නිවස ඓතිහාසික ඓතිහාසික ඉපැරණි අනුරාධපුරය

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
ඉපැරණි අනුරාධපුරය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

ඉපැරණි අනුරාධපුරය

පණ්ඩුකාභය රජුගෙන් ආරම්භ වූ අනුරාධපුර රාජධානිය වසර දහසකට වැඩි කාලයක් රජවරුන් සිය ගණනකගේ පාලනය යටතේ ක‍්‍රමිකව වර්ධනය විය. විටින් විට විදේශ ආක‍්‍රමණ වලට ගොදුරු වූවත්, විදේශීය රජවරුන්ගේ පාලනය යටතේ පැවතියත් ඒ සැම විටම නොනැසී නැගී සිටින්නට සමත් විය. ලංකාවේ මුල්ම රාජධානිය වූවා සේම වැඩිම කාලයක් පැවති රාජධානිය වශයෙන් ද එය ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමිකර ගනී. කෙසේ වුවත් දේශපාලනික, ආර්ථික, ආගමික සහ සංස්කෘතික යන සෑම අංශයකම උසස් දියුණුවක් ලැබූ මේ යුගය එහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණ අනුව අනුරාධපුර මුල් යුගය සහ අනුරාධපුර පසු යුගය (පශ්චාත් අනුරාධපුර යුගය) වශයෙන් ඉතිහාසඥයින් විසින් කොටස් දෙකකට බෙදා දක්වයි. අනුරාධපුර මුල් යුගය ලෙස ඔවුන් සඳහන් කරන්නේ ශී‍්‍ර ලංකාවේ සමාජ සංස්කෘතික සහ ආගමික අංශයන්වල පුනර්ජීවනයට හේතු වූ මහින්දාගමනය සිදු වූ දෙවනපෑතිස් රාජ්‍ය යුගයේ (කි‍්‍ර.. පූ. 3) සිිට අනුරාධපුර රාජධානියේත් ශී‍්‍ර ලංකා ඉතිහාසයේත් සුවිශේෂී යුගයක් සටහන් කළ මහසෙන් රාජ්‍ය යුගය (කි‍්‍ර.ව. 3) දක්වා වූ කාලයයි. අනුරාධපුර පසු යුගය හෙවත් පශ්චාත් අනුරපුර යුගය ලෙස ඔවුන් සඳහන් කරන්නේ රජුගේ රාජ්‍ය යුගයේ සිට අනුරපුර රාජධානියේ අවසන් පාලකයා වූ ඍ වන මිහිඳු රජුගේ රාජ්‍ය පාලන කාලය (කි‍්‍ර.ව. 1017) දක්වා වූ යුගයයි.

අනුරාධපුර මුල් යුගයේ සිදු වූ වැදගත්ම සිදුවීම් වනුයේ කි‍්‍ර. පූ. 3 වැනි සියවසේදී මෙරටට මිහිඳු හිමියන් විසින් බුදුදහම රැගෙන ඒමයි. එතෙක් විවිධ දෙවිවරුන්, ගස් ගල්, ජලය, ගින්දර ආදී ස්වභාවික වස්තූන් වන්දනා කළ වැසියන් බුදුදහම තුළින් ලැබුණු ආගමික හික්මීම සහ දැනුම ඔස්සේ මනා සංවර්ධිත ජාතියක් බවට පත්වූහ. එම යුගයේදීම මෙරටට ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීම ද සුවිශේෂී සිදුවීමක් විය. අනුරාධපුර මුල් යුගයේ සිටි දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වළගම්බා, වසභ, මහසෙන් වැනි ප‍්‍රබල රජවරුන් නිසා එම යුගයේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වූ අතර එය ලංකාවේ ආගමික, සාමාජික, ආර්ථික යන සෑම අංශයකින්ම දියුණු වීමට හේතුවක් විය. අනුරපුර මුල් යුගයේ මෙන්ම පසු යුගයේ ද දුර්වල රජවරුන් බලයට පත් වූ විට දේශීය හෝ විදේශීය ආක‍්‍රමණ එල්ල වී බලය පැහැර ගැනීමත්, රටේ පාලනය නිරන්තරයෙන් විවිධ දුර්වල රජවරුන් අතට පත්වීමත් නිසා අරාජික වීමක් දක්නට ලැබිණි.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife