ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ලෙන්වැසියෝ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ලෙන්වැසියෝ

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දී මිනිසාගේ වාසස්ථාන ලෙසින් ගුහා භාවිතා විය. ඒ සීතලෙන් ආරක්ෂාවීමටත්, කුණාටුවලින් ආරක්ෂාවීමටත්, වන සතුන්ගෙන් ආරක්ෂාවීමටත්ය. නමුත් පුරාණ මිනිසුන් සියලු දෙනා ගුහාවල විසුවේ නැති අතර, ඇතැම්හු වසරේ ඇතැම් කාලවල පමණක් ගුහාවල විසූහ. (විශේෂයෙන් ශීත කාලවලදී)අයිස් යුගයේ මිනිස්සු අධික සීත කාලගුණ තත්ත්වවල දී ගල් ගුහාවල වාසය කරමින් උණුසුම ලබා ගත්හ. පුරාණ ගල් යුගයේ මිනිස්සු ද සීත ඍතුවල දී ගුහාවල විසූහ.ගුහාවාසීහු එංගලන්තයෙන් ද හමු වී තිබේ. නමුත් ඉතා ප‍්‍රකට ලෙන්වාසීන් හමුවන්නේ නිරිත දිග ප‍්‍රංශයේ ඩොර්ඩෝනේ ගංගා නිම්නය ආසන්නයෙනි. නියැන්ඩර්තාල් මානවයා එහි වාසය කර තිබේ. ගල් ආයුධ භාවිතා කරමින් ඔවුහු වන සතුන් දඩයම් කරමින්, ගල් ලෙන්වල වාසය කළහ. ගුහා ඉදිරිපස කෝටු වලින් ගිනි මැල දල්වා ඔවුහු සත්ව මස් ගින්නේ ලා පුළුස්සා ආහාරයට ගත්හ.

පයින් අතු කැබලි වියළි තණ කොළ මත නිදා ගත්හ. සත්ව සම් ඇඳුම් ලෙස ද ඇඳ ඇතිරිලි ලෙස ද යොදා ගත්හ. ඔවුහු ගල්ගුහාවල දකුණු පසින් හිරු එළිය ලබා ගත් අතර, උතුරු පසින් සීතල සුළඟේ පහස ලබා ගත්හ. මෙසේ නියැන්ඩර්තාල්වරු ගල් ගුහා තුළ වසර දහස් ගණනක් ජීවත් වුහ. අයිස් යුගයේ අග භාගයේ දී නැගෙනහිර යුරෝපයේ සහ මැද පෙරදිග රටවලින් ඩොඩෝනේ ගං නිම්නයට මිනිස්සු පැමිණියහ. ඔවුහු නියැන්ඩර්තාල්වරුන් යටත් කර ගෙන එහි වසන්නට වූහ. ඔවුහු ක්‍රෝ - මැග්නොන් නම් වෙති. ඔවුහු නියැන්ඩර්තාල්වරුන්ට වඩා දක්ෂ වූ අතර, තියුණු ගල් ආයුධ සෑදීමට ද, ගල් ගුහාවල සිතුවම් කැටයම් කිරීමට ද සමත් වූහ. අයිස් යුගය ක‍්‍රමයෙන් නිමා වූ පසු දේශගුණය උණුසුම් වන්නට විය. පුරාණ මිනිසාට ඉන් පසු ගුහා තුළ විසීම අවශ්‍ය වූයේ නැත.ලෝකයේ වෙනත් ප‍්‍රදේශවල ද ඒ යුගයේ දී ගල්ගුහා නිවාස ලෙස භාවිතා විය. ඇමරිකා, ආසියා, ඕස්ටේ‍්‍රලියා සහ අප‍්‍රිකා කලාපවල මිනිස්සු ද එකල ගල්ගුහාවල විසූහ. ඇමරිකා එක්සත් ජනපදයේ නිරිත දිග ප‍්‍රදේශවල විසු රතු ඉන්දියානු ගෝති‍්‍රකයෝ ද ඒ යුගයේදීම ගල්ගුහාවල විසූහ. බටහිර යුරෝපයේ, මධ්‍යධරණී රටවල, චීනයේ, දකුණු අප‍්‍රිකාවේ, චිලි ප‍්‍රදේශයේ ආදි ජනයා ද ගල් ගුහාවල වාසය කළහ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 10 වෙනි බ්‍රහස්පතින්දා, 17:06
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife