නිවස ඓතිහාසික ඓතිහාසික මහසෙන් රජතුමා ඉදි කළ ලොව විශාලතම දාගැ

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
මහසෙන් රජතුමා ඉදි කළ ලොව විශාලතම දාගැ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

මහසෙන් රජතුමා ඉදි කළ ලොව විශාලතම දාගැබ ජේතවනාරාමය

මහසෙන් අජතුමා විසින් කරවන ලද ජේතවනාරාම දාගැබ පිළිබඳව ඔබ අසා ඇතුවාට සැක නැත. මහා විහාරයට අයත් ප‍්‍රදේශයහි ජෝතිවන නම් උද්‍යානයෙහි ඉදි කළ නිසා මේ දාගැබ ජේතවනය යන නාමය යෙදුනි. ඒ කාලයේදී ජේතවනාරාමය දාගැබේ උස අඩි 400 කි. (මීටර්110 කි) මෙම දාගැබ අක්කර අටක ප‍්‍රදේශයක ඉදි කර තිබේ. මෙම දාගැබ ගීසා පිරමීඩ දෙකකට පමණක් උසින් වූවක් සේ සැළකේ. පිලිස්සූ ගඩොල් 93,300,000 ක් මේ දාගැබ සෑදීම සඳහා යොදාගෙන ඇත. මෙම දාගැබ සාදා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර් අඩි 28 පමණ යටට ගඩොලින් සාදන ලද පදනමක් මතය. එය ඕඡ්ච් අර්‍ණඛ්ම් මාතෘ පාෂාණය මත ඉදිකර තිබේ. මේ නිසාම මෙම දාගැබ කිසිදු ගිලා බැදීමක් හෝ ඉරිතැලීමක් දක්නට නැත. මේ දාගැබ පමණක් නොව අනුරාධපුරයේ ඇති අනෙකුත් විශාල දාගැබ් ද සාදා ඇත්තේ එසේය. ඒ සියලුම දාගැබ් වලට වඩා මේ දාගැබ විශාලත්වයෙන් යුක්තය.මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් කි‍්‍රස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. මෙම ජේතවනාරාම දාගැබ සඳහා අනෙකුත් විශාල දාගැබ් සඳහා මෙන්ම සලපතල මළුවක්ද සාදා ඇත. ජේතවනාරාම දාගැබේ සලපතල මළුව, විශේෂ එකකි. සළපතල මළුව යනු ගල් පුවරු අතුරන ලද දාගැබේ ඇති මළුවකි. මේ සළපතල මළුවේ අතුරන ලද සමහර ගල්පුවරු වල එම ගල්පුවරු අතුරන ලද්දේ කාගේ අනුග‍්‍රහයෙන්ද කවුරුන් ඊට දායක වූයේද යන්න පවා ලියා ඇති බව ඔබට එහි ගිය විට දී අද පවා දැක ගත හැකිය.

ජේතවනාරාමය වැඳ පුදා ගැනීමට අනුරාධපුරයට ගිය විටදී මෙවැනි දේවල්ද දැකගැනීමට හා විමසීමට අමතක නොකරන්න. ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදි කිරීමට පෙර ඒ පුදබිම දේවානම්පියතිස්ස රාජයුගයේදී හඳුන්වා ඇත්තේ නන්දන වනය යන නාමයෙනි. මිහිඳුමහ රහතන්වහන්සේ ලංකාවට වැඩම කළේ දේවානම් පියතිස්ස රාජ යුගයේදී බැව් අපි දනිමු. මිහිදුමහ රහතන්වහන්සේ දින හතරක්ම මෙම නන්දන වනයෙහි වැඩ වාසය කර ධර්මය දේශනා කළ සේක. බුදු දහම මෙසේ දේශනා කිරීමෙන් ජනතාවට අවබෝධයක් ලබාදිමට උපකාරී වූ මේ ස්ථානය ආලෝකය විහිදුවන ස්ථානය යන අර්ථය දේන්නා වූ ජොතිය වනය නමින් ප‍්‍රසිද්ධියට පත්වූයේය. මේ පිළිබඳව තවත් මත දක්නට ලැබේ. ජේතවනාරාමය ගොඩනගන කාලයේදී අනුරාධපුරයේ තවත් දාගැබ් හයක් තිබුණි. ඒවා නම් ථූපාරාමය, මිරිසවැටිය, දක්ෂිණ විහාරයේ තිස්සමහා ස්තූපය, රුවන්වැලිසෑය, අභයගිරිය, සහ ඛනිසෝමාරාම දාගැබය. ජේතවනාරාමය සෙල්ලිපි වල හඳුන්වන්නේ දෙනා වෙහෙර, යනුවෙනි. මහසෙන් රජතුමා විසින් රටවැසි ජනතාවගෙන්ද සිංහල දක්ෂ වාස්තු විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් ගේ සහයෙන් මෙම ජේතවනාරාමය ඉදිකර සාගලික නිකායේ භික්ෂූන් වහන්සේලාට පූජා කරන ලදී. ඉන් පසුව බොහෝ සිංහල රජවරු මේ දාගැබ ප‍්‍රතිසංස්කරණය කළහ. මෙම දාගැබට අයත් ප‍්‍රධාන දොරටු වලට මුහුණ පා සිටින ලෙසින් දාගැබට සම්බන්ධ කර සාදන ලද වාහල්කඩ සතරක් තිබී ඇත. එහි නටබඹුන් ඒ අසළ ඔබට දැකගත හැකිය. අපි ඉදිරි කාලයේ දී වාහල්කඩ යනු මොනවා ද යන්න ගැන විස්තර කරන්නෙමු.මේ දාගැබ අවට වූ භූමියෙහි ඉතා විශාල වූ බුදු පිළිමගෙයක නටඹුන් ද දැකගත හැකිය. එහි උළුවස්ස අනුව හා ඒ බුදු පිළිමයේ පාද ඇති නෙළුම් මල අනුව එම බුදු පිළිමය කොපමණ විශාලද යන්න ඔබට දාකගත හැකිය. මීට අමතරව මෙම ජේතවනාරාම පුදබිමට අයත් වූ බෝධීන් වහන්සේ සඳහා සාදන ලද බෝධිඝරය ද භික්ෂූන් වහන්සේලා සඳහා වූ පොහොය ගෙය සන්නිපාත ශාලාව ආදී තවත් බොහෝ ආගමික ගොඩනැඟිලි මෙම ජේතවනාරාම පුදබිමේ දැක ගත හැකිය.මෙම ජේතවනාරාම පුදබිම මෙකල අයත් වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලටය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවනාරාම ව්‍යාපෘතිය මඟින් මෙහි සංරක්ෂණ කටයුතු කරගෙන යනු ලැබේ.

සිරිසමන් විජේතුංග

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූලි 15 වෙනි බ්‍රහස්පතින්දා, 10:20
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife