නිවස ඓතිහාසික ඓතිහාසික සුමේරි – බැබිලෝනියානු ඉලක්කම්

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
සුමේරි – බැබිලෝනියානු ඉලක්කම් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

සුමේරි – බැබිලෝනියානු ඉලක්කම්

ඉරාක දේශයේ සිට පර්සියා බොක්ක තෙක් ගලා බසින ලද ‘ටයිගි‍්‍රස්’ සහ ‘යුප‍්‍රටීස්’ ගංගා දෙපසෙහි මීට වසර පන්දහසකට පමණ පෙරදී ‘සුමේරි’ නම් ආදිවාසීහු ජනාවාස වූහ. ඔවුහු අකුරු නිපද වූ අතර ඒවා මැටි පුවරු මත ලිවීමට ද සමත් වූහ. ඔවුන්ට උතුරු දෙසින් විසූ ‘අක්කදී’ නමැති ජනයා පසුකලෙක සුමේරිවරුන් ගේ ප‍්‍රදේශය ආක‍්‍රමණය කළහ. අක්කදිවරු සුමේරියානුවන් ගේ අකුරු තම භාෂාව ලිවීම සඳහාත්,, අංක ක‍්‍රමය ගනුදෙනු කටයුතු සඳහාත් ප‍්‍රයෝජනයට ගත්හ. අක්කදිවරුන් ගේ රාජධානිය ‘බැබිලෝන්’ නගරය වූ නිසා ඔවුන්ට බැබිලෝනියන්වරු ලෙස ද පවසනු ලැබේ.ඉරාකයේ පැරණි නගර කැණීමේ දී ඉපැරණි මැටි පුවරු ලේඛන දහස් ගණනක් හමු වී තිබේ. බැබිලෝනියානු රජවරුන්ට අයත් පුස්තකාලයක් ද පුරා විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී. එහි තිබී ගණන් හිලව් සහ ගණිතය පිළිබඳ පුවරු ද හමු වී ඇත.

එම පුවරු මගින් ඔවුන්ගේ අංක ක‍්‍රමයත්, ගණිත ඥානයත් පිළිබඳව තොරතුරු වටහා ගත හැකි වේ. බොහෝ පැරණි ශිෂ්ටාචාරවල දහය මුල්කරගෙන ගණන් කළ බව දක්නට ලැබේ. නමුත් සුමේරි – බැබිලෝනියානු ශිෂ්ටාචාරය තුළ මේ තත්වය වෙනස් ය. මුල් කාලයේ දී සුමේරියානුවන් ද දහය මුල්කරගෙන ගණන් කර ඇති බවත් පසුව එය 60 ඉලක්කමට පරිවර්තනය වූ බවත් පෙනේ. එයට උදාහරණයක් ඉහත දැක්වේ. දහය සඳහා වූ සංකේතය දෙවරක් තෙවරක් ආදී වශයෙන් යෙදීමෙන් 20, 30, 40 යනාදී සංඛ්‍යා තනාගත් බව ඉහත රූප සටහනින් පැහැදිලි වේ.59 දක්වා වූ සංඛ්‍යාවන් ඍජු රේඛා හා දහයේ සංකේතය ආධාරකර ගනිමින් ලියා තිබේ. එහෙත් 60 සඳහා නැවත ‘එක’ නියෝජනය කළ සංකේතය යොදා තිබේ. මෙම එකේ සංකේතය 60*60, 60*60*60 සඳහා හෙවත් 60 ට අයත් කිසියම් ගුණයක් ලබාගැනීම සඳහා ද භාවිතා කෙරුණි. එලෙසින් ම දහයේ සංකේතය දහය සඳහා නොව 10*60, 10*602, 10*603 ආදිය සඳහා ද භාවිතා විය.මේ ලෙසින් පුරාණ බැබිලෝනියාවේ දහය මුල් වූ හා 60 මුල් වූ අංක ක‍්‍රමයක් භාවිතා වී තිබේ. දෑතෙ ඇඟිලි දහයක් තිබෙන නිසා දහය මුල්කරගෙන ගණන් කිරීම සුදුසු වේ. නමුත් ඔවුන් 60 මුල්කර ගන්නේ කුමන හෙයින් දැයි සිතාගත නොහැක.බැබිලෝනියානුවෝ පසු කලෙක දී බින්දුවට ද සංකේතයක් නිර්මාණය කළහ. එහෙත් එය නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය ඔවුහු නොදත්හ. ඔවුන්ගේ අංක ක‍්‍රමය භාවිතයෙන් ඉවත්ව ගියත් 60 මුල්කරගත් ගණන් ක‍්‍රමය අදටත් අප අතර පවතී. කෝණයක අංශකය හෝ මිනිත්තුවකට තත්පර ගණන හෝ 60 න් දැක්වීම අද ද සිදුවේ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 10 වෙනි බ්‍රහස්පතින්දා, 09:42
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife