නිවස පාරිසරික වනාන්තර රිටිගල දැඩි රක්ෂිතය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
රිටිගල දැඩි රක්ෂිතය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

රිටිගල දැඩි රක්ෂිතය

ලංකාවේ එකම ස්ථානයකදී වියළි කලාපීය වනාන්තරත්,, තෙත් කලාපීය සදාහරිත වනාන්තරත්, කඳුකර වනාන්තරත් දැක ගත හැකි වන්නේ ඉතා කලාතුරකින්. එවන් දුර්ලභ පරිසර පද්ධතියක් සහිත වන බිමක් තමයි රිටිගල දැඩි රක්ෂිතය.දඹුල්ල නගරයේ සිට නම් රිටිගල පිහිටා තිබෙන්නේ කිලෝමීටර් 27 ක් දුරින්. හබරණ කැකිරාව මාර්ගයේ පැමිණ ගනේවල්පොල හරහා හෝ අනුරාධපුරයේ සිට මිහින්තලය හරහා පැමිණ චුරියකඩවල හරහා හෝ රිටිගල අධිරක්ෂිතයට පැමිණිය හැකියි.රිටිගල ශ‍්‍රී ලංකාවේ ඇති වන ජිවී දැඩි රක්ෂිතවලින් එකක්. මෙම පරිසරයේ ඇති වටිනාකම නිසාම හෙක්ටයාර් 1528 ක් වන මෙම භූමිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැඩි රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ 1941 වර්ෂයේදී. මෙය නැරඹීම සඳහා වනජීවි සංරක්ෂණ අධ්‍යක්‍ෂකගෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතුයි.

පරිසරයේ සිසිලසඅප රිටිගලට ළඟා වන විට පෙරවරු 9.30 ට පමණ ඇති. පරිසරයේ ඇති සිසිල් බව බසයෙන් බසින විටම අපට දැනෙන්නට වුණා. රිටිගල කන්ද පාමුල පිහිටුවා තිබෙන කාර්යාලයේ සේවය කරන ගුණරත්න බණ්ඩා මහතා අප සමඟ එක් වුණේ රිටිගල ගැන විස්තර කර දෙන්නටයි. චතුරිකා, ඳුන්යා, ශ්‍යාමලී, ප‍්‍රදීප් ඇතුලු ළමා පිරිසත්, අනෙකුත් සියලුම දෙනාත් ගුණරත්න මහතා පසුපස ගමන් කළේ රිටිගල ගැන දැන ගැනීමටයි. “ බොහොම ඉස්සර මේ රිටිගල කන්ද අරිට්ඨ පබ්බත නමින් හඳුන්වල තියෙනව. ඒ නමින් හඳුන්වන්න හේතු වුණා යැයි සිතෙන කරුණු දෙකක් තිබෙනවා. අරිට්ඨ කියල කියන්නේ උස යන්නට යෙදෙන පාලි වචනයයි. අනෙක් කාරණය තමයි අරිට්ඨ මහ රහතන් වහන්සේ මෙම භූමියේ වැඩ විසීම. (මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියායින් පසුව මහණ වුණු පළමු ශ‍්‍රී ලාංකික භික්ෂුවත්, පළමු ලාංකික මහරහතන් වහන්සේත් ලෙස ඛ්ැඳින්වෙන්නේ අරිට්ඨ තෙරුන් වහන්සේයි.)

රිටිගස්රිටිගලට මෙම නම ලැබීමට හේතු වූ තවත් කරුණක් ලෙස දැක්වෙන්නේ, කඳු වැටියේ පහළ ප‍්‍රදේශයේ පැතිරී තිබෙන රිටිගස් නිසා බවයි. එසේ පැවසු ගුණරත්න මහතා කන්දේ ඉහළට නගින්නට වුණා. තරමක් විශාල කළුගල් අතරින් වැටී ඇති අඩි පාර දිගේ ඉදිරියට ගමන් කිරිම තරමක් අපහසු වුණත් එයින් විඩාවක් දැනුණේ නෑ. ගස් එකමත එක පැටලී රූස්ස ගස් ලෙස වැඩී ඇති ආකාරය අපූරු චිත‍්‍රයක් වැනියි.ඉදිරියට ඇදෙන ගුණරත්න මහතා කට හඬ අවදි කළා. “රිටිගල කන්ද කියන්නේ එක කන්දක් පමණක් නෙමෙයි. කඳු පන්තියක්. මේ කඳුපන්තියේ උසම ස්ථානය හඳුන්වන්නේ කොඩිගල කන්ද කියලයි. ආඬියා කන්ද, උණ කන්ද, පලතුරු කන්ද, ඖෂධ කන්ද, අනෙක් කඳු ගැටයි. රිටිගල ගැන පුරාවෘත්තවල මෙහෙමත් සඳහන් වෙනවා. රාම රාවනා යුද්ධයේදී තුවාලවුණු ලක්ෂ්මනට ප‍්‍රතිකාර කිරීමට හනුමන්තා විසින් හිමාලවනයෙන් ඖෂධ පැළෑටි තියෙන බිම් කොටසක් අරගෙන ආවා. එහෙම එන විට කුඩා බිම් කොටසක් උණවටුනේත්,, දොළුකන්දේත් අතහැරුණා. තවත් කොටසක් රිටිගල අතහැරී තිබෙනවා. මේ විදියට හිමාලයෙන් කොටසක් ලංකාවට ගෙනාවේ සංජීවන කියන ඖෂධය සොයා ගැනීමටයි. ඒ පුරාවෘත්තය කෙසේ වුවත්, සංජීවනී නමින් හඳුන්වන ඖෂධය රිටිගල දී අදත් දැක ගත හැකියි. ගුණරත්න මහතා රිටිගල පුරාණය විස්තර කළේ එහෙමයි. ටික දුරක් යන විට අපට හමුවුණේ පැරණි පොකුණක නටඹුන්. පොකුණ පසුකොට ගමන් කළ අපට හමුවුණේ කලුගල් පතුරු අතුරා සකසන ලද මාර්ගයක්. එය ඉතාම සිත් ගන්නා සුලුයි. තවත් දුර ගිය අපට පැරණි ගොඩනැගිලි සමුහයක නටඹුන් හමුවුණා.

ආරණ්‍ය සේනාසනයක් ‘රිටිගල පුරාණයේ ආරණ්‍යය සේනාසනයක් මේ රහතන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටි ගොඩනැගිල්ලක් “ එහෙම කියු ගුණරත්න මහතා දකුණු පසින් තිබුණු කුඩා අඩි පාරක් දිගේ ඉදිරියට ගියා. “මේ නටබුන් මොනවාගෙ ගොඩනැගිල්ලකද, ගුණරත්න මාමේ?” කණ්ඩායමේ සිටි දුන්යා ඇසුවේ තවත් ගොඩනැගිල්ලක නටබුන් පෙන්වමින්. “මේක රෝහලක්. භික්ෂූන් ගිලන් වූ විට මෙහිදී ප‍්‍රතිකාර කර තිබෙනවා. ගලෙන් කරන ලද බේසමක් වැනි යමක් පෙන්වු චතුරිකා ඒ ගැන ගුණරත්න මහතාගෙන් විමසුවා. එහිදී ගුණරත්න මහතා කීවේ එය බෙහෙත් ඔරුවක් බවයි.රිටිගල පරිසරයේ ඇති වටිනාකමක්, ජෛව විවිධත්වයත් ගුණරත්න මහතා විස්තර කළේ මේ ආකාරයෙන්. “උෂ්ණත්වය සහ දේශගුණය අතින් රිටිගල විශේෂත්වයක් ගන්නවා. ලංකාවේ ඇති දේශගුණික කලාප සියල්ලම වාගේ මේ කන්දේ තැන තැන දැක ගන්න පුළුවනි. කන්දේ පහළ තිබෙන්නේ වියළි කලාපීය දේශගුණයක්. ඉහළ ප‍්‍රදේශයේ කඳුකර දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරනවා. රිටිගල දී හමුවන ශාක විශේෂ අතරින් 337 ක් සපුෂ්පික ශාක. 51 ක් විනාල ශාක. ඒ අතරට මීවන විශේෂ 28 ක් ද අයත් වෙනවා. මඩු ශාකය තමයි රිටිගල දී හමුවන එකම විවෘත බීජක ශාකය වන්නේ. රිටිගලදී හමුවන ශාක අතරින් විශේෂ 200 ක්් ම ඖෂධ සඳහා නිතර භාවිතා කරන ශාක. ඒ වගේම මුලු ලෝකයෙන්ම රිටිගලදී පමණක් හමුවන ශාක විශේෂ 3 ක් තියෙන බව ඔයාල දන්නවාද? ඒ තමයි, රිටිගල ගල් කප්පරවල්ලිය, රිටිගල වන මී, රිටිගල තම්බර්ජියා යන ශාක වර්ග ගැන.

සත්ව සමුහයාසත්ව විශේෂ ගණනාකටම රිටිගල වනය සෙවණ සලසනවා. දිවියා, අඳුන් දිවියා, ගෝනා තිත්මුවා ඒ අතරින් විශේෂයි. මේ වනය තුළ කුරුලු විශේෂ 97 ක් පමණ ජීවත් වන බවයි පක්ෂී විද්‍යාඥයින් කියන්නේ. ලංකාවට ආවේණික පක්ෂී විශේෂ 8 ක් ඒ අතර වෙනවා.” එහෙම කියපු ගුණරත්න මහතා තවත් ඉදිරියට අපව රැගෙන ගියා. එහිදී අපට දැක ගත හැකි වුණේ කළු ගලින් සාදන ලද උස් ගොඩනැගිල්ලක් වැනි යමක්.

බැලුම්ගල “මේ තමයි බැලුම් ගල. මේකට නැගල ඈත බලන්න පුළුවනි. ආරක්ෂාව පතා මෙහි හැංගිලා සිටි අය සතුරන් එනව කියලා බැලුවේ මෙතනට නැඟලයි.” එහෙම කිව්වේ ගුණරත්න මහතා. බැලුම්ගලට ලඟාවෙන්න තිබුණේ ගල් පාලමකින් එගොඩ වීමන්. අතීතයේදී එම ගල්පාලම හැකිලීමට හැකි ආකාරයෙන් සාදා තිබුණු බවයි ගුණරත්න මහතා ප‍්‍රකාශ කළේ. කන්දේ ඉහළට යන විට දැනෙන්ට වුණේ හෝර්ටන්තැන්නට ගියා වැනි හැඟීමක්. නිතර මීදුම්න් වැසුණු මෙවැනි වෙනත් පරිසර පද්ධතියක් වියළි කලාපය තුළ හමුවන්නේ නෑ. ආපසු එන ගමනේදී ගුණරත්ත මහතා තවත් අපූරු යමක් අපට පෙන්නුවා. ඒ කුඩා දිය බුබුළක්. “මේ තමයි මල්වතු ඔය පටන්ගන්නා තැන.” ගුණරත්න මහතා කීවා. මහා ජල කඳක් ලෙසින් මුහුදට ගලා බසින මල්වතු ඔයේ ආරම්භය දැක ගැනීමට, ලැබීම කාගේත් සතුටට හේතු වුණා. පහළට එනවිට හිරු මුදුන් වී තිබුණත් රූස්ස ගස්වැල් වියන අපට ආරක්ෂා කළ නිසා විඩාවක් දැනුණේම නෑ.

ගාමිණී සුසන්ත

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 11 වෙනි සිකුරාදා, 11:21