නිවස ඓතිහාසික ඓතිහාසික පෘථිවිය ඇතිවූ මුල්ම ස්වභාවික සම්පත

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
පෘථිවිය ඇතිවූ මුල්ම ස්වභාවික සම්පත පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

පෘථිවිය ඇතිවූ මුල්ම ස්වභාවික සම්පත

විවිධ ස්වභාවික සම්පත් අතරින් පෘථිවිය මත මුලින්ම ඇති වූ සම්පත ලෙස පාෂාණ හැඳින්විය හැක.පාෂාණ සෑදී ඇත්තේ ඛනිජ ලෙස හැඳින්වෙන රසායනික සංයෝග එකක් හෝ කීපයක් මගිනි.විවිධ හේතු මඟින් පාෂාණ සියුම් කැබලි වලට කැඩීමෙන් පසු කලකදී පසද ඇතිවිය.පාෂාණ වර්ග අතරින් මුලින්ම ඇති වූ පාෂාණ වර්ග ආශ්නේය පාෂාණ වේ. පෘථිවි ඉතිහාසසේ ආදිම යුගය වන ප‍්‍රාග් කේම්බි‍්‍රය යුගයේ සිටම මෙම පාෂාණ වර්ගය සෑදී ඇත.පෘථිවි අභ්‍යන්තරයේ දැනටත් ඇති මැග්මා හෙවත් ද්‍රව තත්ත්වයේ වූ ඛනිජ මිශ‍්‍රණ ආරම්භයේ දී පෘථිවිය මතුපිට පවා පැතිර තිබුණ අතර ඒවා සිසිල් වීම නිසා මෙම ආගනේ ය පාෂාණ සෑදී තිබේ. මෙම ද්‍රව්‍ය මිශ‍්‍රණය ගිනිකඳු සකී‍්‍රය වීමේ දී පිටතට ගලා එන අතර එවිට ඒවා ලාවා යනුවෙන් හැඳින්වේ. ලාවා සිසිල් වීමෙන්ද ආගනේ ය පාෂාණ ඇතිවේ. බැසෝල්ට් පාෂාණ එයට උදාහරණයකි.තිරුවාන හෙවත් සිලිකා, පෙල්ස්ටාර් හා මයිකා යන ඛනිජ මිශ‍්‍රණයකින් තැනී ඇති ග‍්‍රැනයිට් යනු සුලභ ආගනේය පාෂාණයකි. මේවා මැග්මා ඝන වීමෙන් සෑදී ඇත.ප‍්‍රාග් කේම්බි‍්‍රය යුගයේ දී ඇති වූ ග‍්‍රැනයිට් බලංගොඩ ප‍්‍රදේශයේ බහුලව දක්නට ඇති අතර පෙග්මයිට් හා සර්පන්ටයින් වැනි වෙනත් ආගනේ ය පාෂාණ වර්ග පිළිවෙලින් මාතලේ හා උඩවලව ප‍්‍රදේශවලින් හමුවේ.ඛනිජ හෝ ඛනිජ මිශ‍්‍රණවල සියුම් කැබලි පොළොවේ තැන්පත් වීමෙන් සෑදෙන පාෂාණ අවසාදිත පාෂාණ ලෙස හැඳින්වේ’ මේ අනුව ජල පහරින් ගසාඑන මැටි තැන්පත් වීමෙන් ශල්කද, වැලි තැන්පත්වීමෙන් වැලි ගල්ද ඇතිවේ.

 මීට අමතරින් මුහුදේ රසායනික ප‍්‍රතිකි‍්‍රයා මඟින් ඇතිවන අවක්‍ෂෙප තැන්පත්වී හුනු ගල් හා ඩොලමයිට් වැනි අවසාදිත පාෂාණ ඇතිවේ. මේ අතර ඇතැම් මුහුදු ජීවීන්ගේ කි‍්‍රයාවන් නිසාද අවසාදිත පාෂාණ ඇතිවේ. කොරල්පර හා ගල් අඟුරු ද ඩයටම් නම් ක්‍ෂද්‍ර ජීවීන්ගෙන් ඇතිවන වැලි ගල්ද මීට උදාහරණ ලෙස දැක්විය හැක.වසර දශලක්‍ෂ 195- 135 කට පෙර පැවති ජුරාසික අවදියේ දී තබ්බොව ප‍්‍රදේශයේ ඇතිවී ඇති වැලිගල්ද, වසර දශලක්‍ෂ 22- 7 කට පෙර පැවති මයෝසීන අවදියේදී යාපනය හා පුත්තලම ප‍්‍රදේශයේ ඇති වූ හුණු ගල් ද මෑත කාලයේ දී ඇති වූ කොරල්පරද ශී‍්‍ර ලංකාවේ ඇති අවසාදිත පාෂාණ වර්ග වේ. තෙවැනි පාෂාණ වර්ගය වන විපරීත පාෂාණ සෑදී ඇත්තේ කලින් සඳහන් කළ ආගනේය හා අවසාදිත පාෂාණ දිගු කාලයක් තිස්සේ අධික උෂ්ණත්වයට හා පීඩනයට භාජනය වීමෙනි. ලංකාවේ වඩාත් බහුලව ඇත්තේ විපරිත පාෂාණය. ග‍්‍රැනයිට් පාෂාණ විපරීත වීමෙන් සෑදුණ නයිස් (කලුගල්) සීගිරිය දඹුල්ල ඇතුළු ලංකාවේ බොහෝ පළාත්වල දක්නට ඇත. වැලිගල් විපරීත වීමෙන් සෑදුණ ක්වාටසයිට් නුවරඑළිය හා හැටන් යන ප‍්‍රදේශ වලද ශල්ක හා මැටිගල් විපරීත වීමෙන් සෑදුණ කෝඩලයිට් බණ්ඩාරවෙලද දක්නට ලැබේ. මීට අමතරව හුනුගල් විපරීත වී සෑදුණ ස්ථටික හුනුගල් හා තිරුවාන වැනි ඛනිජ විපරීත වීමෙන් ඇතිවුණ මැණික් වර්ගද ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් හමුවේ.

උඩුගම එස්. ජයසුන්දර

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife