මල් බාල්දියකින් ජලය සැපයීමට පුරුදු වන්න.අධික හිරු එළිය, අධික ජල සැපයුම වැනි හේතු නිසා ශාක කුඩා අවස්ථාවේදීම මැරී යාමට හෝ බාලවීමට පුළුවන. එම තත්ත්වය මඟ හරවා ගතයුතු අතර කෘමි හානි නම් එතරම් දක්නට නොලැබේ. වගාව හොඳින් නිරතුරු පරීක්ෂාවට ලක් වන්නේ නම් එවැනි පලිබෝධකයින් අතින් ඉවත් කර දමා හානිය නිවාරණය කරගත හැකිය.

* වෙළෙඳ පොළට සැපයීමමෙම පිලියෝමලී ශාකයේ කරටි වගාවෙන් කපා ගැනේ. දිග අනුව කරටි වල මිල නියම කෙරෙන අතර ඒවා නැවත සකස් කර වෙළෙඳ පොළට එක් කෙරේ. මෙම ශාක වලින් අග‍්‍රස්ථ ඉවත් කිරීමෙන් අලුත් අංකූර මතුවන අතර එයින් නව කරටි සැදී පඳුරක් ආකාරයට ශාකය අලංකාරව වැඩේ.එතරම් කාලයක් වැය නොකර, අඩු ශ‍්‍රමයකින් පොල් සහිත ඉඩමක යටි වගාවක් ලෙසින්  ද පවත්වාගෙන ගිය හැකි මම පිලියෝමලී ඔබේ නිවෙසට සහ ගෙවත්තටද මනා ආකර්ශනීය පෙනුමක් ගෙන දෙනවා නිසැකය.

සටහන - චම්පා  වරුසප්පෙරුම

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 11 වෙනි සිකුරාදා, 10:49
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife