නිවස සෞඛ්‍ය ලෙඩ රෝග තැලසීමියාව

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
තැලසීමියාව පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

තැලසීමියාව

තැලසීමියාව යනු ප‍්‍රවේණිගත රුධිර රෝගයකි. රතු රුධිරාණුවල ඇති හීමොග්ලොබින් නම් සංයෝගයේ අති ප්‍රෝටීන දාමවල වෙනස්කම් නිසා කාර්යක්ෂමතාවෙන් අඩු රතුරුධිරාණු මෙම රෝගීන්ගේ රුධිරයේ ඇති වේ. රතු රුධිරාණුවල ඇති හීමොග්ලොබින් නම් වූ පෙ‍්‍රීටීන කොටස පාලනය වන ජානයේ ඇතිවූ විවිධ වෙනස්කම් ඇති දුබල ජාන දෙකක් එක්වීමෙන් ඇතිවෙන ළමයකුට මෙම රෝග තත්ත්වය තදින් බලපායි. මෙහි දි ප‍්‍රධාන ගැටලුව වෙන්නේ දුබල ජාන එකක් බැගින් ඇති මවත් පියාත් රෝග ලක්ෂණ නො පෙන්වීමයි.මෙම තැලමීසියා සහිත රතු රුධිරාණු මැලේරියා පරපෝෂිතයාට දක්වන ප‍්‍රතිරෝධය නිසා මැලේරියාව බහුලව පැවැති ප‍්‍රදේශවල මෙම දුර්වල ජාන සහිත ජනගහනය බහුලව ඇති බව සොයාගෙන ඇත. ඒ අනුව කුරුණෑගල, අනුරාධපුර, අම්පාර වැනි ප‍්‍රදේශවල පසුගිය කාලය තුළ මැලේරියා බහුලව පැවැති අතර මේ හේතුව නිසා ඉහත ප‍්‍රදේශවල මෙම රෝගීන්ගේ වැඩිවීමක් දකින්නට ඇත. මෙම ප‍්‍රදේශවල සිදුවෙන නෑනා මස්සිනා විවාහයන් වැඩිවීම ද මෙයට ප‍්‍රධාන හේතුවක් වී ඇත.

රෝග ලක්ෂණමෙම රෝගය සෑදුණු ළදරුවකු සාමාන්‍ය ළමයකු වශයෙන් මෙලොවට ජනති වේ. බාහිර ලක්ෂණ කිසිවක් මුලදී පෙන්නුම් නො කරයි. මාස 03 සිට 06 දක්වා කාලය තුළ ළමයා ක‍්‍රමයෙන් සුදුමැලිවීම, කි‍්‍රයාකාරිත්වය අඩුවීම, ඇස් කහපාට වීම සහ ප්ලීහාව ඉදිමීම ඇති වේ. මෙම රෝගය තදින් වැළඳී ඇති ළමයකුට සාමාන්‍යයෙන් මාස 06 පමණ වන වට අනිවාර්යයෙන්ම රුධිර පාරවිලයක් නොමැතිව ජීවත්වීමට නො හැකි වේ. එසේ නො කළහොත් රක්තහීනතාව නිසා ජීවිතක්ෂයට පත් වේ.ක‍්‍රමයෙන් මොවුන්ගේ නළල ඉදිරියට නෙරා ඒමත් මුහුණෙහි ඇති වන වෙනස්කමත් නිසාත් සියලුම රෝගීන් හට එක සමාන මුහුණුවරක් පෙන්නුම් කරයි.

ඇට මිදුළුවර්ධනය බාල වීමත් ඇටකටු දුර්වලවීමත් නිසා සාමාන්‍යයෙන් උසින් අඩුවේ. පසුකාලයේදී දියවැඩියාව, හෘද රෝග වැනි ආකූලතා නිසා ජීවත්වීමේ කාලය ඉතා කෙටි වේ.මෙයට ස්ථිර ප‍්‍රතිකාරය වන්නේ රෝගයෙන් නො පෙළෙන ඉතා කිට්ටු ලේ සබඳතා ඇති සහෝදරයකු හෝ සහෝදරයකුගෙන් ලබාගන්නා ඇට මිදුළු බද්ධ කිරීමයි. මෙම ශල්‍ය කර්මය සඳහා අධික වශයෙන් මුදල් වියදම් වෙන අතර මේ සඳහා ලංකාවේ දැනට පහසුකම් නොමැත.අනෙක් ප‍්‍රතිකාරය වන්නේ මාසිකව රුධිර පාරවිලයනය කරවීමයි. මෙම රුධිර පාරවිලයනය නිසා ශරීරයේ යකඩ පදාර්ථය තැන්පත් වේ. සෑම රුධිර මිලි ලීටර් 500 කට යකඩ මිලිග‍්‍රෑම් 200 ක් ශරීර ගත වේ. මෙම යකඩ අග්න්‍යාශයේ තැන්පත්වීම නිසා දියවැඩියාව ද හෘදයේ තැන්පත්වීම නිසා හෘදයාබාධ ද හමෙහි තැන්පත් වීම නිසා හම කළුවීම යන අතුරු ආබාධ ඇති වේ. මෙම අතුරු ආබාධවලින් රෝගියා බේරාගැනීම සඳහා ඖෂධයක් ශරීර ගත කළ යුතුය. එය ශරීර ගත කළ යුත්තේ ඉතා සෙමිනි. මේ සඳහා දිනකට පැය 12 ක කාලයක් ගත වේ. මේ ඖෂධය ශරීර ගත කිරීමට විශේෂිත උපකරණයක් ඇත. එය ඪදටභඵඪධද නභථන නමින් හඳුන්වයි. මෙම උපකරණය මිල අධික වේ.

ආයු කාලයතැලසීමියා රෝගයට ගොදුරු වූ දරුවන් ගේ ජීවත් වීමේ කාලය එම ඖෂධය ශරීර ගත කිරීම මත තීරණය වේ. එනම් (රුධිර පාරවිලයනය 10 කට පසුව) මෙම ඹෟෂධ ශරීර ගත කළහොත් ආයු කාලය වසර 40 දක්වා පමණ දීර්ඝ කළ හැකිය. රුධිර පාරවිලයනය පමණක් ලබන රෝගියකු අවුරුදු 8 - 10 ක් පමණ වන විට ජීවිතක්ෂයට පත් වේ. නියම අයුරින් ප‍්‍රතිකාර ලබන ළමයකුට සාමාන්‍ය ළමයකු මෙන් ජීවත් වීමට වාසනාව ඇත.

රෝගය වළක්වා ගත හැකි ක‍්‍රමදුර්වල ජාන දෙකක් ඇති දෙදෙනකු විවාහ වීම නිසා ඔවුන්ගෙන් උපදින දරුවන් තැලමීසියා රෝගයට ගොදුරු වේ. දුර්වල ජාන එකක් අති මව සහ පියා රෝග ලක්ෂණ නොපෙන්වීම මෙහි ඇති ප‍්‍රධාන ගැටලුවයි. මෙය වැළැක්වීමට නම් කළ යුතුව ඇත්තේ විවාහයට පෙර ඩී. එන්. ඒ. පරීක්ෂණයක් මගින් ජාන පරීක්ෂාව සිදු කිරීමයි. නෑනා මස්සිනා අතර වෙන විවාහවීම් වලදී මේ තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත.

වසන්ත චන්ද්‍රපාල

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife