නිවස ඓතිහාසික ඓතිහාසික ඉතාලියේ දිදුලන මිලාන් සහ ටියුරින් නග

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ඉතාලියේ දිදුලන මිලාන් සහ ටියුරින් නග පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ඉතාලියේ දිදුලන මිලාන් සහ ටියුරින් නගර

ලෝකයේ සුන්දරතම සහ පැරණිතම කලා හා සංස්කෘතික ඉතිහාසයක් ඇති ප‍්‍රදේශවල ලැයිස්තුවක් පිළියෙළ කළොත්, එහි ප‍්‍රධාන තැනක් හිමිවන්නේ ඉතාලියටයි. ඉතිහාසය, කලාව, සංගීතය ආදී සියල්ලටම ඉතාලියේ දීර්ඝ අතීතයක් තිබෙනවා. ඔබ මේ දකින්නේ එහි විශිෂ්ට නගර දෙකක් - මිලාන් සහ ටියුරින්.මිලාන්, ඉතාලියේ දෙවැනි විශාලතම නගරයයි. ප‍්‍රධාන උමං මාර්ග දෙකක් හරහා එය යුරෝපයේ වෙනත් නගර යා කෙරෙන ප‍්‍රධාන දුම්රිය මං සන්ධියක්ද වෙයි.කි‍්‍ර.පූ. 600 දී පමණ පැරණි ප‍්‍රාග් ජන කොටසක් වූ ගෝල්වරු ප‍්‍රංශයේ සිට පැමිණ මෙහි පදිංචි වූ අතර කි‍්‍ර.පූ. 200 දී රෝමන්වරු තමන් නතුකර ගත්හ. දශක ගණනාවක් තිස්සේ, ඉතාලි අර්ධද්වීපය පැවතුනේ බෙදුණු හා යටත් රටක් හැටියටයි. එය සම්පූර්ණයෙන් නිදහස ලැබුයේ දහ නව වැනි ශතවර්ෂයේදීයි. මධ්‍ය කාලීන හා පුනර්ජීව යුග වලදී ඉතාලිය පාලනය කරනු ලැබුයේ ධනවත් ඉඩම් හිමිකරුවන් විසිනි. ඔවුන් විසින් ඉතාලියේ සිටි දක්ෂතම චිත‍්‍ර ශිල්පීන් මිලාන් නගරය වෙත ගෙන් වූවා. ඔවුන් අතරින් ප‍්‍රධාන වන්නේ ලියනාඩෝ ඩා වින්සි නම් වූ විශිෂ්ට සිත්තරා යි. ඔහු විසින් ඇඳි ඓතිහාසික චිත‍්‍ර අතුරින් ‘ද ලාස්ට් සපර්’ හෙවත් ‘අන්තිම රාති‍්‍ර භෝජනය’ නම් වූ සිතුවම ඉතාමත් ප‍්‍රසිද්ධයි. එය සිතුවම් කර තිබෙන්නේ ශාන්ත මරියා කන්‍යාරාමය නම් වූ ආශ‍්‍රමයේ ගොඩනැගිල්ලක් ඇතුළත වූ බිත්තියකයි. එය ජේසුස් කි‍්‍රස්තුන් වහන්සේගේ ජීවමාන චරිතය සම්බන්ධ කර ගනිමින් ඇඳි සිතුවමක්.මිලාන් නගරයේ පැරණි සිහිවටන අතරේ, තිබෙන ගොඩනැගිලි බොහොමයක් දැන් භාවිතා වන්නේ කෞතුකාගාර හා පුස්තකාල වශයෙනුයි. නගරයේ පැරණි දසුන් අතරේ ලෝකයේ ඉතාමත් ප‍්‍රසිද්ධ සංගීත නාට්‍යාගාර කීපයක් වෙයි.

වර්තමාන මිලාන් නගරයඅද, ලෝකයේ පොහොසත් නගර අතුරෙන් එකක් වන අතර අහස උසැති යැයි හැඟෙන ගොඩනැගිලි රැසක් නගරයේ තිබෙයි.

ටියුරින් - තවත් දිදුලන නගරයක්ඇල්ප්ස් කඳුකරය පාමුල වූ පටු නිම්නයක පිහිටි නගරයකි. එය ප‍්‍රංශ දේශ සීමාවට නුදුරින් පිහිටා තිබේ. ඇල්පයින් කඳුකරයට මැදිව පිහිටි එය ඈත සිට බලන්නෙකුට අපූරු දසුනක් ලෙසින් දිස්වෙයි.මේ නගරයේ ආදිතමයන් වනුයේ රෝම වරුන්. ඔවුන්ව හැඳින්වූයේ ටෝරිනී වරුන් වශයෙනුයි. මධ්‍ය කාලීන යුගවලට අයත් ස්මාරක රාශියක් මේ නගරයේද දකින්නට පුළුවනි. බොහෝ ඒවා අයත්වන්නේ දහහත් වැනි සහ දහ අට වැනි සියවස් වලටයි.ටියුරින් නගරයේ ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථාන අතරේ ඊජිප්තු කෞතුකාගාර කීපයක්ද වේ. ඒවා ලොව වටිනා ඊජිප්තු කෞතුකාගාර ලෙසින් සැලකෙන අතර දෙවැනි වන්නේ, ඊජිප්තුවේ කයිරෝ නගරයේ තිබෙන කෞතුකාගාරයට පමණයි. නයිල් නදිය අසබඩ ශිෂ්ටාචාරයට අයත් වටිනා නටඹුන් රැසක් මෙහි දක්නට තිබෙනවා.වත්මන් ටියුරින් නගරයේ තොරතුරුඉතාලියේ වැදගත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ටියුරින් නගරය කැපී පෙනෙනවා. දැන් එය වඩා ප‍්‍රසිද්ධ වී තිබෙන්නේ මෝටර් රථ නිෂ්පාදනයටයි

සමුද්‍රිකා වර්ණකුල

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 12 වෙනි සෙනසුරාදා, 09:44
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife