නිවස ඓතිහාසික ඓතිහාසික ආදරයේ අමරණීය සංකේතය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ආදරයේ අමරණීය සංකේතය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ආදරයේ අමරණීය සංකේතය

ආදරයේ අමරණීය සංකේතය ලෙස “ටජ්මහල්” හැඳින්වූවාට වරදක් නැත. මුම්ටාස් දේවිය වෙනුවෙන් තැනුණු මේ ආදර මාළිගය ලොව පුරා ජනයාගේ ගෞරවාදරයට පාත‍්‍ර වූවකි. ලොව පුදුම හතෙන් එකක් ලෙසට ද නම් කර ඇති ටජ්මහල ඇත්තෙන්ම විශ්මය ජනක නිර්මාණයකි. එය සාජහාන් - මුම්ටාස් ආදරයේ අපූරු සංකේතයකි.ලොව පුරා ජනයාගේ අවධානයට පාත‍්‍ර වූ මේ නිර්මාණාත්මක මාළිගය පිහිටියේ ඉන්දියාවේ අග‍්‍රා නගරයේ ය. ඉන්දියාවේ සංචාරය කරන කෙනකු ටජ්මහල නැරඹීමට අමතක නො කරන්නේ ඇත්තෙන් ම එය අපූරු නිර්මාණයක් නිසා වෙනි.නවදිල්ලියේ සිට අග‍්‍රා දක්වා යෑමට ගත වන්නේ පැය හතරක පමණ කාලයකි.අග‍්‍රා හි පිහිටි සුවිසල් ටජ්මහල් මාළිගය ඉන්දියානු රජයේ පාලනය යටතේ පවතී. එය රජයේ විශේෂ නිවාඩු දිනවල හැර සෑම දිනකම නරඹන්නන් සඳහා විවෘත ව තැබෙන අතර ප‍්‍රවේශපත‍්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම “ටජ්මහල්” හි නඩත්තු කටයුතු සහ සේවක වැටුප් සඳහා වැය කෙරේ. ටජ්මහල් නැරඹීම සඳහා දේශීය සංචාරකයන්ගෙන් ඉන්දියානු රුපියල් 20 ක මුදලක් ද විදේශිකයන්ගෙන් ඉන්දියානු රුපියල් 750 ක මුදලක් ද අය කරනු ලැබේ. සිකුරාදා දිනයන්් හි ටජ්මහල් මාළිගය නොමිලයේ නැරඹිය හැකි ය.‘ටජ්මහල්’ නැරඹීමට යන අය විශේෂ කරුණු කිහිපයක් සිහිතබාගත යුතුය. කැමරාවක් හැරුණු විට ජංගම දුරකථන හෝ අතේ ගෙන යා හැකි වෙනත් විද්‍යුත් උපකරණ ටජ්මහල් මාළිගය ඇතුළතට ගෙන යෑමට අවසර නො ලැබේ. එහි ඉතා ම දැඩි ආරක්‍ෂක සේවාවක් කි‍්‍රයාත්මක වේ. එබැවින් එවැනි උපාංග තමන් නතර වී සිටින ස්ථානවල තබා යෑම වැදගත් ය. නැතහොත් ඒවා ටජ්මහල් දොරටුව අසල ආරක්‍ෂක කුටියට භාරදීමට සිදු වේ.ටජ්මහල් නැරඹීමට යන සෑම විදේශීය නරඹන්නන් කණ්ඩායමකට ම මඟ පෙන්නන්නකුගේ සහයෝගය ලැබේ. රජය මඟින් පත් කළ මාර්ගෝපදේශකයන් ටජ්මහල් හි සේවයට යොදවා තිබේ. ඔවුන්ට කිසිදු ගෙවීමක් අවශ්‍ය නො වේ. සෑම විදේශීය සංචාරකයකු සඳහා ම ප‍්‍රවේශ පත‍්‍රයක් සමඟ ඔවුන්ගේ සහාය ලබාගැනීමට පුළුවන.

ටජ්මහල් හි ඡායාරූප ගැනීමට අවසර තිබෙන්නේ එක්තරා සීමාවකට පමණි. ප‍්‍රධාන පිවිසුම් දොරටුවේ සිට ටජ්මහල් මාළිගය දක්වා පිටත ප‍්‍රදේශය ඡායාරූපගත කිරීමට අවසර තිබේ. ටජ්මහල් මාළිගයට මීටර පන්සියයක් පමණ ඉදිරියෙන් දැවැන්ත පොකුණක් තිබේ. එම පොකුණ දෙපසින් මාළිගයට පිවිසෙන මාර්ගය සකස් කොට තිබේ. මෙම පොකුණ ඉදිරියෙන් බංකුවක් ද සවිකොට ඡායාරූප ගැනීම සඳහාම වෙනම ස්ථානයක් සකස් කොට තිබේ. මාළිගය ඇතුළත ඡායාරූප ගැනීම සපුරා තහනම් ය.ටජ්මහල පිටත ඡායාරූප ගැනීම සඳහා ම සකස් කළ ස්ථානයේ ඡායාරූප ශිල්පීන් සිටී. ටජ්මහල් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ඡායාරූප ලබාදීම ඔවුන්ගේ ජීවන වෘත්තියයි. එක් ඡායාරූපයකට (5”ය7”) ඉන්දියානු රුපියල් සියයක් අයකරනු ලැබේ. ටජ්මහල් නැරඹීමට පිවිසෙන විට ලබාගන්නා ඡායාරූප මාළිගය නරඹා පිටතට පැමිණෙන අවස්ථාවේ දී ලබා දේ. ටජ්මහල් නැරඹීම සඳහා අවම වශයෙන් පැයක පමණ කාලයක් ගත වේ.ඉන්දියාව බලා ගිය අප මාධ්‍ය කණ්ඩායම ටජ්මහල් නැරඹීමට ගියේ දෙසැම්බර් 03 වැනිදා ය. එදා බදාදා දිනයකි. උදෑසන 7.00 ට පමණ අග‍්‍රා බලා පිටත් වූ අප කණණ්ඩායම දහවල් 12.00 පමණ වන විට එහි ළඟා වුණෙමු. අප සමඟ පැමිණි අපේ මාර්ගෝපදේශකයා රවීන්ද්‍රන් ය. ටජ්මහල් පිළිබඳ විස්තර කරදීමට අපට රාජු නමැති මාර්ගෝප දේශකයාගේ සහයෝගය ලැබිණි.අග‍්‍රා හි ජමුනා ගඟ අසබඩ පිහිටි ටජ්මහල් වෙත අපි පිවිසෙන විට දැඩි හිරුරැස් එය වෙත පතිත වෙමින් තිබිණි. එහෙත් ටජ්මහල වෙත පිවිසි පසු අපට දැනුණ සිසිලස සීත කාමරයකට පිවිසි විට දැනෙන සිසිලසට සමාන ය.

ටජ්මහල් හි විශ්මයජනක ආකාරය තේරුම් ගැනීමට එය නැරඹිය යුතුම ය. සම්පූර්ණයෙන් ම කිරිගරුඬවලින් නිමවා ඇති මෙම සුවිසල් මාළිගය කි‍්‍ර: ව: 1612 දී ඉදිකිරීම අරඹා 1632 දී සදා නිම කරන ලදැයි සඳහන් වේ. එතරම් ඈත කාලයක මෙය සකස් කිරීම සඳහා යොදාගත් තාක්‍ෂණය සිතාගැනීමට පවා නො හැකි ය. ඉතා ම මටසිළුටු ආකාරයට මෙම සුවිසල් මාළිගය නිමවා තිබේ. ටජ්මහල සැකසීම සඳහා ශී‍්‍ර ලංකාවෙන් ද කිරිගරුඬ පාෂාණ ගෙන ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. සේවකයන් විසිදහසක් පමණ ටජ්මහල ඉදිකිරීමට යොදවා ඇති අතර වැය කොට ඇති මුදල ඉන්දියානු රුපියල් මිලියන හතළිහකි.පෙ‍්‍ර්මය වෙනුවෙන් සිදුකළ මෙවන් සුවිසල් නිර්මාණයක් ලොව වෙනත් කිසිඳු තැනෙක නැත. සාජහාන් අධිරාජ්‍යයා විසින් අකාලයේ මියගිය සිය දේවිය වෙනුවෙන් මෙම නිර්මාණය කර ඇත. මුම්ටාස් දේවිය වෙනුවෙන් ඉදිකළ මෙය මුම්ටාස් මහල් ලෙස ද හැඳින් වේ. සාජහාන් රජු කොතරම් ප්‍රේමයෙන් මුසපත්ව සිටියේ දැයි කිවහොත් මෙම නිර්මාණය අවසන් කළ පසු මෙය නිර්මාණය කළ ශිල්පියාගේ දෑස් අන්ධ කොට ඔහුව ජීවිතාන්තය දක්වා රැකබලා ගත් බව කියැ වේ. තවත් කෙනකු වෙනුවෙන් මෙවැනි නිර්මාණයක් ඉදිවනු දැකීමට ඔහු අකැමැති වී තිබීම එයට හේතුවයි.කෙසේ වුව ද ටජ්මහල් පිළිබඳ තවත් ජනප‍්‍රවාද රැසක් පවතී. එහෙත් ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නොදැන පළ කිරීම සුදුසු නොවේ. අපට පැවසිය හැකි එක ම දෙය මෙය ආශ්චර්යමත් නිර්මාණයක් බව පමණි. ටජ්මහල් මාළිගයේ වටයට සතර දෙසින් එහි අනුරූ හතරක් ඉදිකොට තිබේ. එම කුඩා අනුරූ මාළිගා පසු කලෙක ඉදිකළ ඒවා ය.

දුමින්ද ගුරුගේ

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife