නිවස ඓතිහාසික ඓතිහාසික බලංගොඩ මානවයා

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
බලංගොඩ මානවයා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

බලංගොඩ මානවයා

ශ‍්‍රී ලංකාවේ මිනිසා පරිනාමය වූ ආකාරය පිළිබඳව කරුණු බිඳක් කතා කරමු. අදින් වසර ලක්ෂයකට පමණ පෙර අතීතයේ සිට ශ‍්‍රී ලංකාවේ මානව පරිනාමය සිදු වූ බවට බොහෝ සාක්ෂි හමු වී ඇත. එම තොරතුරු බොහොමයක් ලැබී ඇත්තේ ලෙන් සහ ගුහා තුළිනි. එයට හේතුව ලෙස දැක්විය හැක්කේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා තම වාසස්ථාන ලෙස පාවිච්චි කර ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වුණු ගල් ලෙන් සහ ගල් ගුහා වීම නිසයි. එම ලෙන් තුළ තිබී පුරාතන මානවයාගේ ඇටසැකිලි සහ ඒවායේ කොටස්, ඔවුන් ආහාරයට ගත් ද්‍රව්‍යවල කොටස්, ඔවුන් පාවිච්චි කළ ගල් ආයුධ සහ තවත් නොයෙකුත් ද්‍රව්‍ය හමු වී ඇත. එවැනි ලෙන් කිහිපයක් මෙහි සඳහන් වේ. ඒවා නම්, බෙල්ලන් බැඳි පැලැස්ස, කිතුල්ගල බෙලි ලෙන, කුරුවිට බටදොඹ ලෙන, බුලත්සිංහල පාහියන්ගල ලෙන, කෑගල්ලේ ඇත්තනගොඩ අළු ලෙන ආදියයි.එම ලෙන් තුළින් හමු වූ ද්‍රව්‍ය සහ ඒවා කොපමණ කාලයක් පැරණි ද යන්න තොරුතුරු බිඳක් පහත වගුවේ සඳහන් කර ඇත.ඉහත සියලුම ස්ථාන වලින් පැරණි ලාංකීය මානවයා පාවිච්චි කළ ආහාරවල සුන්බුන්, ගල් ආයුධ සහ වෙනත් අවශේෂ හමු වී ඇත.

ලංකාවේ සිටි පැරණි මානව වර්ග ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ තොරතුරු සොයා බැලූ පී. ඊ. පී. දැරණියගල මහතා සහ තවත් බොහො පුරා විද්‍යාඥයින් පවසන පරිදි එකල ලංකාවේ මානව වර්ග දෙකක් සිටියහ. එම වර්ග දෙක පහත සඳහන් වේ.

1. හෝමෝ සේපියන්ස් බලංගොඩෙන්සිස් (HOMO SAPIENS BALANGODENSIS)2. හෝමෝ සිංහලෙයුස් (HOMO SINHALEYUS)

බලංගොඩ සංස්කෘතික අවදිය සහ රත්නපුර සංස්කෘතික අවදිය ලෙස සංස්කෘතික අවදි දෙකකට මෙම මානවයන්ව වෙන් කිරීමක් සිදුකර ඇත.හෝමෝ සේපියන්ස් බලංගොඩෙන්සිස් නම් වූ මානව වර්ගය පොදුවේ හඳුන්වන්නේ බලංගොඩ මානවයා ලෙසයි. බලංගොඩ ආසන්නයේ ඇති බෙල්ලන් බැඳි පැලැස්ස ගල්ලෙනෙන් හමු වූ අවුරුදු 16,000 ක් පමණ පැරණි මානවයකුගේ අස්ථි වලට ස්තුති වන්නට මෙම මානවයා ගැන තොරතුරු සොයා ගැනීමට හැකි විය. බලංගොඩ මානවයා ලෙස නම් කරන මොවුන් ඔස්ටෙ‍්‍රාලොයිඩ් වැදි ලක්ෂණ දරණ මානවයින් වේ. මෙම ලක්ෂණ මෙකල ලංකාවේ සිටින වැදි ජනතාවට ද ඇත. මේ අනුව අපට පෙනෙන්නේ බලංගොඩ මානවයාගෙන් ලංකාවේ වැදි ජනතාව පැවත එන බවයි. ඔවුන් එකම පරම්පරාවකින් පැවත එන්නන් විය හැකිය.කි‍්‍රස්තු පූර්ව පන්සීයේ දී පමණ විජය කුමරු ඇතුළු ආර්යයන් ලංකාවට පැමිණෙන විට යක්ෂ, නාග, දේව ගෝති‍්‍රකයන් ලෙස පෙනී සිටි ලංකාවේ ආදි උරුමක්කාරයන්ගේ පරපුර ද බලංගොඩ මානවයාගේ නෑදෑයන්්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති.

ටෙල්ෂා හෙට්ටිආරච්චි

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife