නිවස සත්තව සත්තව දේශීය මසුන්

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
දේශීය මසුන් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

දේශීය මසුන්

1.මෙහිදී දේශීය මසුන් ලෙස හදුන්වනු ලබන්නේ පිටරටවලින් ගෙන්වා අභිජනනය කරන ලද සුරතල් මසුන්ය. මොවුන් කාලයාගේ ඇවෑමෙන් මෙරටට ආවේනික මසුන් බවට පත්විය. එමනිසා මෙම මත්ස්‍යයින් දේශීය මසුන් ලෙස හැඳින්වේ. විශාල ලෙස මත්ස්‍ය ටැංකි සඳහා යොදා ගනු ලබන්නේ මෙම මසුන්ය. එවන් මත්ස්‍ය වර්ග කිහිපයක් පිළිබඳව අප සොයා බලමු.1. Gold Fish - විසිතුරු මත්ස්‍ය ලෝකයේ තවත් ජනප‍්‍රිය මත්ස්‍යයෙකි රන් මත්ස්‍යයින්. මොවුන් Gold Fish  ලෙස හඳුන්වයි. ඉතා අලංකාර මත්ස්‍යයින් විශේෂයක් වන මොවුහු විසිතුරු මත්ස්‍ය ලෝකයේ ඉතිහාස ගත නමක් දිනා ඇති මසුන් වේ. සෙමින් පිහිනන මොවුනට දිගැති වරලක් හිමිවේ.

2. Anabantids  - ඇනබැන්ටිඩ්ස්මොවුන් ඉතා අවිහිංසක මත්ස්‍ය වර්ගයකි. බිත්තර දමන මත්ස්‍යයින් වන මොවුන්ගේ පැටවුන් රැක බලා ගැනීම සිදුකරනු ලබන්නේ පිරිමි සතුන් විසිනි. ළාබාල මත්ස්‍ය පැටවු ප‍්‍රමාණයෙන් ඉතා කුඩා වේ. එනිසා ඔවුන්ගේ ආහාරවල ප‍්‍ර‍්‍රමාණයද ඉතා කුඩා කර ලබා දිය යුතුය.

3.Cechlids  -  චිව්ලිඩ්ස් - මධ්‍යම, දකුණු ඇමරිකාවේ බහුල ලෙස වෙසෙන මෙම මත්ස්‍යයින් ලොව ප‍්‍රකට විසිතුරු මත්ස්‍ය වර්ගයක් වේ. එසේම අප‍්‍රිකාවේ ද මොවුන් විශේෂයෙන් දැකගත හැකිය. එම මත්ස්‍යයින් පැහැයෙන් තද වර්ණයක් උසුලයි. සුරතල් මසුන් ලෙස මොවුන් ඇතිකරන විට බොහෝවිට තමන්ව හදා වඩා ගන්නා ස්වාමියා හඳුනන මත්ස්‍යයෙක් ලෙසට මොවුන් ප‍්‍රකටය. කොතරම් හිලෑ සතකුවේද කිවහොත් අතට ගෙන සුරතල් කිරීමට පවා මෙම සතුන් අවස්ථාව දෙයි.

4. ගුරාමියා - විසිතුරු මත්ස්‍ය ලෝකයේ තවත් ජනප‍්‍රිය මසුන් වර්ගයක් ලෙස ගුරාමියා හැඳීන් විය හැකිය. මොවුන්ගේ ප‍්‍රභේද කිහිපයක් දැකිය හැකිය. මුතු ගුරාමියා, කුරුමිටි ගුරාමියා, යෝධ ගුරාමියා, තුන් තිත් ගුරාමියා ඒ අතර වේ. මොවුන්ගේ නිජ බිම තායිලන්තය ලෙස සැලකේ. මුතු ගුරාමියා ඉතා අලංකාර මත්ස්‍යයෙකි. මොහුගේ ශරීරයේ සිහින් තිත් පිහිටා ඇත. එසේම තිත් ලේස් රෙදි මෙන් විනි විද පෙනෙන බැවින් මොවුන් ලේස් ගුරාමියා ලෙසද හඳුන්වති. මොවුන් පැටවුන් දමන මත්ස්‍ය විශේෂයකි.

5. කුරුමිටි ගුරාමියා- ඉන්දියා සම්භවයක් ඇති මත්ස්‍යයෙක් ලෙස කුරුමිටි ගුරාමියා හැඳීන්විය හැකිය. නිල්, රිදී, රතු යන වර්ණ වලින් අලංකාර වී ඇති මොවුහු කුඩා කල වැඩි වශයෙන් මරණයට ගොදුරු වේ.

6. යෝධ ගුරාමියා- ගුරාමි පවුලේ විශාලතම ගුරාමියා වේ. දිගින් සෙ.මි. 60 ක් පමණ වන මෙම මත්ස්‍යයින් මහා සැන්ඩ‍්‍රා දූපත්වල දැකිය හැකිය.

7. තුන් තිත් ගුරාමියා- ලා සහ තද නිල්පාට වර්ණ වලින් යුතු ගුරාමියා තුන් තිත් ගුරාමියා වේ. මොවුන්ගේ පෘෂ්ඨයේ එක දිගට තිත් තුනක් පිහිටා ඇති අතර ඉන් එක තිතක් වන්නේ මොහුගේ ඇසයි. වරකට පැටවුන් 50 ක් පමණ දමන අතර මොවුන් පළල් පත‍්‍ර සහිත ශාකවල පත‍්‍රයේ යටි පැත්තේ කූඩු තනති.

8. Sword Tail  - මෙසේ තවත් විසිතුරු මත්ස්‍යයකි Sword Tail මත්ස්‍යයා. මොහුගේ උපත මෙක්සිකෝවේ වේ. තියුණු දාරයක් සහිත වරලක් හිමි මොවුනගේ ශරීරය රතු, තැඹිලි, කහ, රිදී, කොළ ආදී වර්ණයන් ගෙන් අලංකාර වී ඇත. බැලූ බැල්මට මොවුන් සටන්කාමී මත්ස්‍යයකු ලෙස පෙනුණද සැබවින්ම මොවුන් ද අවිහිංසක වේ.

 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife