නිවස සත්තව සත්තව ආරක්ෂාවට පුම්බන ඉත්තෑවා

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ආරක්ෂාවට පුම්බන ඉත්තෑවා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

ආරක්ෂාවට පුම්බන ඉත්තෑවා

ඉත්තෑවා ක්‍ෂීරපායි වර්ගයට අයත් සතෙකි. ඌ ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල  වාසය කරති. ලංකාවේ දක්නට ලැබෙන ඉත්තෑවා මුහුදු බඩ ප‍්‍රදේශයේ හා රට මැද කඳු බෑවුම්වල දැකගත හැකිය. ඉන්දියාවේ තැනිතලා ප‍්‍රදේශයේ හා හිමාලය කඳු බෑවුම්වල ද ඉත්තෑවා වාසය කරයි. මීට අමතරව අපි‍්‍ර‍්‍රකාව ඇමරිකාව ආදී රටවල ද විවිධ ඉත්තෑ වර්ග දැක ගත හැකිවේ. ඉත්තෑවා ලංකාවේ තරමක් බහුල සතෙකි. නමුත් උගේ නිශාචර ගති නිසාම දක්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. ගල්ගුහාවල කඳු බෑවුම්වල හෝ කණ්ඩිවල හාරන ලද බෙනවල පඳුරුවල ඌ දහවල් කාලයේ සැඟවී සිටී. ලංකා ඉත්තෑවා අනිත් වර්ගවල ඉත්තෑවන්ට වඩා තරමක් ලොකුය. ශක්තිමත්ය. දිග ගොරෝසු කෙස්වලින් උගේ කෙටි කන් වැසී තිබේ. උගේ පාවල ඇඟිලි ශක්තිමත් නියපොතු වලින් යුක්තය. මේවායින් ඌට ඉක්මනින් පොළොව හැරිය හැකිය. පුම්බන විට කෙළින් සිටගන්නා වූ අඟල් පහක් හෝ හයක් පමණ දික් වූද කූරුවලින් යුත් පැහැදිලි ශිකාවක්  උගේ නළලේ සිට පිට මැද දක්වා කොඳු ඇට පේළිය දිගේ ඇත. ශරීරයේ පස්සා කොටස පහසුවෙන් කෙළින් සිටුවා ගත හැකි ශක්තිමත් කූරුවලින් වැසී තිබේ. වලිගයේ තිබෙන කූරු තරමක් දිගය. එහි කෙළවර කූරු කුහර සහිතය. සාමාන්‍යයෙන් ඒවායේ කොන් වැසී ඇත. ඉත්තෑවා ගේ ශරීරයෙහි යට පැත්ත වැසී තිබෙන්නේ කෙටි රළු ලොම් ස්වල්පයකිනි. උගේ රැවුල් කෙඳි දිගය. ශරීරයේ ඉදිරි කොටසෙහි කෙඳි සාමාන්‍යයෙන් තද දුඹුරු පාටය. කම්මුල් හා උගුරු කෙඳිවල කොන් සුදු පාටය. මේවා කරපටියක් මෙන් පෙනේ. පිට මත ඇති කූරු කළුය. ඒවායේ සුදු වයිරම් එකක් හෝ දෙකක් හෝ බැගින් ඇත. වලිගයෙහි කූරු සුදු පාටය. සමහර විට කහපාටට හුරු සුදුපාටය. වියළි ප‍්‍රදේශයේ හමුවන සමහර ඉත්තෑවුන්ට සුදු පාට කූරු වෙනුවට රෝස පාට හෝ රතු පාට කූරු පිහිටා තිබේ.

 ඉත්තෑවකුට හිරිහැර කළහොත් නැත්නම් පහර දුන්නොත් සිය ආරක්‍ෂාව පිණිස ඌ කූරු කෙළින් කරයි. උගේ හිස පහත් කරගෙන ඌරකු මෙන් ශබ්ද කර පස්සා අඩි හප්පා වලිග එහා මෙහා ගසයි. එවිට වලිගයෙහි කුහර සහිත කූරුවලින් ‘සට සට’ ශබ්දයක් නැගේ. ඌ සතුරාට පැන පහර දී කූරුවලින් තුවාල කරන්නට තැත් කරයි. බල්ලකු හෝ වෙනත් සතකු ලුහුබැඳ ආවොත් ඌ හදිසියෙන් නැවතී පස්සෙන් පස්සට ගොස් ඒ සතාගේ මුහුණට පහර දෙයි. සමහර කූරු උගේ සමට ලිහිල් ලෙස සවි වී තිබෙන හෙයින් ඒවා ගැලවී ලුහුබැඳ එන්නාගේ ශරීරයෙහි ඇනේ. ඉත්තෑවකුට උගේ කූරුවිදීමට පිළිවන් කමක් නැත. එහෙත් වලිගයෙන් පහර ගසා සතුරකුගේ ශරීරය ඇතුළට කූරු කිහිපයක් ගිල්වන්නට ඌට පුළුවන.  ඉත්තෑවා සම්පූර්ණයෙන්ම වාගේ ශාක භක්ෂකයෙකි. පලතුරු, කොළ, නොයෙක් වර්ගයේ මුල් හා අල, ළපටි පැළෑටිවල පට්ටා ආදිය උගේ ප‍්‍රධාන ආහාර වේ. ළපටි පොල් පැළ කාදමන ඉත්තෑවා ඇල්ලීමට පහසු සතෙකු නොවේ. සාමාන්‍යයෙන් පිරිමි ඉත්තෑවෙක් ගෑනු ඉත්තෑවකුට වඩා ස්වල්පයක් ලොකුය. ලංකාවේ ඉත්තෑවකුට වරකට පැටවුන් ලැබෙන්නේ එකෙකි. ඉත්තෑවා පැටව් දමන්නේ ගල් ගුහාවක හෝ බෙනයකය. පොඩි පැටවා හැඩයෙන් ලොකු ඉත්තෑවකුට සමානය. එහෙත් උගේ කූරු මෘදුය. වෙනත් සතුන් මෙන් ඉත්තෑවාට ඉක්මනින් දිවිය නොහැකිය. සතුරන්ගෙන් ආරක්‍ෂා වීමට ඌ ස්වභාවයෙන්ම හැඩ ගැසී ඇති හෙයින් වේගයෙන් දිවීම ඌට අවශ්‍ය නැත. ඉත්තෑවා ඉක්මණින් හීලෑ කර ගැනීම අපහසුය.  ඉත්තෑවකුගේ ආයු කාලය වසර 12 ක් පමණ වේ. ඉත්තෑවා සාමාන්‍යයෙන් මහත් අලාභ හානි කරන සතකු මෙන් සලකනු ලැබේ. කෙසේ වෙතත් සත්ව ආරක්‍ෂක පනතේ ලා ඉත්තෑවා ආරක්‍ෂා කර ගත යුතු සත්ව ගණයට අයත්ය.

නිලන්ති පෙරේරා

 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife