නිවස අධ්‍යාපනික අධ්‍යාපනික නිකිණි මස වැදගත් දින

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
නිකිණි මස වැදගත් දින පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

නිකිණි මස වැදගත් දින

වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමට යොදා ගන්නේ මෙම මාසයයි. ඒ නිකිණි මාසය වර්ෂයේ අධිකතම ඉඩෝර මාසය වන බැවිනි. නි – කිණි යන නම මෙම මසට ලැබී ඇත්තේ වැසි - නැති යන අරුත් ඇතිවය. ජූලියස් සීසර් රජුගේ බෑණා වූ ඔගස්ටන් සීසර් අධිරාජ්‍යයා සිහිවීම පිණිස මෙම මසට “ඕගස්ට්” ලෙස නම් තබා ඇත. “ඕගස්ට්” සිංහලයට පරිවර්තනය වී “අගෝස්තු” ලෙස හඳුන්වයි.අගෝස්තු මස වැදගත් දින වලදී අපට මුලින්ම හමුවන්නේ අගෝස්තු මස 03 වන දාට යෙදෙන දහම් පාසල් දිනයයි. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ උපදෙස් මත 1880 පරම විඥානාර්ථ සමාගම මඟින් ඉරු දින දහම් පාසල් ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ඒ අනුව 1895 අගෝස්තු 03 වන දා ප‍්‍රථම දහම් පාසල ආරම්භ විය. හරවත් දැනුමක් මෙන්ම ධර්මිෂ්ඨ සමාජයක් බිහි වීමට බෞද්ධ, කි‍්‍රස්තියානි, හෝ වෙනත් ආගමක් අනුව හෝ දහම් පාසලෙන් ලබන දැනුම අප අගේ කළ යුතු වේ.අගෝස්තු 06 වන දාට යෙදී තිබෙන්නේ හිරෝෂිමා දිනයයි. 1945 අගෝස්තු මස 06 වන දා ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙලීම සිහිපත් කිරීම පිණිස සෑම වසරක දීම අගෝස්තු 06 වන දා හිරෝෂිමා දිනය සමරයි. මෙම පරමානු බෝම්බ හෙලීමේ පසු ප‍්‍රථිපල අදටත් එම ප‍්‍රදේශයේ දී දැක ගත හැකිය.

අගෝස්තු 09 වන දාට යෙදී තිබෙන්නේ ආදි වාසීන්ගේ ජාත්‍යන්තර දිනයයි. අවුරුදු දහදහස් ගණනක් පුරා කිසියම් රටක අඛණ්ඩව ජීවත් වන ජන සමූහය ආදි වාසීන් ලෙස හඳුන්වයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන වලට අනුව ආදි වාසීන් 70 කට වැඩි ප‍්‍රමාණයක් සිටිති. නමුත් මිලියන 300 කට අධික ආදි වාසීහු ප‍්‍රමාණයක් ලොව ජීවත් වෙති. මේ අනුව 1994 ආදි වාසීන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමට තීරණය කරන ලදී. ඒ අනුව සෑම වසරකම අගෝස්තු 09 වනදා ආදිවාසීන්ගේ ජාත්‍යන්තර දිනය ලෙස හඳුන්වයි.අගෝස්තු 12 වනදාට යෙදී තිබෙන්නේ ජාත්‍යන්තර තරුණ දිනයයි. රටක ජීවනාලිය බඳු තරුණ පරපුර රැක ගැනීමේ තවත් පියවරක් ලෙසට මෙසේ 1998 සිට තරුණ දිනයක් නම් කොට ඇත. 1999 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම මසකම 12 වන දින මෙසේ ජාත්‍යන්තර තරුණ දිනයක් නම් කරන ලදී.අගෝස්තු 13 වන දාට යෙදී තිබෙන්නේ ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනයයි. මවුකුස තුළ දී මෙස්ටෙස්ටරොන් නැමති හෝමෝනයේ විශෙෂිත කි‍්‍රයාකාරීත්වය හේතුවෙන් මොළයේ එක් විශේෂිත කොටසක් වෙනසකට භාජනය වීමෙන් මෙසේ වමත් කරුවන් බිහිවන බව 1980 දශකයේ දී ස්නායු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සොයා ගන්නා ලදී.

ලොව ප‍්‍රකට පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකු වන ඇමරිකානු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, රොනල්ඩ් රේගන්, ජෝර්ජ් බුෂ්, එසේම එළිසෙබෙත් මහරැජින, චාර්ල්ස් කුමරු, විලයම් කුමරු ද වමත් කරුවන් බව සඳහන් වේ.අගෝස්තු23 වනදාට යෙදී තිබෙන්නේ වහල් වෙළඳාම සහ එය අහෝසි කිරීම සිහිපත් කිරීමේ ජාත්‍යන්තර දිනයයි. වහල් වෙළෙදාම ශිෂ්ටසම්පන්න සමාජයක් අනුමත නොකරන බව තහවුරු කිරීමට සෑම වසරකම අගෝස්තු 23 වන දා මෙම දිනය යොදා ගෙන ඇත.අගෝස්තු 29 වන දාට යෙදී තිබෙන්නේ ඉස්ලාමීය කාන්තා දිනයයි. තම පියාගේ දැඩි පීඩනයකට ලක් වූ හසාර්ත් ෆාතිමා සහීරා කුමරියගේ උපන් දිනය මෙදිනට යෙදී තිබේ. ඇය අධ්‍යාත්මික කාන්තාවකි. මුස්ලිම් කාන්තාවන්ගේ දිරිය කතක් ලෙසට වර්තමානයේ ඇය හඳුන්වයි.

ශෂිකා ලක්මාලි පෙරේරා

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 12 වෙනි සෙනසුරාදා, 09:38