නිවස ඓතිහාසික ඓතිහාසික පෘතුගීසි දේශ ගවේෂක වස්කෝ ද ගාමා ඉන්දි

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
පෘතුගීසි දේශ ගවේෂක වස්කෝ ද ගාමා ඉන්දි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

පෘතුගීසි දේශ ගවේෂක වස්කෝ ද ගාමා  ඉන්දියාවට පැමිණීම

රෝම අධිරාජ්‍යය දහතුන්වැනි සියවසේදී අභාවයට ගියේය. ඉන්පසුව යුරෝපීයයන් සමග පැවති ඉන්දියානු වෙළඳ කටයුතු අරාබි ජාතිකයන් විසින් පාලනය කිරීමට පටන් ගන්නා ලදී. එම වෙළඳ භාණ්ඩ යවන ලද්දේ කොන්ස්තන්තිනෝපල් නගරය හරහාය. කි‍්‍රස්තු වර්ෂ 1543 දී එම නගරය ඔටෝමන්තුර්කිවරුන් විසින් අල්ලා ගන්නා ලදී. මේනිසා කොන්නන්තිනෝපල් නගරය හරහා වෙළඳ බඩු යැවීම ඔවුන් විසින් නතර කරන ලදී. මේනිසා මෙම වෙළඳ බඩු ඉන්දියාවට ප‍්‍රවාහනය කිරීමට වෙනත් මාර්ග සොයා ගැනීමට යුරෝපීය ජාතීන්ට අවශ්‍ය වුයේය.

යුරෝපීයයන් ඉන්දියාවට පැමිණියේ ප‍්‍රධාන වශයෙන්ම වෙළඳාම් කටයුතු සඳහාමය. ඉන්පසු ක‍්‍රම ක‍්‍රමයෙන් යුරෝපීයයෝ ඉන්දියාවේ පදිංචිවීමට පටන් ගත්හ. මේනිසා ඔවුන්ට ඉන්දියාව සමග කළ වෙළඳ කටයුතු වලින් විශාල ලාභයක් ලබාගැනීමට හැකිවිය. මේනිසා ඔවුන්ගේ වෙළඳ භාණ්ඩ ඉන්දියාවේ විකිණීමටත් ඉන්දියාවෙන් ඔවුන්ට අවශ්‍ය වෙළඳ භාණ්ඩ මිලදී ගැනීමටත් අය බදු වලින් තොරවම කර ගෙන යෑමට යුරෝපීයයන්ට අවස්ථාව ලැබුණේය. මේ වෙළඳ කටයුතු වලින් යුරෝපීය ජාතීන්ට විශාල ලාභයක් ලබාගැනීමට හැකි විය.1498 වර්ෂයේදී පෘතුගාලයේ වස්කෝද ගාමා විසින් ඉන්දියාවට පැමිණිය හැකි මුහුදු මාර්ගයක් සොයා ගන්නා ලදී. එයින් පසුව පෘතුගීසීන් විසින් ඉන්දියාවට පැමිණ එහි වෙළඳ කටයුතු ආරම්භ කරමින් වෙළඳ මධ්‍යස්ථාන ඉදිකර ගන්නා ලදී. එපමණක් ද නොව ඉන්දියාවේ සමහර ප‍්‍රදේශ ඔවුහු යටත් කර ගත්හ. ඉන්දියානු මුහුදු තීරයේ වර්ග කිලෝ මීටර් 19,000 ක පමණ ප‍්‍රදේශයක පෘතුගීසි බලය ඔවුහු ව්‍යාප්ත කළහ. එසේ වුවද දහ හත් වැනි සියවසේ අග භාගය වනවිට ඔවුන්ට අයත් වූ ඉන්දියානු ප‍්‍රදේශ සියල්ලකම බලය පෘතුගීසින්ට නැතිවී ගියේය. එහෙත් ඉන්දියාවේ ගෝවේ බලය පෘතුගීසීන් සතු විය.

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූලි 20 වෙනි අඟහරුවාදා, 14:31
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife