නිවස ඓතිහාසික ඓතිහාසික ගාලුවරායට අහම්බෙන්පැමිණි නැව් කොල්ල

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ගාලුවරායට අහම්බෙන්පැමිණි නැව් කොල්ල පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ගාලුවරායට අහම්බෙන්පැමිණි නැව් කොල්ලකරුවෝ

වස්කෝදගාමා නැව්වලින් 1498 දී මැයි මස 28 වැනිදා ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණීමත් සමගම කාලයක් තිස්සේ යුරෝපීය ජාතිකයින්ගේ බලාපොරොත්තුවක් ඉටු වූයේය. එතෙක් මුස්ලිම්වරුන් යටතේ තිබුණ වෙළදාම ද පෘතුගීසීන් ට අල්ලා ගැනීමට මෙය අවස්ථාවක් විය. 1499 වර්ෂයේදී ඉන්දියාවෙන් බඩු තොගයක් නැව්වලට පටවා ගත් වස්කෝද ගාමා පෘතුගීසීන්ගේ රට වූ පෘතුගාලයට පැමැණියේය. මෙයින් පසුවට පෙරදිගට පැමිණ තමන්ට ඕනෑ කරන කැළුබඩු ආදිය රැගෙන යෑමට මුස්ලිම්වරුන් ගැන බලාපොරොත්තුවීම අවශ්‍ය වූයේ නැත. පෘතුගීසීහුම මේ වෙළඳ බඩ විශේෂයෙන්ම ඉන්දියාවේ සිට පෘතුගාලයට ගෙන ගියහ. එපමණක්ද නොව ඉතා විශාල නැව් සංඛ්‍යාවක්ද නාවික බලයක් ද තිබුණු පෘතුගීසීහු මහමුහුදේ ගමන් කළ මුස්ලිම්වරුන්ගේ නැව් කොල්ලකෑමට ද පටන් ගත්හ. අතර මඟ රැක සිට මුහුදේ ඇති බඩු පුරවාගත් නැව් කොල්ලකෑමට පෘතුගීසීන් මලබාර් වෙරළෙ සුදානමින් සිටි නිසා මුස්ලිම් වෙළෙන්‍‍ඳො පුරුදු ගමන් මාර්ගය වෙනස් කර වෙනත් මුහුදු මාර්ගයක් ඔස්සේ ඔවුන්ගේ බඩුනැව් ලංකාවේ දකුණු ප‍්‍රදේශය හරහා මාලදිවයින අසලින් යාත‍්‍රා කිරීමට පටන් ගත්හ. මෙසේ බඩු පුරවාගත් මුස්ලිම් නැව් කීපයක් පෘතුගීසි නැව් කොල්ලකරුවන්ට හසු නොවේ. මේ අයුරින් වූ ලංකාවේ දකුණු වෙරළ ඔස්සේ ගමන් කරන බැව් පෘතුගීසි නැව් කොල්ලකරුවෝ දැනගත්හ.

ඉන්පසුව පෘතුගීසි නැව්කොල්ලකරුවෝ මුස්ලිම් නැව් ලුහුබඳින්නට පටන් ගත්හ. බඩු පටවාගත් මුස්ලිම් නැව් කීපයක් මාලදිවයින් අසලින් ගමන් කරමින් තිබෙන බව ඒ වන විට ඉන්දියාටවේ පිහිටි ගෝව නගරයේ බලකොටුවක් සාදාගෙන සිටි පෘතුගිසි ආණ්ඩුකාරයා වූ ප‍්‍රැස්සිස්කු ද අල්මේදා මුස්ලිම් නැව් කොල්ලකෑමට පෘතුගීසි කොල්ලකරුවන් සහිත නැව් කීපයක් ඒ මුහුදු ප‍්‍රදේශයට යැව්වේය. මේ පෘතුගීසි මුහුදු කොල්ලලරුවන් සහිත නැව් භාරව ගියේ එම ආ පෘතුගීසි ආණ්ඩුකාරයාගේ (ප‍්‍රපන්සිස්කු අල්මේදා) පුත් ලොරෙන්සොද අල්මේදාය. ඔහුගේ නායකත්ව යෙන් පැමිණි පෘතිගීසි නැව් මහා කුණාටුවකට හසු වූයේය. මේ කුණාටුවට පසු වූ නැව් අහම්බෙන් ගාලු වරායට ආවේ 1505 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 15 වැනිදාය. එනම් මීට හරියටම අවුරුදු පන්සියයකට ඉස්සර කාලයේදී ය. ගාලුවරායට සේන්දු වූ පෘතුගීසීහු මුස්ලිම් නැව් කීපයක්ද තිබෙණු දැක්කාහ. ලංකාව ගැන ම පෘතුගිසීන් මුස්ලිම්වරුන්ගෙන් ඇසුව නමුත් ඊට නිසි පිළිතුරක්ද දීමට මුස්ලිම්වරු කැමති නොවූහ. මුස්ලිම්වරුන් සමඟ අරගලයක් ඇති කරගැනීමට ද ඒ අවස්ථාවේ පෘතුගීසීහු කල්පනා නොකළහ. මේ අතර පෘතුගීසීන් කොළොම්තොට (මෙකළ කොළඹ) වරායට පැමිණ සිටින බව කෝට්ටේ රජමාළිගයට ද ආරංචි වී තිබිණි. කෝට්ටේ රජතුමාට රට වැසියන් විසින් ප‍්‍රකාශ කළ ආකාරය රාජාවලිය නම් පොතේ මෙසේ සඳහන් වෙයි.  “අපගේ කොළොන්තොටට (කොළඹ) ඉතා සුදු පැහැය ඇති ජාතියක් බොහෝ රූපශ‍්‍රීයෙන් යුක්තව යකඩ සැට්ට ඇඟලා, ගෙන යකඩ තොප්පි ඉසලාගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරනවාය කියාත්, පාන් මුද්දරප්පලං අරක්කු කනු බොනු දැක කුඩුගල් සපා කමින් ලේ බොන්නන් කියාත් එක මස්ටකයාට (මාළුතැරියා) රිදීරන් දෙක තුන දෙන්නන්න කියාත් උන්ගේ කාලතුවක්කුව තියන වෙඩිල්ල ශබ්ද සුන්දර පර්වත හෙණහඬටත් වැඩිය කියාත්, කාල තුවක්කු උණ්ඩය ගව්ගණන් ගොසින් වත්කළ ගල්කොට්ට යකඩකොට්ටවල් පොඩිවෙයි කියාත් පමණක් නැතිව විස්තර වශයෙන් සැල කළෝය.(රාජාවලිය – පිටුව 215 – 216)

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූලි 20 වෙනි අඟහරුවාදා, 14:31
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife