නිවස ඓතිහාසික ඓතිහාසික විජය රජු ගේ ලංකාගමනය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
විජය රජු ගේ ලංකාගමනය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

විජය රජු ගේ ලංකාගමනය

සිංහල ජාතියේ සම්භවය හා ලක්දිව ඉතිහාසයේ මුල් ම ජානපදිකයෝ කවරහු ද? යන ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමේ දී විජය රජු ගේ ලංකාගමනය පිළිබඳ පුරාවෘත්තය නිතැතින් අප ගේ සිහියට නැඟේ. කි‍්‍ර. පු. 6 වැනි සියවසේ දී බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළ දින විජය ඇතුළු පිරිස ලක්දිවට තම්මැන්නා ප‍්‍රදේශයෙන් ගොඩබැසගත් බව තවදුරටත් එනයින් සිහිපත් කළ හැකි ය.ඓතිහාසික මුලාශ‍්‍රවලට අනුව විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවේ එනම් දඹදිව සිට බැව් අප දන්නෙමු. එහි ද ලාට රට නම් ප‍්‍රදේශය ද සිංහපුරය නම් නාමය ද සිංහලයාගේ සදානුස්මරණීය අතීත මතකය හා බැඳි ප‍්‍රදේශ හා නගර නාම තුළින් ඇඳීයන්නේ විජය රජුගේ ගම්පියස පිළිබඳ මතුවන මනෝ චිත‍්‍රය යි. මහාවංශයේ (6.1 - 38) සඳහන් වන්නේ ලාට රට යන නාමය වුව ද මුල් පාළියේ ’ලාළ රට’ ලෙසිනි. දීප වංශයේ (9.1) තුළ ද මේ සම්බන්ධ තොරතුරු ඇතුළත් වේ. මෙසේ ලාට රට හෙවත් මුල්පාළියේ එන ’ලළරට’ පිහිටියේ ඉන්දියාවේ කවර ප‍්‍රදේශයක ද? යන පැනය තවදුරටත් විමසුව හොත් වාග්වේදීන් මෙන් ම ඉතිහාසඥයන් ද පුරා තොරතුරු තත්ත්ව ගවේෂකයන් ද ලබාදෙන තොරතුරුවල ඒකමිතියක් දක්නට නො ලැබේ.

මේ අනුව ලාට රට හෙවත් ලාළ රට පිහිටියේ1. ඉන්දියාවේ (උතුරු) නැඟෙනහිර ප‍්‍රදේශය2. දඹදිව වයඹ (නොඑසේනම් උතුරු ඉන්දියාවේ බටහිර පෙදෙස)යන අදහස් ප‍්‍රමුඛ ව පවතී. ’ලංකාවේ පුරාණ ලේඛන සංග‍්‍රහයෙහි මුලර් මහතා දක්වන්නේ3. දඹදිව ඊශාන පෙදෙසින් ලාට රට පිහිටි බවයි.4. ආචාර්ය සුනිති කුමාර චැටර්ජි ගේ ’වංග භාෂාවේ ප‍්‍රභවය හා සංවර්ධනය’ කෘතියේ 72 - 73 පිටුවල සඳහන් පරිදි ලාට රට නම් දඹදිව වංග දේශය බවට තොරතුරු දක්වයි. මහාවංශයේ (6.1 38) හි එන ’අතීතයේ වගුරට වගුනුවර වගුනම් රජෙක් විය. කළිඟු රජු දුවක් ඒ රජුහට වෙහෙසී වූවා. ඒ රජ තෙමේ එම දේවිය ගෙන් එක් දුවක් ලැබී’ ලෙස දක්වන විජය රජුගේ මිත්තනිය වන සුප්පා දේවියගේ උපත පිළිබඳ ව වන විස්තරය පාදක කොටගෙන එම තොරතුරු දක්වයි.5. මහාචාර්ය විල්හෙම් ගෛගර් මහතාගේ අදහස වන්නේ දඹදිව වයඹ ප‍්‍රදේශයේ ලාට රට පිහිටි බවයි. වාග් විද්‍යානුකූල සාධක එතුමා ඒ සඳහා වහල්කොට ගනියි. වචන මුලට යෙදෙන ’ව’ කාරය ’බ’ බවට පත්වීම නැගෙනහිර ප‍්‍රදේශයේ සිදුවීම එයට හේතුවයි. මෙම අදහසම කොඩ්රින්ටන් මහතා ද එකඟ වෙයි. ඔවුන් පවසන්නේ විජයගේ පැමිණීම සිදු වූ ස්ථානය නැඟෙනහිර ප‍්‍රදේශයට ඈඳා ගැනීම ප‍්‍රලාපයක් බවයි.6. චීන දේශාටක භික්‍ෂුවක් වන හ්‍යුංසාං භික්‍ෂුවගේ දේශාටක වාර්තා අනුව දීපවංශයේ එන තොරතුරු ඒ අයුරකින් ම පිළිගත් අයුරක් පෙනේ.විජය ඇතුළු පිරිස ඉන්දියාවෙන් නැව් නැඟ ඇත්තේ සුප්පාරක හා භාරුකච්ඡ යන දෙතොට පසුකර බව දීපවංශය සඳහන් කියමන පරිදි ආචාර්ය සුනිත් කුමාර චැටර්ජි හා මහාචාර්ය විල්හෙම් ගෛගර් මහතාගේ අදහස් කෙරෙහි විශේෂ සැළකිල්ලකින් අවධානයට ලක් කළ යුතු බව පෙනේ.’7. ශහිදුල්ලා මහතාට අනුව විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණ ඇත්තේ බෙංගාල ප‍්‍රදේශයෙනි.මෙසේ විජයාවතරණය පිළිබඳ ඓතිහාසික මූලාශ‍්‍ර හා විද්වත් මත විමර්ශනය කිරීමේ දී විජය ඇතුළු පිරිස නැව් නැඟි ප‍්‍රදේශය පිළිබඳ නිශ්චිත මතයක පිහිටා කටයුතු කළ නොහැකි බව පෙනේ. එය තවදුරටත් නිශ්චිත ව නොවිසිඳී ඇති පැනයක් වෙයි.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife