නිවස ඓතිහාසික ඓතිහාසික ආගමික චාරිත‍්‍ර - වාරිත‍්‍ර ඉටු කළ පැර

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ආගමික චාරිත‍්‍ර - වාරිත‍්‍ර ඉටු කළ පැර පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ආගමික චාරිත‍්‍ර - වාරිත‍්‍ර ඉටු කළ පැරණිම මිනිසා නියැන්ඩතාල් මානවයා

මානව පරිනාම කි‍්‍රයාවලියේ හෝමෝ ඉරෙක්ටස් මානවයාගෙන් පසුව ඉදිරියට පැමිණියේ නියැන්ඩතාල් මානවයාය. අද සිටින නූතන මිනිසා(HOMO SCPIENS SAPLENS) මෙන් ම නියැන්ඩතාල් මිනිසාද වර්ධනය වූයේ පොදු ආදී මානවයකුගෙනි. මොහු නූතන මිනිසාට වඩා තරමක් වෙනස් බැවින් වෙනම විශේෂයකට ඇතුළත් කරයි. නියැන්ඩතාල් මානවයාගේ විශේෂය වන්නේ හෝමෝ නියැන්ඩතාලෙන්සිස්ය.අදින් වසර 2,00,000 (ලක්ෂ 2) කට පෙර ලොව ඇතිවූ තියැන්ඩතාල් මානවයා මීට වසර 30,000 ට පෙර යුගය දක්වාම ලොව ජීවත්විය. මෙම කාල පරාසය තුළදී පෘථිවියේ දේශගුණය, හිම සහිත ඉතා ශීතල එකක් විය. එම කාලය අයිස් යුගය ලෙස හැඳින්වෙයි. එම කටුක දේශගුණයට සාර්ථකව හැඩ ගැසෙමින් ජීවත්වීමට ඔහුට හැකිවිය. මොවුන් බහුලව පැතිරී සිටියේ යුරෝපයේය.

ශරීරයේ ස්වරූපයනූතන මිනිසාට වඩා නියැන්ඩතාල්වරු කොටය. නමුත් මනාව වැඩුණු ශරීරයක් ඇත. දේහය තරබාරුය. ශක්තිමත් මස් පිඬුවලින් යුතුය. සාමාන්‍ය නියැන්ඩතාල් වැඩිහිටියෙක් අඟල් 64 ක් පමණ උසය. බර රාත්තල් 155 පමණ වේ.ශරීරයේ අස්ථි දැඩිය. ශක්තිමත්ය. හොඳින් වැඩුණු විශාල සන්ධි ඇත. මේනිසා අත් පාවල චලන හැකියාවන් ඉහළය. කඳ දිග නමුත් කකුල් කෙටි වී ඇත. නූතන මිනිසාගේ මෙන් ශරීරය සෘජු ඉරියව්වකින් තබාගෙන ඇත.1300 - 1,700 (මිලි ලීටර්) පමණ වන නියැන්ඩතාල් මානවයාගේ මොළයේ ප‍්‍රමාණය නූතන මිනිසාගේ මොළයේ ප‍්‍රමාණය සමාන වේ. මුහුණ ඉදිරියට නෙරා ඇත. ඉදිරියට නෙරා ගිය උස්වූ ඝනකම් ඇස් බැමි ඇත. ඒවා වකාක‍්‍රාර ගැටි ලෙස කැපී පෙනෙයි. නළල් තලය පිටුපසට නෙරා ඇත. නාසය සහ නාස් පුඬු විශාලව පිහිටියේය. නිකටක් පිහිටා නැත.ශීත දේශගුණයක ජීවත් වීමට ශරීර ස්වරූපය උදව් වී ඇති ආකාරය. ස්ඵුල ශරීරය සහ ශක්තිමත් මස් පිඬු මගින් සිරුරේ තාපය ආරක්‍ෂා කර ගනී. ශීතල වූ ආශ්වාස වාතය පෙනහළුවලට යාමට පෙර විශාල නාස් කුහර මගින් උණුසුම් කරයි.මුහුණ ප‍්‍රදේශයේ රුධිර නාල වැඩිපුර ඇති නිසා මුහුණ ශීතල වාතයට නිරාවරණය වූ විට ගල් ගැසීම වළක්වයි.

ආයුධනියැන්ඩතාල් මානවයා භාවිතා කළ ආයුධ මුස්ටේරියන් සම්ප‍්‍රදායට අයිති විය. විශාල ගල්වල පතුරු මීට අයත් විය. පිහි, සූරන උපකරණ, පැලුම් උපකරණ ආදිය බහුලව භාවිතා කළේය.ගල් පතුරුවල අග ඉතා තියුණු විය. එවැනි ආයුධ තැනීමට දියුණු බුද්ධි මට්ටමක් සහ වැඩවල හුරුබුහුටි බවක් තිබූ බව පෙනෙයි.

කෑම බීමමෙම මානව වර්ගය ද දඩයම් කරුවන් විය. ඔව්හු කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වෙමින් දඩයම් කළහ. ඊට අමතරව ශාකමය ආහාර ද්‍රව්‍ය ද එකතු කළේය. ගින්දර භාවිත කරමින් ඇට වර්ග, මස් වර්ග, පුළුස්සා කෑවේය. . එකල තිබූ ශීත දේශගුණය නිසා ආහාර පුළුස්සා කෑමට පමණක් නොව ශීතලෙන් ආරක්‍ෂා වීමට, සතුරන්ගෙන් ආරක්‍ෂා වීමට සහ ආහාරවල රැඳී තිබූ අයිස් තට්ටුව දිය කිරීමට ද ගින්දර යොදා ගත් බව පැහැදිලිය.

ඇඳුම් පැළඳුම්දඩයම් කරන ලද සතුන්ගේ සම් ඇඳුම් ලෙස ඔවුන් විසින් පාවිච්චි කරන ලදී. වයසක සහ රෝගී නියැන්ඩතාල් මානවකයා ශීතලෙන් ආරක්‍ෂා කිරීමට ද සම්වලින් එතුවේය. ඔවුන්ට උසස් බුද්ධියක් තිබූ බව ඉන් පැහැදිලි වේ.

ගෙවල් දොරවල්නියැන්ඩතාල්වරු නිවාස ලෙස යොදා ගත්තේ ගල් ගුහාය. ඊට අමතරව කූඩාරම් වැනි ආවරණ, සතුන්ගේ සම්වලින් සාදා ගත්තේය. සමහර ගුහා තුළ මිනී වැළලුවේය.

ටෙල්ෂා හෙට්ටිආරච්චි

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife