නිවස අධ්‍යාපනික අධ්‍යාපනික ප‍්‍රකාශන හිමිකම් නීතිය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ප‍්‍රකාශන හිමිකම් නීතිය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ප‍්‍රකාශන හිමිකම් නීතිය

ප‍්‍රකාශන හිමිකම් නීතිය බිහිවීමත් සමඟ  බුද්ධිය නිර්මාණයන්ට පුළුල් ආර්ථ කථනයක් ලැබිණි. බටහිර ලෝකයේ රටවල් මේ අතුරින් විශේෂත්වයක් ගත්තත් සංවර්ධනය වන ලෝකයේ රටවල ප‍්‍රකාශන හිමිකම් සඳහා ආකල්පය ප‍්‍රමුඛත්වයක් ලැබී ඇති බව නොපෙනේ. 1979 දී ප‍්‍රකාශන හිමිකම් නිතිය 1979 අංක 52 බුද්ධිමය දේපළ නීති සංග‍්‍රහය පනත මඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ යන වචනද්වයෙන්, යම් කෙනකු සිය දක්‍ෂතා සහ ප‍්‍රතිභාව උපයෝගී කොට ගෙන නිර්මාණය කරන සාහිත්‍යමය හෝ කලාත්මක හෝ විද්‍යාත්මක හෝ කෘති අදහස් වේ. බුද්ධිමය දේපල ද මිල මුදල්, ඉඩකඩම් වැනි සාමාන්‍ය දේපළක් මෙන්ම ආර්ථික වටිනාකමක් දරයි. එහෙත් අතීතයේ දේපළ වශයෙන් සලකනු ලැබුවේ ඉඩම්, මුදල්, වටිනා ලෝහ වර්ග වැනි ද්‍රව්‍යමය හෝ ස්පර්ශ කළ හෝ හැකි දේය. මෑත කාලයේ, එවැනි සාම්ප‍්‍රදයික දේපළ අතර ස්පර්ශ කළ නොහැකි සහ අද්‍රව්‍යමය දේපල ගනයට බුද්ධිමය දේපළ ඇතුළත් විය දේපළ යන්න, නිශ්චල දේපළ හා වංචල දේපළ යනුවෙන් කොටස් දෙකකට වෙන් කොට දක්වනු ලැබේ. බුද්ධිමය දේපළ අයත් වන්නේ චංචල දේපළ ඝනයටය.බුද්ධිමය දේපළ සංකල්පය ගොඩ නැගෙන්නට පටන් ගත්තේ නිර්මාණාත්මක සාහිත්‍යමය සහ කලාත්මක කෘතිවල ආර්ථික විටිනාකම හඳුනා ගැනීමෙන් පසුව සහ තාක්‍ෂණික වශයෙන් ලෝකය දියුණු වන්නට පටන් ගත් පසුවය. මිනිස් ශිෂ්ටාචාරයෙ වර්ධනයත් සමඟ, සමාජ අවශ්‍යතා වැඩිවෙත්ම, සංකීර්ණ වෙත්ම, නිර්මාණාත්මක කෘතිවල භෞතික සම්බන්ධතා සහ ඒවායේ ආර්ථිකමය වටිනාකම වැඩෙන්නට විය. මේ ප‍්‍රවණතාවේ මුල් පදනම වූයේ මුද්‍රණ ශිල්පයේ ව්‍යාප්තියයි. ඔහු පිටපත් කරණය නිසා කිසියම් කෘතියක ආර්ථික ඵල ප‍්‍රයෝජන ලැබීමේ අයිතිය කර්තෘට හිමි විය යුතුයැයි පිළිගැනීමක් මේ නිසා අති විය. එසේම කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක කළ හැකි වටනාකමකින් සමන්විත විය යුතු යැයි ද තීරණය විය.වත්මන් ලෝකය බුද්ධිමය දේපළ වර්ග තුනක් හඳුනා ගෙන තිබේ. ඒවා නම් ප‍්‍රකාශන හිමිකම්  සැලසුම්  ය.ප‍්‍රකාශන හිමිකම ආර්ථික වටිනාකමකින් යුත් දේපළ විශේෂයක් වුව ද අනිකුත් දේපළ වලට වඩා වෙනස් වේ. ප‍්‍රකාශන හිමිකම්, අයිතිවාසිකම් ඒ කිපිහියක සංයෝගයකි. සාමාන්‍ය දේපළක් විකිණීමක දී නිදසුනක් ලෙස ඉඩමක් ගෙයක්, වාහනයක් එහි අයිතිය මිල දී ගන්නාට ක්‍ෂණිකව පැවරේ. එහෙත් කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක හෝ කෘතියක් විකිණීමේ දී එවැනි ක්‍ෂණික පැවරීමක් නො සිදුවේ. එසේම එකී පැවැරීම මුළුමනින් ම හෝ කොටස් වශයෙන් හෝ කි‍්‍රයාත්මක කළ හැකිය. සමහර අයිතිවාසිකම් කිසිවකුට හෝ පවරා දිය නොහැකිය. නිදසුනක් ලෙස සදාචාර අයිතිවාසිකම් ප‍්‍රකාශන අයිතිවාසිකම්, ප‍්‍රති නිෂෂ්පාදන අයිතිවාසිකම් ප‍්‍රධාන තැනක් ගනී.

ප‍්‍රකාශන හිමිකම් යටතේ ආරක්‍ෂණය සැලසෙන්නේ සාහිත්‍යමය, කලාත්මක සහ විද්‍යාත්මක කෘති සඳහාය. ඒ යටතේ කෘති නිර්මාණය කරනු ලබන පුද්ගලයාගේ අයිතිවාසිකම් සුරැකේ. මෙකී අයිතිවාසිකම් අතර ආර්ථික සහ සදාචාර අයිතිවාසිකම් ප‍්‍රධාන තැනක් ගනී. කිසියම් කෘතියක කර්තෘගේ අවසරය නොමැතිව කරනු ලබන කිසිදු කාර්යයක් වාණිජමය වශයෙන් භාවිතා කළ නොහැකිය. ඒ අනුව කර්තෘ අයිතිවාසිකම් පූර්ණ වශයෙන් ආරක්‍ෂා වේ. අවසරය නොමැතිව කරනු ලබන භාවිතය උපුටා පරිවර්තනය කිරීම, මේ යටතේ වළක්වනු ලැබේ. අප මීට ඉහත බුද්ධිමය සහ වෙනත් දේපළ වර්ග පිළිබඳව සදහන් කළෙමු. එවැනි දේපළක් හිමිකරුවකුට තමා කැමැති පරිදි එය භාවිතා කිරීමට පූර්ණ අයිතියක් තිබේ. එහෙත් තමා සතු දේපළ නොසැලකිලිමත් ලෙස භාවිතා කිරීමට දේපළ හිමිකරුට අයිතියක් ඇතැයි ඉන් අදහස් නොවේ. එය සමාජයේ අනිකුත් සාමාජිකයන්ගේ යහපත නෙවෙන්, සමාජයට හානිකර නොවන ලෙස භාවිතා කළ යුතුය. නිදසුනක් ලෙස මෝටර් රථයක හිමිකරුවකුට තම රථය තමා කැමැති පරිදි පැදවීමේ අයිතිය ඇත. එහෙත් නොසැලැකිලිමත් ලෙස සසහ අන්තරාය දායක ලෙස රිය පැදවීමට අයිතියක් ඉන් අදහස් නොවේ’ ප‍්‍රකාශන හිමිකම් භාවිතයේ දී ද යම් යම් සීමාවන්ට අනුව කි‍්‍රයා කිරීමට ප‍්‍රකාශන හිමිකරුවාට සිදු වේ. මෙහි දී බොහෝ ප‍්‍රකාශන හිමිකම් නීති වලට අනුව කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක හෝ කෘතියක් එහි කර්තෘගේ අවසරය නොමැතිව භාවිත කළ නොහැකිය. ඒ අනුව මුල් කෘතිය පදනම් කොට ගෙන එහි පිටපතක් සකස් කිරීම, ප‍්‍රතිනිෂ්පාදනය කිරීම, විකාශය කිරීම, වෙනත් ආකාරයකින් මහජනයාට ඉදිරිපත් කිරීම, පරිවර්තනයක් අනුවර්තනයක් හෝ වෙනත් පරිණාමනයක් පිළියෙල කිරීම, සඳහා මුල් කර්තෘ වරයාගේ අවසරය ලබා ගත යුතුය. යම් කිසි භාවිතයක් සඳහා අවසර දානය කිරීම සම්බන්ධයෙන් විවිධ නෛතික සංකේත නාමයක් භාවිතා වේ. ඒවා නෛතික අයිතිවාසිතම් විශේෂයක් හැටියට හැඳින්විය හැකිය. ප‍්‍රති නිෂ්පාදන අයිතිවාසිකම්, රංගන අයිතිවාසිකම්, පටිගත කිරීමේ අයිතිවාසිකම්, විකාශන අයිතිවාසිකම්, පරිවර්තන අයිතිවාසිකම් ඉන් සමහරකි.මෙහිදී ප‍්‍රකාශන හිමිකම් ක්ෂේත‍්‍ර‍්‍රයේ ඉතා වැදගත් අංගයක් හැටියට ආර්ථික අයිතිවාසිකම් නම් කළ හැකිය. මේ අනුව කෘතිය හා සම්බන්ධ ආර්ථික ප‍්‍රතිලාභ ලැබීමේ මුල් අයිතිය කර්තෘට හිමි වේ. අන් කිසිවකුට හෝ එකී කෘතිය පදනම් කොට ගෙන ආර්ථික වාසි ලැබීමට හැකියාවක් නැත. ඒ අනුව කිසිවකු ආර්ථිකමය වැසියක් ලැබීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා කර්තෘගේ අවසරය ලබා ගත යුතුය. ප‍්‍රතිනිෂ්පාදනය කිරීම, ප‍්‍රසිද්ධියේ රඟ දැක්වීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම, පරිවර්තනය කිරීම ආදිය වේ.මේ අනුව ප‍්‍රකාශන හිමිකම් නීතිය යටතේ කිසියම් සාහිත්‍යමය සහ කලාත්මක කෘතියක් වෙනත් අයකු විසින් පිටපත් කිරීම (ප‍්‍රති නිෂ්පාදනය) නවතාලනු ලබයි. මේ මූලධර්මය ප‍්‍රකාශන හිමිකම් නීතියේ ඇති වැදගත්ම අංගය වේ. මේ නීතිය බලපාන්නේ ආරක්ෂිත කෘතියේ පිටපත් වෙනත් අයකු විසින් මහජනයාට ඉදිරිපත් කරනු ලබන අවස්ථාවකදීය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවල දී කෘතියේ කර්තෘ සහ ප‍්‍රකාශකයා අතර ප‍්‍රතිනිෂ්පාදනය පිළිබඳව ගිවිසුමක් ඇති කර ගනු ලැබේ. එවැනි අවස්ථාවකදී අයිතිවාසිකම් පාලනය කරනු ලබන්නේ ගිවිසුම් ගතග කොන්දේසි වලට අනුකූලවය. මේ ප‍්‍රතිනිෂ්පාදන මූලධර්ම සම්ප‍්‍රදායික තැටිගත කිරීමේ සම්බන්ධයෙන් ද අදාල වේ. මෙවැනි නිෂ්පාදනයන් ලිඛිත මාධ්‍යයට වඩා පහසු හා ජනපි‍්‍රය විය හැකිය. සංගීතමය කෘති සම්බන්ධයෙන් නම් එය වඩාත් සත්‍යයක් වේ. ඒ අනුව ග‍්‍රැමෆෝන් තැටි, කැසට් පටි, සංයුක්ත තැටි   සංගීතමය කෘති අරභයා ද එය අදාල වේ.එහෙත් විශේෂිත අවස්ථාවලදී ප‍්‍රතිනිෂ්පාදන කටයුතු සඳහා මුල් කෘතියේ කර්තෘගේ අවසරය ලබා ගැනීම අවශ්‍ය නොවනු ඇත. කර්තෘ අයිතිවාසිකම් සීමා කැරෙන මෙවැනි අවස්ථා කීපයක් දැක්විය හැකිය. තවද සේවක කර්තෘ වරයකු විසින් කරනු ලබන නිර්මාණයක් සම්බන්ධධයෙන් වන විට එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවේ. එසේම ආර්ථික අයිතිවාසිකම් පවත්නා කාලසීමාව ඉක්ම ගිය පසු එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවේ. භූගෝලීය වෙනස්කම් සහ ප‍්‍රකාශන හිමිකම් ක්ෂේත‍්‍රයට අයත් නොවන්නේ යැයි දක්වා ඇති විෂයයන් සම්බන්ධයෙන් ද, හුදෙක් පෞද්ගලික පරිහරණය සඳහා ද මෙවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවේ.

මෙහි ඇති තවත් අයිතිවාසිකමක් නම් රංගන අයිතිවාසිකමයි. සමහර විටෙක නීතිය මඟින් ආරක්ෂිත කෘතියක් පිටපත් කිරීමක් හෝ ප‍්‍රතිනිෂ්පාදනයක් හෝ නො කැර මහජනතාව වෙත ඉදිරිපත් කළ හැකිය. නාට්‍ය සහ සංගීතමය කෘති මෙසේ පහසුවෙන් මහජනතාව වෙත ඉදිරිපත් කළ හැකිය. එවැනි කි‍්‍රයාවක දී ඒ සඳහා සැලසුම් කළ අයගේ මෙන් ම ප‍්‍රකාශන හිමියාගේ ද අවසරය ලබා ගත යුතුය. මීට අමතරව ප‍්‍රතිනිෂ්පාදනය කිරීමෙන් හෝ ප‍්‍රකාශයට පත් කිරීමෙන් හෝ කෘතිය මහජනයා වෙත ඉදිරිපත් කළ හැකිය. මේ සෑම අවස්ථාවකදීම ප‍්‍රකාශන හිමියාගේ අවසරය ලබා ගත යුතුය.මේ අනුව තවත් අයිතිවාසිකමක් ඇත. එනම් “ප‍්‍රසිද්ධ විකාශන අයිතියයි” ප‍්‍රසිද්ධ විකාශය අයිතිය යන්නෙන් තරංග මාර්ගයෙන් ප‍්‍රසිද්ධියට පත් කරනු ලබන ගුවන් විදුලිය හෝ රූපවාහිනී විකාශ අදහස් වේ. කේබල් මාර්ගයෙන් කැරෙන විකාශනයන් ද, මේ ගණයේ ලා සැලැකිය හැකිය. මේවා ප‍්‍රසිද්ධ විකාශන වශයෙන් සැලැකීමට නම් සියලු ආකාරයෙන්ම මහජනයා වෙත ඉදිරිපත් කිරීමක් විය යුතුය.බර්න් සම්මුතියට අනුව කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක හෝ කෘතියක කතුවරයා එම කෘතියේ ප‍්‍රකාශන හිමිකරුවා වන අතර එම කෘතිය ප‍්‍රසිද්ධියේ විකාශනය කිරීම සඳහා බලය ලබා දීමේ අයිතිය ඔහු වෙත රඳා පවතී. තව ද සමහර රටවල ජාතික නීති, බලය පැවරීමේ දී මුල්‍යමය වාසි ලැබීමේ අයිතිය කර්තෘට හිමි කර දී ඇත.අපට වැදගත් වන තවත් අයිතියක් ඇත. පරිවර්තන සහ අනුවර්තන අයිතිවාසිකම් යනුවෙන්. කෘතියක් ප‍්‍රකාශයට පත් මුල් භාෂාවන් හැර වෙනත් භාෂාවකින් එම කෘතිය මුද්‍රණය කිරීම එයින් අදහස් වේ. අනුවර්තනය යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ මුල් කෘතිය නවීකරණය කිරීම හෝ වෙනම කෘතියක් බවට පත් කිරීමය. මෙවැනි පරිවර්තන සහ අනුවර්තන කෘති සම්බන්ධධ අයිතිවාසිකම් ප‍්‍රකාශන හිමිකම් නීතිය මගින් ආවරණය කොට ඇත. ඒ අනුව කිසියම් කෘතියක් පරිවර්තනය කිරීමට හෝ අනුවර්තනය කිරීමට හෝ කිසිවකු අදහස් කරයි නම් ඒ සඳහා මුල් කෘතියේ කතුවරයාගේ හෝ ප‍්‍රකාශන හිමියාගේ හෝ අවසරය ලබා ගත යුතුය. අන්තර්ජාතික වශයෙන් කි‍්‍රයාත්මක වන මෙකී නීතිමය තත්ත්වය සමහර දේශීය නීති මගින් සීමා කොට තිබේ. නිදසුනක් ලෙස 1979 අංක 52 දරන බුද්ධිමය දේපළ නීති සංග‍්‍රහය පනතේ 15 වන වගන්තිය මීට අදාල වන අතර මේ හැර විශ්ව ප‍්‍රකාශන හිමිකම් සම්මුතිය ද පරිවර්තනය අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් සීමාවන් දක්වා ඇත.තවත් අයිතියක් ඇත. එනම්, තමා විසින් නිර්මාණය කරන ලද කිසියම් කෘතියක් සම්බන්ධයෙන් කර්තෘත්වය දැක්වීමේ විශේෂිත අයිතිවාසිකම් ඇත. එකී කෘතියේ අයිතිය කර්තෘවරයා සතු වේ. මෙම අයිතිවාසිකම් පීතෘත්වය  දැක්වීම යනුවෙන් ද හැඳින්වේ. මීට අමතරව තම කෘතිය සම්බන්ධ විවේචනයක්, විකෘති කිරීමක් හෝ සෙසු වෙනස් කිරීමක් හෝ අවඥා සහගත කි‍්‍රයාවක් කිරීම තම ගෞවරයට හානි කරවන අවස්ථාවක ඊට විරෝධය පෑමට හෝ සහනය පැතීමට අයිතිය තිබේ. සමහර අවස්ථාවලදීඩ මෙම අයිතිවාසිකම් අවංකභාවය  යනුවෙන් ද හැඳින්වේ. සදාචාර අයිතිවාසිකම්, කතුවරයා සතු ආර්ථික අයිතිවාසිකම් වලට ස්වාධීනව කි‍්‍රයාත්මක වේ. ආර්ථික අයිතිවාසිකම් අන් අයකුට පැවරිය හැකි වුවද, සදාචාර අයිතිවාසිකම් එසේ පැවරිය නොහැකිය.

තවත් අයිතිවාසිකමක් ඇත. ප‍්‍රකාශන හිමිකම්, භාවය, සීමා කිරීම්, කාලය, භූගෝලීය වෙනස්කම්, නීතිය මගින් බැහැර කිරීම සහ සාධාරණ ප‍්‍රයෝජනයට ගැනීම යනු ඒවායි. මෙහිදී වඩා වැදගත් වනුයේ ප‍්‍රකාශන හිමිකම් භාවයයි. ඒ අනුව ප‍්‍රථමයෙන් කිසියම් කෘතියක ප‍්‍රකාශන අයිතිය හිමි වනුයේ එහි කතුවරයාට පමණි. මෙහි වැඩි හිමිකම ඇත්තේ කතුවරයාටය. කෘතියේ හිමිකම තවකකුට පැවරීමට දේශීය නීතිය යටතේ බලතල නොමැත. එහෙත් යම් යම් සීමාවන්ට යටත්ව එම හිමිකම පැවරීමට හැකිය.මෙහි දී ප‍්‍රකාශන හිමිකම් සීමා රහිත කාලයක් භාවිත කළ නොහැකිය. එකී අයිතිවාසිකම් කි‍්‍රයාත්මක වන කාලසීමා පැහැදිලිව දැක්වීමට බොහෝ විට දේශීය නීතිය උනන්දුවක් දක්වා තිබේ. තව ද නීතිය මගින් බැහැර කරනු ලබන සමහර කෘති දේශීය නීති උසාවි වාර්තා, පරිපාලන වාර්තා, ප‍්‍රකාශන හිමිකම් ක්ෂේත‍්‍රයෙන් බැහැර කර තිබේ.මේ අනුව සාහිත්‍යමය හෝ කලාත්මක හෝ විද්‍යාත්මක හෝ කෘති ප‍්‍රයෝජනයට ගනු ලබන තැනැත්තාගේම පෞද්ගලික පෞද්ගලික ප‍්‍රයෝජනය සඳහා කෘතිය කුමන ආකාරයට හෝ භාවිත කිරීමට නීතියෙන් අවසර ලබාදී ඇත. ඒ අනුව ප‍්‍රතිනිෂ්පාදනය කිරීම, පරිවර්තනය කිරීම, අනුවර්තනය කිරීම, සංයෝජනය ඛ්ලම හෝ වෙනත් ආකාරයක පරිණාමයක් පිළියෙල කිරීම සඳහා ඉඩකඩ ලබා දී තිබේ. එසේම අධ්‍යාපන සහ පර්යේෂණ කටයුතු සඳහා කොටස් උපුටා ගැනීමටත් පළ කිරීමට, විකාශය කිරීමටත් අවසර ඇත. මේ ආකාරයට සකස් කරනු ලබන පිටපත් එකී අවශ්‍යතාවට අනුව සීමා විය යුතුය.

ඉන්දු ගනේගොඩ

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 13 වෙනි ඉරිදා, 11:51