නිවස ඓතිහාසික ඓතිහාසික බැබිලෝනියානු ශිෂ්ටාචාරය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
බැබිලෝනියානු ශිෂ්ටාචාරය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

බැබිලෝනියානු ශිෂ්ටාචාරය

මෙයට වසර 6000 කට පෙර යුප‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රටීස්, ටයිග‍්‍රීස් ගංඟා අතර ඇති භූමි ප‍්‍රදේශයේ බැබිලෝනීය ශිෂ්ටාචාරය මුලින්ම පැවතිණි. මෙහි ජීවත් වූ ජනතාව හැඳින්වූයේ බැබිලෝනියන්වරු වශයෙනි. බැබිලන් නගරය ප‍්‍රසිද්ධියට පත් වූයේ කි‍්‍ර. පූ. 1792 – 1750 කාලයේ සිට හමුරාබි රජුගේ කාලයේදීය. මේ කාලය වන විට ලර්සාහි බලය පිහිටුවා ගෙන සිටි ඊලාම රජු පරාජය කළ හමුරාබිට “ සුමේර් ඇකැඩ් රාජයා” යන විරුදාවලිය ලබා ගැනීමටත් මෙසෙපොතේමියාව එක්සත් කිරිමටත් ඔහුට හැකි විය.මෙම ශ්‍රේෂ්ඨ පාලකයාගේ අධිරාජ්‍යය පර්සියන් බොක්කේ සිට නිනවේ ප‍්‍රදේශයෙන් උතුරට ද ඊලාම කඳු වල සිට බටහිරින් සිරියාව දක්වා විහිදී තිබුණි. ඔහුගේ රාජ්‍ය කාලය සාමය හා සමෘද්ධිමත් එකක් වූවා පමණක් නොව යටත්වැසියාගේ අභිවෘද්ධිය පැතූ ඔහු මෙසපොතේමියානු සිරිත් විරිත් ගරු කොට සැලකූහ.බැබිලෝනියානු සුමේරියන් ශිෂ්ටාචාරයේ ද මිනිසුන්ගෙන් බුද්ධිමත් වූයේ පූජකවරුන්ය. මේ අතර ප‍්‍රකට ඡ්‍යොතිර් විද්‍යාඥයින් විද්‍යාඥයන් සහ ගණිතඥයන් සිටියහ.මැටි පුවරු සකස් කොට පොත් වශයෙන් යම් කරුණු සටහන් කර තැබීමට ඔවුහු දැන සිටියහ. බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ මැටි පොත් වල භාවිතා කළ  අක්ෂර උල්හැඩයක් ගත්තේය. බැබිලෝනියන්වරු පළමුවෙන් නගර සංවර්ධනය කළහ. ඉන් පසුව ලේඛන කලාව දියුණු කළහ. මෙසේ දියුණු කර නගරයකි බැබිලන් නගරය. එය හොඳ වෙළඳ මධ්‍යස්ථානයක් විය.

හමුරාබි වංශයේ අවසානය සිදු වූයේ කැසයිට් නම් ගෝති‍්‍රක ජනයාගෙනි. ඔවුන් නැගෙනහිර දෙසින් මෙසපොතේමියාවට කඩා වැදී උතුරුදිග ප‍්‍රදේශ වල බලය පිහිටුවා ගත්හ. කි‍්‍ර. පූ. 1600 – 1580 කාලයේදී බෝඝන්කෝයි ප‍්‍රදේශයේ සිටි හිටයිට්වරු මුර්සිලස් නම් ඔවුන්ගේ රජු යටතේ බැබිලන් නගරය ආක‍්‍රමණ කර විනාශ කළහ. කුසයිට්වරු වසර 400ක් බැබිලන් සිහසුන හෙබ වූහ.කුසයිට් වරුන්ගේ කාලයේදී බැබිලන් නගරය හා ඇසිරියාව අතර නිතරම ගැටුම් ඇති විය. මෙසපොතේමියාව මෙම යුගයේදි අසිරියාව හා බැබිලන් යනුවෙන් ප‍්‍රධාන පාලන කොටස් දෙකකට බෙදීී තිබුණි. නිනවේ වැටෙන තෙක් පාලනය කළේ ඇසිරියන්වරුන්ය.බැබිලෝනියාවේ අවසන් රාජවංශ කි‍්‍ර. පූ. 626 දී ඛල්දියානුවරු විසින් බිහි කළහ. මෙම රාජවංශයේ බලවත්ම පාලකයා වූ කි‍්‍ර. පූ. 605 – 562 දක්වා කාලයේ රජ කළ නෙබුකද්නෙසර් II මෙම රජතුමා ජෙරුසලම ඇතුළු රාජ්‍යයන් අල්ලාගෙන රාජ්‍ය පුළුල් කළේය. පැරණි ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන එල්ලෙන උද්‍යාන නිර්මාණය කළේද මෙම රජතුමා විසිනි. ඛල්දියානුවරුන්ගේ පාලන සමය තුළ ගොඩනැගිලි සංඛ්‍යාවක් ඉදි කරන ලදී. කි‍්‍ර. පූ. 539 දී නැවතත් බැබිලන් නගරය ඇකිමේනියානු අධිරාජයා වූ සයිරස් විසින් අල්ලා ගන්නා ලදී.කි‍්‍ර. පූ. 331 දී සිදු වූ ගෝගමීලා සටනින් ග‍්‍රීක ආක‍්‍රමණික මහා ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාව අල්ලා ගත්තේය. කි‍්‍ර. පූ. 323 දී බැබිලන්හිදී මහා ඇලෙක්සැන්ඩර් අකාලයේ මිය ගියේය. ඔහුගේ මරණින් පසු සෙලුකස් නිකේටර්ගේ අධිරාජ්‍යයේ කොටසක් බවට බැබිලෝනියාව පත් විය. මොහුගේ අධිරාජ්‍ය පිරිහීමෙන් පසු බැබිලෝනියාව ක‍්‍රි. පූ . 126 දී පාර්තියන්වරු යටතට පත් විය. පාර්තියන් රජවරුන් යටතේ පැවති බැබිලෝනියාව කි‍්‍ර. ව. 227 සාසනිය රාජ්‍යයට යටත් විය. බැබිලෝනියන්වරු තාරකා ශාස්ත‍්‍රයද දැන සිටි බවට සාධක තිබේ. ඔවුන් චක‍්‍රයක් අංශක 360 බෙදීමට දැන සිටි අතර දවසේ පැය 24 විනාඩි තත්පර වශයෙන් බෙදා පෙන්වීමට සමත්ව සිටි බවට කරුණු ඇත. වාර්ෂික ලිතක්ද ඔවුන් විසින් සකසා තිබේ.  මෙම සභ්‍යත්මයේ දී පූජක පංතියට මූලික තැනක් හිමි විය. “සිගුරාට්” නමින් හැඳින් වූ ඔවුන්ගේ සිද්ධස්ථාන වල සෑම පියගැට පෙළක්ම එක් එක් ග‍්‍රහයන් වෙනුවට කැපකර තිබුණි.

ආත්මා සුරේන්ද්‍ර

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife